
(යොහාන් භාසුර)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටව ගොස් ඇති බවත් ජනාධිපතිවරයා බදාදා (13 වැනිදා) වන විට යළි ශ්රී ලංකාවට පැමිණෙන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන බීබීසී යට ප්රකාශ කර තිබේ.
ජනාධිපතිවරයා ආසන්න රටක සිටින බව ද එහිදී කථානායකවරයා පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයේ පැන ගිය කෙනෙකු ආයේ එන්නේ මොන එහෙකටද? ආයෙමත් මේ රටේ ඉතිරි ටිකත් කාබාසිනියා කරන්නද? ගිනි අවුල වන්නද? ඉන්නා රටේ සිට අස්වීමේ ලිපිය කතානායකට එව්වා නම් හරි නේද? ලැජ්ජාවක් කියා. දෙයක් ඇත්තේම නැහැ.
කතානායකතුමත් මරු. හරියට අන්දරේ වගේ. ආසන්න රට කෙසේ වෙතත් ආසන්න මුහුදේ ජනපතියා ඉන්නවා කියලයි ආරංචි...
ආ.. ඇත්තද? ඒ කියන්නේ මෙතෙක් නොකිව්වේ කටේ පිට්ටු තිබ්බද? ඔහෙත් කළේ රාජපක්ෂලාට කඩේ යෑම... මේ දේ ඒ රටට නොකිව්වේ? ජනාධිපති අස්වෙන්න කිව්වා නම් කෝ ලිඛිත සාක්ෂි? මේ රට වැටුණු අගාධයට කතානායකත් වගකිව යුතුයි.
අනේ මෙහෙමත් බයගුල්ලෙක්... අනේ මෙහෙම ආශාවක්..! මිනිසුනි, ලැබේද ඉන් සැනසීමක්...!
මෙයා කියන දේ මේ මහ පොළවේවත් නැහැ..
ඒවා බොරු මහත්තයෝ. ඔය කතාව අර කොන්ඩේ බැඳපු කෙනෙක් හොයාගත්තොත් එයාට කියන්න. නැත්නම් බදාදාට කලින් මොනවා හරි දෙයක් කරන්න සූදානමක් තියෙනවාද?
ඊයේ හැන්දෑවරුවේ සූම් තාක්ෂනයන් පැවැත් වූ ආරක්ෂක මණ්ඩල රැස්වීම් කළ යෝජනා ප්රතික්ෂේප වෙන්න ඇති එහෙනම්... අපට නම් ආරංචියි රත්මලානේ සිට කටුනායකට හෙලිකොප්ටර් යානාවකින් ගිහින් එතැනින් ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් AN 32 වර්ගයේ ගුවන් යානාවකින් ළඟ පාත රටකට යනවා කියලයි. එතැනින් ඩුබායිවලට යන බවත් කියනවා. ආපහු එන්න නම් රටින් යන්න ඔච්චර වලි කන්න ඕනෑද?