
(මනෝප්‍රිය ගුණසේකර)
හෙරොයින් ග්‍රෑම් 29ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි හෙරොයින් ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මරණීය දණ්ඩනය නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුගේ ක්‍රියාවෙන් සමාජයට සිදුවී ඇති ඛේදජනක තත්වය සැළකිල්ලට ගන්නා බවද විත්තිකරුට දඬුවම් පමුණුවමින් සඳහන් කළේය.
හෙරෙයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇතැයි පෙන්වා දෙමින් මෙවන් අපරාධකරුවන්ට දැඩි දඬුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ මට්ටක්කුලිය පල්ලිය පාරේ පදිංචි නුවන් සංජීව නමැති 28 හැවරිදි තරුණයකුටය.
2018 අප්‍රේල් මස 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ ඉඟුරුකඬේ හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 29.71 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි. මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී කොළඹ ඉඟුරුකඬේ හන්දිය ප්‍රදේශයේදී වරාය දුෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් විත්තිකරු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්රූම් 29.71 ක් සොයා ගෙන ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.
නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා අදාළ චෝදනාවන්ට ඔහු වරදකරු බවට තීරණය කළේය. ඒ අනුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අලුත්ම සම්ප්‍රදායට මරණීය දණ්ඩණයට ලක්වුණු අයව පාර්ලිමේන්තුවට ගේනවා නේද?
වහාම පාර්ලිමේන්තුවට යවනු...!!!
මධුෂ්ට, කන්ජිපානිට ඇයි පමා..?
ඔය වැරැදිකරු ලබනපාර ඡන්දෙට ඉල්ලුවොත් ඉහළින්ම මනාපත් අරන් පාර්ලිමේන්තුවට ගිහින් ඇමැති පදවියක් ගන්නත් පුළුවන් වේවි.
කුඩු මල්ලි, බයවෙන්න එපා. අපේ ගෝඨා රජ්ජුරුවෝ හරිම හොඳයි. ඔය මල්ලි ඊළඟ මැතිවරණය එනතුරු තොණ්ඩුවෙන් බේරුණොත් කෙළින්ම පාර්ලිමේන්තුවේ නතර වෙන්නේ.. හිරේ සිටි පින්වන්තයෝ සහ පෝරකයට නියම වුණු අහිංසක මනුස්සයෝ ආණ්ඩුවට නැතිවම බැහැ.