IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


74 මවගේ 47 පෙම්වතා එල්ල කළ පිහි පහරින් පුතා මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

හැත්තෑහතර වියැති මවක සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව කියන 47 ඇවිරිදි අවිවාහකයකු එල්ල කළ තියුණු ආයුද ප්‍රහාරයකින් එම මවගේ පුතා මරණයට පත්ව ඇතැයි මුන්දලම පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ එස්.එම්.චාමර රුවන් නමැති 28 හැවිරිදි එක්දරු පියෙකි.

සැකකරු පිහියත් රැගෙන පලා ගොස් ආමුකුලිය ප්‍රදේශයේ සැගව සිටියදී දැඩි ප්‍රයත්නයක් දරා අතඅඩංගුවට ගත් බව කියයි. සැකකර මීට පෙර ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයකු බවත් වසර ගණනක් සිරගතව පැමිණි අයකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

අලව්ව ප්‍රදේශයේ පදිංචි මියගිය එක්දරු පියා මිට දින කිපයකට පෙර තම සොහොයුරිය පදිංචි කල්පිටියට පැමිණ සිටියදී මවගේ මෙම අනියම් පෙමට එරෙහි වීම නිසා ඇති වූ ගැටුමකින් පසු තියුණු ආයුද ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි. මෙම ඝාතනය කළ බව කියන තැනැත්තා සමග පවත්වාගෙන යන සම්බන්ධය නවත්වන ලෙස 72 හැවිරිදි මවට පැවැසූ අවස්ථාවේ මෙම දෙදෙනා අතර ඇති වූ වචන හුවමාරුව ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත.

එම බහින් බස් විමත් සමග එකවරම මෙම සැකකරු කාන්තාවගේ පුතාට පිහි ප්‍රහායක් එල්ල කර ඇති අතර  සැකකරු පලා ගොස් තිබු බව පොලිසිය පවසයි.

පිහි ප්‍රහාරයකට ලක්වු තරුණයා කඩිනමින් පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර තිබුනද ඒ වන විටත් මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මෙයට පෙර මිගමුවේ තිදෙනකු ද පොලොන්නරුවේ එක් අයකු ද පුත්තලම කරිකට්ටයේ එක් අයකු ද ඇතුළුව ඝාතන පහකට ප්‍රධාන සැකකරුවක් බවත් මිගමුවේ ඝාතනවලට වසර 20ක් බන්ධනාගාර ගතව පැමින සිටියදි මෙම ඝාතනය සිදු කර ඇති බව කියයි.

 



අදහස් (13)

74 මවගේ 47 පෙම්වතා එල්ල කළ පිහි පහරින් පුතා මරුට

පිටිගල මිලානෝ Tuesday, 19 October 2021 12:35 PM

මට අර වරදෙ නොබැදෙන ලදුන් ලොව නැත කියපු ගීතය මතක් වුනා.

:       4       13

සිරිබිරිස් Tuesday, 19 October 2021 12:35 PM

74 මවට, 47 පෙම්වතෙක්? නරකම නැහැ. වෙනස අවුරුදු 27 නේද ?

:       1       9

Senarath Tuesday, 19 October 2021 12:35 PM

පව් අහිංසකයා. මෙහෙම මවක් ලබන්න තරම් පවක් කරලා තියෙනවා

:       0       19

Nihal Tuesday, 19 October 2021 12:48 PM

අනේ මෙහෙමත් අම්මලා

:       0       15

රාවණා Tuesday, 19 October 2021 12:50 PM

අවුරුදු 74 මව්තුමියට දැන් මොනවා හිතෙනවා ඇතිද, තමා දරුවා මෙලොව හැර ගොසින්, ආදරණීය පෙම්වතා හිරේ විලංගුවේ

:       0       14

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 19 October 2021 01:02 PM

ජීවිත පහක් මරලත්, හිරෙන් නිදහස් වෙලා. තවත් ජීවිතයක් බිළිගත්තා. අහෝ නීතිය ..

:       0       1

NIHAL Dharmatileke Tuesday, 19 October 2021 01:17 PM

මිනීමරුවන් නිදැල්ලේ හැසිරීම, නිදහස් වීම අද ලංකාවේ මෝස්තරයක් වෙලා.

:       0       0

කිරි පුතා Tuesday, 19 October 2021 02:04 PM

අපේ රටේ වැරදි කරන මිනිසුන් ට හරි හමන් නීතියක් නැතිකමයි සියල්ලට මුළ. ඕනෑම වැරදි කරුවෙක් එළියට ගැනීමට සල්ලි ලබාගෙන තර්කයෙන් දිනන කොටසක් යෙහෙන් වැජඹෙන අතර , නීතියේ හිඩැස්වලින් රිංගා එන වැරදි කරුවන් නැවත නැවත වැරදි කරමින් සමාජය තුළ වෙසේ. ඔවුනට දඩමීමා වන්නේ අහිංසකයින්ය. මේ තත්ත්වය වෙනස් වේ යැයි සිහිනවකින්වත් නොසිතමි.

:       0       0

raheem Tuesday, 19 October 2021 02:16 PM

දෙයියො සාක්කි ඉලක්කම් මාරුවෙලා පෙනිලද කොහෙද

:       0       5

බද්රානි Tuesday, 19 October 2021 04:26 PM

"කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය" කියන එක තමයි මට නම් ලියන්න තියෙන්නේ. අනික ඉතින් මේක ලෝකේ උතුම් රට සිරි ලංකාව නිසා ඒ කියමනේ වලංගු භාවය දහ ගුණයකින් වැඩියි.

:       0       4

damith Tuesday, 19 October 2021 05:26 PM

සාක්ෂි නෑ කියලා ආපහු නිදහස් කරමු නේද? එතකොට තව දෙතුන් දෙනෙක් මරන්න පුළුවන්නේ.

:       0       0

fairoos Tuesday, 19 October 2021 05:47 PM

මිනීමැරුම් 5ක් කරත් මිනිස්සු එළියේ ලංකාවේ නීතිය ඕක තමා.

:       0       0

Nihal Tuesday, 19 October 2021 11:55 PM

ලංකාවත් දැන් බටහිර රටවල් ගානට වැටිලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 646 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 833 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 359 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site