
(ඔගස්ටින් ප්‍රනාන්දු)
නීති විරෝධීව මෙරටට ගෙන්වා හලාවත ව්ට්ටක්කලිය කාවාටියා වත්ත ප්‍රදේශයේ දි ලොරියක පටවමින් තිබු වියළි සහ තොගයක් සමග සැකකරුවන් 7දෙනෙකුද ලොරියක්ද අද ( 9 ) අලුයම හලාවත කොට්ඨාස බුද්ධි විමර්ශන ඒකකයන්හි නිලධාරින්ගේ මෙහෙයැවීමෙන් සිදු කළ වැටලීමක දි අත් අඩංගුවට ගෙන ඇත.
හලාවත මාරාවිල හා ආරච්චිකට්ටුව යන පොලිස් ස්ථානයන්හි බුද්ධි විමර්ශන නිලධාරින් වෙත ලැබී තිබු තොරතුරු පදනම් කර ගෙන එම ඒකකයන්හි නිලධාරින් ඒකාබද්ධව වට්ටක්කලිය කාවාටියා වත්ත ප්‍රදේශයේ සැගව සිටිය දි ලොරි රථයක් පැමිණ කලපු ඉවුර වෙත නවතා තිබී ඇත.
ඒ අනුව පොලිස් නිලධාරින් සුදානමින් සිටිය දි එක් දින යාත්‍රාවක් කලපුව ඔස්සේ පැමිණ ලොරිය නවතා තිබු ස්ථානයේ කලපු ඉවුර වෙත පැමිණ නවතා ඇති බවත් එහිදි පුද්ගලයින් කිහිපදෙනෙකු යාත්‍රාවේ තිබු උර ලොරියට පටවමින් සිටිය දි පොලිස් නිලධාරින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.
පසුවන පරික්ෂා කළ අවස්ථාවේ දි පෝර උර 37 ක බහා, නීති විරෝධිව ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වු වියළි කහ කිලෝ 1110 ක් තිබු බවත් පොලිසිය කියයි.එහි මෙරට විවෘත වෙළද පලේ වටිනාකම රුපියල් ලක්ෂ 77කි.
පොලිසිය පැමිනි බව දැන ගත් යාත්‍රාවේ පැමිණි පිරිස කලපුව ඔස්සේ පලා ගොස් ඇති අතර සැකකරුවන් දඹදෙණිය වැවගම කටුගම්පොල මන්නාරම හා කරුකුපොනේ පදිංචිකරුවන් වශයෙන් හදුනා ගෙන ඇත.
අත් අඩංගුවට ගත් කහ තොගය ලොරිය සහ සැකකරුවන් අද ( 9 දා ) දහවල් හලාවත අධිකරණය හමුවනට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 ඔක්තෝබර් මස 08
1476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1320
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හොරෙන් ගෙන්වූ ලක්ෂ77ක කහ තොගයක් හලාවතින් අල්ලයි