(අංජුල මහික වීරරත්න)
ලංකාව බංකොලොත් වෙමින් පවතින රටක් බවට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ලොව ප්‍රමුඛ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය පවසන දේ බොරු යැයි කීමට ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සදහන් කළේය.
රටේ දැනට පවතින විදේශ සංචිත ගත්විට ලබන ජනවාරි 18 දා තීරණාත්මක බව කී විජයවර්ධන මහතා එදිනට ඩොලර් මිලියන 500 ක ණයක් ගෙවීමට තිබෙන බවද කීවේය.
රට බංකොලොත්වීමේ ප්‍රතිඵල පෙන්වා දෙමින් මේ වන විටම රටෙි කිරිපිටි හිඟයක් නිර්මාණය වී ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.
බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.
COMMENTS
ෆිච් එක මේ ගොල්ලන්ට උදව් කරනවද? නැතිනම් මේ ගොල්ලෝ ෆිච් එකට උදව් කරනවද?
රණින් නිමවූ රුවක් ඇති මම ගල් ආඳා කියන කරුණු ඔහේලාට තේරෙන්නේම නැද්ද හැබැට..? සරලවම කියන්නම්කෝ අපි, මීහරක් පට්ටියේ බලයේ හිටියා නම් මේ රට ඩොලර්වලින් සුඛිත මුදිතකර ඇමෙරිකන් කාරයාටත් ඩොලර්වලින් ණයදෙනවා කියන එක... දැන්වත් ඔහේලට තේරෙනවාද? ඒ නිසා ලබන සැරේවත් අපිට දියවන්නාව මීහරක් පට්ටියේ බලය දෙන්න හොඳේ?
එයාලගෙ කාලේ රටට කෙලවෙනකොට මෙයාල කිරිබත් කනවා. මෙයාලගේ කාලේ රටට කෙලවෙනකොට එයාල කිරිබත් කනවා. දෙගොල්ලෝම එකතුවෙලා රට වලපල්ලට යවලා ඔවුන් ඔක්කොම ගොඩ ගිහිල්ලා...