IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හෙරොයින් ළඟ තබා ගත් මවක් දිවි ඇති තෙක් සිරගෙට

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
හෙරොයින් ග්‍රෑම් 6 ක් ළඟ තබාගැනීමේ සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ එක්දරු මවකට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරද`ඩුවමක් අද(29) නියම කළේය.
 
විත්තිකාර කාන්තාවට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ඇයට  මෙලෙස දඬුවම් නියම කළේය.
 
චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස ද`ඩුවම් නියම වුයේ රාජගිරිය ඔබේසේකරපුර ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රැට්ටික් ඩේවිඩ් ග්‍රේස් මේරී නමැති 35 හැවිරිදි එක්දරු මවකටය.
 
2012 ඔක්තෝබර් මස 1 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය ඔබේසේකරපුර ප‍්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 6.33 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකාරියට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
 
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂක රුවන් කුමාර මහතාට ලැබුණු තොරතුරුකට අනුව රාජගිරිය ඔබේසේකරපුර ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විත්තිකාරිය අත්අඩංගුවට ගත් බවත්, ඒ අවස්ථාවේදී ඇය සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 81.05 ක් මෙන්ම හෙරොයින අලෙවි කිරීමේන් උපයාගත් රුපියල් 1,88,000ක මුදලක්ද තිබී සොයාගෙන ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.

විත්තිකාරිය සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ග්‍රෑම් 81.05 සම්බන්ධයෙන් රජයේ රස පරීක්‍ෂකවරයකළ පරීක්‍ෂණයකදී එහි ශූද්ධ හෙරොයින් ග්‍රෑම් 06.33 ක් ඇතැයි හෙළි වූ බව රජයේ රස පරීක්‍ෂකවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
 
හෙරොයින් ජාවාරම් කිරීම හා හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් විත්තිකාරියට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීරණය කළ විනිසුරුවරයා ඇයට ජවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරද`ඩුවම් නියම කළේය.



අදහස් (2)

හෙරොයින් ළඟ තබා ගත් මවක් දිවි ඇති තෙක් සිරගෙට

Manjula Tuesday, 29 October 2019 10:56 AM

හරි ලොකු වැඩක් කරලා වගේ... දඬුවම සැර වැඩියි.

:       0       3

උපුල Tuesday, 29 October 2019 03:35 PM

කිලෝ ගණන් ගෙනල්ලා අල්ලන අය එළියේ. දරුවෙක් ඉන්න මව ජීවිතාන්තය දක්වා හිරේ. ග්‍රෑම් 6 යි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site