(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම කුරුන්දන්කුලම් වැව අසල පිහිටි ගණදෙවි කෝවිලක් සිදු කරන ලද කැනීම්වලදී 13 වැනි සියවසට අයත් ඉපැරණි ගණදෙවි පිළිමයක් හා නටඹුන් කිහිපයක් හමු වූ බව යාපනය පුරාවිද්‍යා දෙපාර්තමේනුතු කාර්යාලය පවසයි.
කුරුන්දන්කුලම් වැව අසල පිහිටි මෙම ගණදෙවි කෝවිලේ කැනීම් කටයුතු යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය හා යාපනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාල නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.
පසුව සිදුකරනු ලැබූ කැනීම්වලදී එහි තිබී හමු වූ ගණ දෙවි පිළිමය පරික්ෂාවට භාජනය කිරීමෙන් යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය බී.පුෂ්පරත්න මහතා විසින් පරික්ෂාවකට භාජනය කර ඇති අතර ඔහුද එම ගණදෙවි පිළිමය 13 වන සියවස දක්වා ඉපරණි ඉතිහාසයක් ඇති බවට සැක පළ කර තිබේ.
කෙසේ වෙතත් අදාළ ගණ දෙවි පිළිමය හා අනෙකුත් පුරාවිද්‍යා නටබුන්හි නිශ්චිත කාල නිර්ණයක් සිදු කර නොමැති බවත් එහි පරීක්ෂා කිරීම් කටයුතු ඉදිරියේ දී සිදු කිරීමට බලාපොරොත්තු වන බවද යාපනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටී.


2025 දෙසැම්බර් මස 04
540
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
486
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
13 වැනි සියවසට අයත් ඉපැරණි කෝවිලක් හා ගණදෙවි පිළිමයක් හමුවෙයි
Asanka Thursday, 18 July 2019 08:16 AM
මන්නාරම කුරුන්දන්කුලම් කැණීම් කරන්න කලින් මහ පිරිත් පොතේ සඳහන් විහාර අස්න හෙවත් නම්පොතේ සඳහන්වෙන වෙහෙර විහාර ටික කෝ කියලා පෙන්නන්න.
හිත හොඳ තම්බියා Thursday, 18 July 2019 08:43 AM
මේකත් බෞද්ධ එකක් වෙන්න පුළුවන්... ඥාණසාර හිමිව යවලා බලමු..