(කේ බුද්ධික කුමාරසිරි , අමිල මධුෂංක සහ සුසිල් ප්‍රියන්ත )
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ට අපහාස වන අයුරින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් සිදු කර ඇති ප්‍රකාශයට රට පුරා ස්ථාන කිහිපයක අද (23) විරෝධතා පැවැත්විණි.
මෙම ප්‍රකාශය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව විරෝධතා පුවරු ඇතැතිව රැස්ව ව සිටි පිරිස කියා සිටියහ.
හෝමාගම, බද්දේගම, කොස්ගොඩ ආදි ප්‍රදේශයන්හි විරෝධතා පැවැත්වු අයුරු මෙම ඡායාරූපයන්හි දැක්වෙයි.


(කේ බුද්ධික කුමාරසිරි - හෝමාගම)


(අමිල මධුෂංක - බද්දේගම)

(සුසිල් ප්‍රියන්ත - කොස්ගොඩ)
COMMENTS
එතකොට ඇයි කරුණාට නැද්ද?
හමුදාවේ රණවිරුවන් 3000ක් එක රැයින් මැරුව කිව්වා..., ඒත් කෝ එක තැනක විරුද්දව උද්ගෝෂණයක් තිබුණද?
හම්මෝ සූගාල විස්සක් විතරවත් නැහැ එකකවත්.., පුංචි දරුපැටිය මේකට ගෙනාවේ මොකද?
මේ ඉන්න කට්ටිය හරීන්ගේ ප්‍රකාශය ඇහුවද? අගරදගුරු අද ඒ මැරිච්ච මිනිස්සු වෙනුවෙන් හඬක් නගනවද කියල අපිටත් ප්‍රශ්නයක් තියෙනවා.
කතෝලික ජනතාව ගොඩක් ඉන්නේ හෝමාගම, කොස්ගොඩ, බද්දේගම බව දැනුයි දන්නේ...
ජේසුස් වහන්සේගේ උගැන්වීම් නොවේ... උන්වහන්සේ උගන්වා වදාළේ තමුන්ට හිරිහැර කරන සතුරන්ට සමාව දෙන්න ඔවුන් වෙනුවෙන් යාඥා කරන්න කියලයි. තමුන්ට අපහාස කරන්නට පෙරළා අපහාස කරන්න නොවේ.
හරීන් හරියටම හරි... ඔබට ජය...
හරීන් කිව්වේ ඔහුට වූන අසාධාරනය. අගරදගුරු තුමත් එදා හොයන්නේ බලන්නේ නැතිව ඔහුට ගැහුවුවා. ඔක්කොටම වගකිවයුතු සිරිසේන පොහොට්ටුවේ සබාපති. අගරදගුරු තුමා ඒ ගැන නෝ කතා !
තව වෙන මුකුත් තියෙනවද?
අනේ මෙහෙමත් මිනිස්සු .... කඩේ යනවා කියලා මෙහෙමත් යනවද? කතෝලික ජනතාව ගොඩක් ඉන්නේ හෝමාගම, කොස්ගොඩ, බද්දේගම බව දැනුයි දන්නේ...
හරීන්ට එහෙම කියන්න අයිතියක් නැද්ද? කාටත් කතා කිරීමේ නිදහසක් තියෙන රටක් මේක...
ඔය උද්ඝෝෂණ කරන අයට, ඔක්කෝටම ඉස්සෙල්ලා අංගොඩ යවලා ඉන්න ඕනේ. තක්කඩින් ඉන්නකල් මේ රටට වැඩක් නැහැ.
හරීන් ප්‍රනාන්දු යනු මේ රටේ අවාසනාවකට දේශපලානයට ඉදිරිපත් වූවෙකි.
පළමු පින්තූරෙ එක්කෙනෙක්ගේ බෝඩ් එකේ අගදරගර කියලා තියෙන්නේ ඇයි? අනික ජේසුතුමන් අපහාස වින්ද විදිහට කාදිනල් තුමාට ඕක ඔච්චර බලපාන්න බැහැ.
හරීන් ඔබ හරි. කිතුනු අපි කාදිනල්තුමා ගැන පැහැදීමකින් නෙමෙයි පසුවන්නේ...
රජයට සහ ඇමෙරිකානු රජයට පක්ෂව නම් නිරෝධායනය සහ අනෙකුත් නීතිරීති නැහැ. නමුත් ව්‍යාපෘතිය රජයට එරෙහිව හෝ ඇමෙරිකානු රජයට එරෙහිව නම් නිරෝධායනය සහ අනෙකුත් නීතිරීති ක්‍රියාත්මකයි.
හෝමාගම, බද්දේගම, කොස්ගම. හරින් හරිද, වැරදිද කියලා කතෝලික ජනතාව බලාගනීවි. අනිත් අය කලබල වෙන්න අවශ්‍ය නැත.
මෙහෙමත් අය... තමන්ගේ වටිනා කාලේ තමයි.
කොස්ගොඩ කියන්නේ ලංකාවේ නෙවෙයිද? ඇයි මුඛ අාවරණ දාන්නේ නැද්ද? ෆොටෝ එකටවත් මුඛ අාවරණ දාලා ගන්න තිබ්බේ..
මේ පැත්තේ කතෝලික අය නැහැනේ... මේ අය කුලියට ගත්ත අයද කොහේද?
එතකොට හරින් දේශද්‍රොහියි, කරුණා දේශප්‍රේමීද මෙන්න ශ්‍රී ලංකාව...
හරීන් අද අගරදගුරුතුමන් හමුවෙලා එය සමථයකට පත්කළා.. එතකොට කරුණාගේ කාලේ මරපු අය ගෙවල්වලට යයි වගේ වන්දි දෙන්න කරුණා..
හරීන්ට මෙහෙම නම් රණවිරු කරුණාට ජයවේවා කියලා පෙළපාලි යමුද?
මම හිතුවේ මේ තමිල්නාඩුවේ කට්ටියක් කියලා..