(ගයාන් සූරිය ආරච්චි සහ ශාන්ත ප්‍රදීප් කුමාර)

පිටකෝට්ටේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණ කාර්‍යාලයක් වටලා ව්‍යාජ මුදල් නෝට්ටු 14 ක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත්් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිදිිදි පුද්ගලයෙකි.

සැකකරු කොමියුනිකේෂන් ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු හතක්, ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු හයක් සහ ව්‍යාජ පන්සියේ නෝට්ටුවක් විමර්ශන නිලධාරීහු සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

(ඡායා ශාන්ත ප්‍රදීප් කුමාර)