IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘2025 දී ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාවෙන් සියයට 50ක් සපයනවා’

ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් 2025 වනවිට සැපයීමටත්, 2030 වනවිට ඩොලර් බිලියනයක අපනයන ආදායමක් ඉපැයීමටත් සහතික වන බව ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ශ්‍රී ලංකාවේ දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තයට වසර 65ක් පිරීම නිමිත්තෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, සංගමය මේ බව පැවසීය.

දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තය හා සම්බන්ධ ප්‍රධානම පෞද්ගලික ඖෂධ නිෂ්පාදන සමාගම් 10ක් සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ ඖෂධ මිලදී ගැනීමේ ගිවිසුම් සඳහා එළඹ සිටින අතර වර්තමානයේදී රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයන්හි ඖෂධ අවශ්‍යතාවයෙන් 24%ක් සම්පූර්ණ කිරීමට,  ඒ හරහා හැකිවී තිබේ. එමගින් වාර්ෂිකව රට තුළ ඉතිරි වන විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 30ක් පමණ වන බව ද ගණන් බලා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ අත්සන් කර ඇති මෙම ගිවිසුම් ප්‍රකාරව, දේශීය ඖෂධ නිෂ්පාදකයෝ මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 88ක් නිෂ්පාදනය කිරීමේ නිරතව සිටිති. 2014 වසරේදී එම ගිවිසුම ඇති කරගනු ලැබුවේ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වය යටතේ සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍යංශවල සහයෝගීතාවයෙනි. ඒ හරහා දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් 10%ක් සම්පූර්ණ කරගැනීම මූලිකව අරමුණු කෙරිණි. මෙම සමාගම් 10 හරහා වාර්ෂිකව අපනයනය කෙරෙන ඖෂධවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 10කි.

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ ඉලක්කය වී ඇත්තේ වර්ෂ 2025 වනවිට දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් සපුරාලීම ය. ඒ යටතේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 300කට අධික ප්‍රමාණයක් දේශීයව නිපදවීමටත්, වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ විදෙස් විනිමය ප්‍රමාණයක් වාර්ෂිකව රට තුළ ඉතිරි කරගැනීමටත් අපේක්ෂිත ය. ඊට අමතරව එම කාලය තුළ සෑම වසරකම ඩොලර් මිලියන 100ක විදෙස් විනිමය ප්‍රමාණයක් ඖෂධ අපනයනය හරහා රටට උපයා දීමටත්, 2030 වසර වනවිට එම ප්‍රමාණය වාර්ෂිකව ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමටත් සංගමය බලාපොරොත්තු වේ.

ඖෂධ පෙති වර්ග, කරල්, දියර ඖෂධ, ඩ්‍රයි පවුඩර් සස්පෙන්ෂන්ස්, ඩ්‍රයි පවුඩර් ඉන්හේලර් කැප්සියුල්, මාත්‍රාව මැන බැලිය හැකි ඉන්හේලර්, නේසල් ස්ප්‍රේ, කැප්සියුල තුළට ඇතුළු කරන පෙලට්ස්, ආලේපන වර්ග, සහ ඩ්‍රයි පවුඩර් ඉන්ජෙක්ටබල් ආදී විවිධ ඖෂධ වර්ග නිපදවීමේදී මෙම අන්තර්ජාතික සබඳතා ද මහත් සේ ප්‍රයෝජනවත් වී ඇත. විශේෂයෙන්ම කැප්සියුල තුළට ඇතුළු කරන පෙලට්ස්, සෙෆලෙක්සින් කැප්සියුල්, සෙෆලෙක්සින් ඩ්‍රයි පවුඩර් සස්පෙන්ෂන් බෝතල් සහ ආඝ්‍රාණය කිරීමට ගන්නා මාත්‍රාව මැනිය හැකි ඩ්‍රයි පවුඩර් කැප්සියුල් ආදිය ඒවාටම වෙන් වූ කර්මාන්තශාලාවල නිෂ්පාදනය කෙරේ. 



අදහස් (2)

‘2025 දී ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාවෙන් සියයට 50ක් සපයනවා’

sharm warn Thursday, 18 February 2021 02:04 PM

ඇයි එච්චර කල් ඉන්නේ? පස්සේ ඒක විකුණලා තව අවුරුදු 5ක් ඉල්ලන්නද සැලසුම? අනේ මේ වගේ පාලකයොයි.. ඒ අයටම හරියන හෙංචයියොයි..

:       4       5

Ras Friday, 19 February 2021 03:06 AM

අපේ දෙශීය වෙදකමේ ඖෂධත් නිසිවිදිහට පරීක්ෂා කරලා අපනයන වෙළෙඳපළට දැම්මා නම් විශාල අදායමක් ලබාගන්න තිබ්බා. නමුත් අවාසනාවකට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමහර ඉහළ නිලධාරින්ගේ කෙටි කාලීන වාසි අපේක්ෂාවත්, මෝඩ උද්දච්චකමත්, පරගැති කමත් නිසා රටක් විදිහට දියුණු වෙන්න තියෙන අවස්ථාවක් අපි අහිමිකරගෙන තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site