(මනෝජ් හර්ෂික)
දකුණු පළාත් සංචාරක කලාපවල ෆේස්බුක් සාද පැවැත්වීමට අවසර ලබා දීමේදී කිසිදු පාලනයකට යටත් නොවී ඒවා පාලනය කිරීමේ සම්පුර්ණ වගකීම ආරක්ෂක අංශ සතුයැයි දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා අද (22) සඳහන් කළේය.
දකුණු පළාත් ආරක්ෂක කමිටු රැස්වීමේදී ආරක්ෂක අංශයන් දැනුවත් කරමින් ආණ්ඩුකාරවරයා මේ බව කීය.
ෆෙස්බුක් සාද මුවාවෙන් සිදු කරන මත්ද්‍රව්‍ය භාවිත සැණකෙළි නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගන්නා ලෙසද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙසේ ද කීය.
“ෆේස්බුක් සාද සඳහා අවසර ලබා දෙන විට කිසිදු බලපෑමකට යටත් වන්න එපා.මේවා පාලනය කිරීමේ සම්පුර්ණ වගකීම ආරක්ෂක අංශයන් සතුයි.මම මේ පළාතේ ඉන්නකම් මත් කුඩු ජාවාරම්කරුවන්ට කිසිදු සමාවක් නැහැ.ආරක්ෂක අංශයන් එකතුවෙලා මේ උවදුර මැඩලිය යුතු යැයි ගුණසේකර මහතා එහිදී“ පැවැසීය.
COMMENTS
හැම එකම අල්ලගන්නේ වැරදි තැනින්. ෆේස්බුක් කියන්නේ තවත් එක් මාධ්‍යක් විතරයි. අවශ්‍ය වෙන්නේ සාද සංවිධානය කිරීම සහ ඒවා පැවැත්වෙන තැන් නියාමනය කිරීම හෝ ක්ෂනික පරීක්ශා වලට ලක්කිරීම.
ෆේස්බුක් සාද පාලනය කිරීම වැරදියි. කළ යුත්තේ මෙවැනි සාදවල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය කිරීම පාලනය කිරීමයි. තරුපහේ හෝටල්වල සාද තියෙන එක හොඳද? මේ රට සෞදි අරාබියාවක් විය යුතුද?
මෙතන කව්රුවත් කියල නැහැ , මම හිතන්නේ නැහැ කියාවි ය කියලත් වත පොත -නැත්නම් මුහුණු පොටහ හොඳ නැහැ කියල ප්‍රශ්නේ තියෙන්නේ එකෙත් අල්ල ගන්නේ " වැරදි තැනින් " පහුගිය දිනවල මීගමුව පැත්ත ගිනි තිව්වෙත් ඕකේ හිටිය හාදයෙක් තමයි . මේක භාවිතා කරලා මත්කුඩු සාදා වගේ දේවල් කරන එකයි වැරදි . ක්‍රියාත්මක වෙයිද නැත්ද දන්නේ නැහැ නමුත් මේ කතාව හුන්ගකාලෙකට පස්සේ දේශපාලකයකුගෙන් අහන්න ලැබුන හොඳ කතාවක්