බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් රජ පවුලේ භූමිකාවෙන් ඉවත්ව නිදහසේ වාසය කිරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබේ.
මෙම ප්‍රකාශයෙන් හැරී කුමරුගේ මිත්තනිය වන එලිසබත් රැජිණ පුදුමයට පත්වී ඇතැයි ද වාර්තා වේ.
මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට ද වැඩිකාලයක් උතුරු ඇමරිකාවේ ගතකිරීමට ද යුවල තීරණය කර ඇත. ගෙවී ගිය වසර හැරී කුමරුට කළබලකාරී වසරක් වූ අතර ජනමාධ්‍ය සමඟ සහ සිය වැඩිමහල් සොයුරු විලියම් කුමරු සමඟ මතභේදයන් ද ඇතිකරගත් බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
දීර්ඝ සාකච්ඡා වලින් පසුව මෙම තීරණයට එළඹි බව හැරී කුමරු පවසා තිබේ.
මිත්තණිය, පියා සහ සොහොයුරා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම පියවර සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු ලබාදෙන බවත් හැරීකුමරු පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගන් සහ ඩයනා ඉතා කිට්ටු මිතුරියන්.. මේගන්ට ඩයනාට සිදුවුණු දේ ගැන හිතනකොට කෝකටත් වයසක අයගෙන් ඈත්ව ඉන්න එක ඇඟට ගුණයි කියලවත් හිතුණද?
අපේ උන්දැත් එනකොට කිව්වේ ඔයාලගේ පව්ලට එකතු වෙලා එකාවගේ ඉම්මු කියලා. කොහොමින් කොහොමින් හරි මාව උන්දැලාගේ ගෙදර බින්න බස්සගත්තා. කොයි කොයි තැන්වලත් එහෙම්මම තමයි. ආයේ රජපවුල් කියලා වෙනසක් නැහැ.
කරන්න තිබුනෙ රාජකීය ලේබල් එකත් ගහගෙන ඔලුව උදුම්මවාගෙන මොනම ක්‍රමයකින් හරි කීයක් හරි හොයා ගන්න. එසේ නොකළ ඔබ දෙපල නියම රාජකීයයන්ය.
මෙන්න මිනිස්සු. කිසිම බල තණ්හාවක් නැහැ.
හැරී ඔබ බුද්ධ දර්ශනය හදාරන්න. අත් හැරීම සිත නිදහස් කරයි. තියෙන කෙනා අත් හැරීම තමා වැදගත්ම වෙන්නේ. සුභ පැතුම් !
රාජ කුමාරිකාවකට සම්බන්ධ වුණානම් රාජකීයකම හිතේ තියේවි. එ් නිසයි අපිත් විවාහයේදී කුල, ගෝත්‍ර සොයන්නේ... පාරම්පරිකව එන ආවේණික සිරිත් විරිත් රැකගන්න.