IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


2000 සුදුස්සන්ගේ නාම ලේඛනය හදා අවසන්

(ඩයනා උදයංගනී)

නිරෝධාන ඇඳිරි නීතිය පැනීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2000 දීමනාව ලබාදීමට නිර්දේශ කරන පුද්ගලයන්ගේ නාමලේඛන මේ වන විටත් සකස් කර ඇතැයි වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

ජීවනෝපාය අහිමි වූ සියලු ජනතාවට ලබාදෙන මෙම දීමනාව අක්‍රමිකතාවලින් තොරව විධිමත් ක්‍රමවේදයක් යටතේ ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇතැයි ද චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එම දීමනාව ලබාදීම සඳහා රට පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල සූදානම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

ඊට අදාළ නාමලේඛන ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සකස් කර ඇතැයි ද ඇමතිවරයා කීවේය.

මීට අදාළ මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කිරීමෙන් පසු කඩිනමින් අදාල පුද්ගලයින්ට ලබාදීමට නියමිත බව ද ඇමති චමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ගේ සහයෝගයෙන් අදාළ පිරිස් වෙත මෙම දීමනාව ලබාදීමට නියමිත බව ද ඇමතිවරයා කීය.

 



අදහස් (7)

2000 සුදුස්සන්ගේ නාම ලේඛනය හදා අවසන්

Sri Lanka Sunday, 22 August 2021 07:37 PM

ලොකු දෙයක් දවසකට 2000ක් පිංසිද්ධ වෙනවා.

:       1       5

Ratne Sunday, 22 August 2021 08:29 PM

අද පවතින බඩු මිල අනුව මේ රු. 2000 විහිළුවක්නෙ. කෙසේ වෙතත්, සතොස මඟින් රු. 1998 ක මිලකට සකසන බවට සඳහාන් බඩු මල්ල බැගින් තෝරාගත් පවුල් වලට ලබා දෙන්නේ නම් එය වඩාත් සුදුසු යැයි සිතමි. එමඟින් සතොස ආයතනයට ද යම් ආදායමක් ලැබෙනු ඇති මෙන්ම, ජනතාවට පරිබෝජනයට ඉතා හොඳ තත්්ත්වයේ භාණ්ඩ ලබා දීමට වග බලා ගතයුතුය.

:       0       15

විපරමා Sunday, 22 August 2021 09:39 PM

හෙල්පින්ග් හම්බන්තොට, සිරිලිය ගිණුම, ආච්චිගේ මැණික් මල්ල, කොටින්ගෙන් අල්ලගත්තු රත්තරන්, සහෝදර සමාගම ගසාකාපුවා කොච්චර තියෙනවාද..?

:       0       4

nihal Monday, 23 August 2021 04:42 AM

කොරෝනා නැති කාලේ ඔවුන් උපයාගත් දේවල් සංචිත ලෙස ඇති නිසා බොහෝ රටවල මුළු රටේම මිනිසුන්ට ආදායම් භේදයකින් තොරව ලක්ෂ ගනන් බැංකු පොත් වලට දැම්මා. අපේ රටේ එහෙම ඉතුරුම්ඇත්නම් ඒවා ඇත්තේ රටේ සංචිත වලනම් නෙමෙයි.

:       0       3

Perera Monday, 23 August 2021 06:15 AM

බොහෝ දුරට ඔයා සුදුසන්ගේ නම් ලැයිස්තුවේ ඉන්නවා ඇත්තේ.

:       0       3

මසිරිපාල Monday, 23 August 2021 06:40 AM

මොකක්ද මේ හැමදාම හදන ලැයිස්තු මෙලෙස අවැසි පිරිස් ගැන සැමදා ලැයිස්තු සකසන්නේ කුමන පදනමෙන්ද

:       0       2

Nuwan Monday, 23 August 2021 11:11 AM

ඕකේ සරම් ඇඳපු චීන්නු කීයක් ඉන්නවද දන්නේ නැහැ !

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site