IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


40 වසරක අභිමානය සමරන්න කමාන්ඩෝ බලකාය පා ගමනක

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ඔගස්ටීන් ප්‍රනාන්දු)

යුද හමුදා කමාන්ඩෝ බලකායට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් ලබන 08 වැනිදා ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවයට සමගාමීව  සංවිධානය කරන ලද පා ගමනක් යුද හමුදා කමාන්ඩෝ භටයින්ගේ සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (05) හලාවත නගරයෙන් ආරම්භ විය.

හලාවත, මහනුවර සහ ගාල්ලේ සිට කමාන්ඩෝ භටයින් සහ නිලධාරීන් කණ්ඩායම් තුනක් 07 වැනිදා සවස ගනේමුල්ලේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තුව වෙත ළගා වීමට නියමිතව ඇත.

එම කණ්ඩායම් තුනම 08 වැනිදා පෙරවරුවේ ගනේමුල්ලෙන් පා ගමන ආරම්භ කර කොළඹ ගාලු මුවදොර පිටිය වෙත ළඟා වීමට නියමිතව ඇත.

අද (05) වෙන්නප්පුව- බෝලවත්ත දක්වා මෙම පිරිස පා ගමනින් ගමන් කළ අතර හෙට (06) යළිත් පා ගමන ආරම්භ කිරීමට නියමිතය.

කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් උපුල් පිලපිටිය, බ්‍රිගේඩියර් උපාලි රාජපක්ෂ, කර්නල් සංඛ ජයලත් යන මහත්වරු ද මෙම පාගමනට එක්ව සිටියහ.

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 

 (ඔගස්ටීන් ප්‍රනාන්දු)



අදහස් (8)

40 වසරක අභිමානය සමරන්න කමාන්ඩෝ බලකාය පා ගමනක

Kumar (Gulf) Thursday, 05 March 2020 08:12 PM

උත්තමාචාරය ඔබටයි

:       1       765

Keppetipola Friday, 06 March 2020 12:14 AM

අපේ වීරෝධාර කොමාන්ඩෝ බලකාය දුටුවම සිතට මහත් ආඩම්බරයක්, අභිමානයක්, තේජසක් දැනෙනවා. පෙර රජ දවස විරුවන් ඔබයි. රට දැය සුරකින වීර පුතුන්ට සියලු රට වැසියන්ගේ උත්තමාචාරය. සියලු දෙවි රැක වරණය ලැබේවා!

:       208       1149

upali Friday, 06 March 2020 06:06 AM

වැඩේ නියමයි. ඈත පවතින අධික උෂ්ණය නිසා අත්කොට ට ෂර්ට් එක්කක් ඇන්දම පා ගමන වඩාත් පහසුයි.

:       45       21

Kamal Kularatne Friday, 06 March 2020 06:55 AM

සංවත්සර සැමරුම් තිබිය යුතුයි. නමුත් මේවා එක්තරා ආකාරයක විහිලු හා විකාර කියලත් හිතෙනවා. නරකද මේක චාමෙට තියලා, අර නාස්තිකරන මුදල්, කාලය හා ශ්‍රමය ඵලදායි වැඩකට යෙදෙව්වොත්? ගනේමුල්ලේ ඉඳලා වාහන කීයක් අද හලාවතට ගියාද? හවසට මේ අයව අරගෙන යන්න තව කීයක් වාහන යනවද? හෙට කීයක් යනවද? පාරවල් බ්ලොක් කරගෙන... මේ වගේ විහිලු තව කීයක් අපේ රටේ වෙනවද?

:       1222       172

nishantha ranesh Friday, 06 March 2020 09:33 AM

දුටු විට නෙතට මතුවන තුටු කදුලු පොද... පවසන රහස අගයන මම කරමි නද... ඔබ රැකි මේ බිමේ අභිමන පෙරට ගෙන... සිහලුනි හැකි නොවෙද එක්වන්නට එක පෙලට...

:       2       232

p.d goonawardena Saturday, 07 March 2020 03:25 AM

උත්තමාචාරය ඔබටයි...

:       1       4

Chintha Saturday, 07 March 2020 02:58 PM

කමෙන්ට් ටික සහ ප්‍රතිචාර බැලුවාහම ලංකාවේ ඉන්න ගුණමකුවන් ගණන ඉලක්කමෙන්ම බලාගන්න පුලුවන්.

:       2       0

විකුම් රංගන Saturday, 07 March 2020 08:32 PM

අසරණ අහිංසකයින් ඉදිරියේ පමණක් කොන්ද කෙලින් තියාගෙන රඟන,පාලකයින් ඉදිරියේ දන නවන වැඩ්ඩු. අසරණ ජනතාවගේ මුදලින් දුෂිත පාලකයින් රකින නුගත් මුර බල්ලෝ.

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 164 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site