(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැංවීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (11)පත් කරනු ලැබීය.
ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම ජනාධිපති කාර්ය සාධක බලකායට කැබිනට් ඇමතිවරුන් පස්දෙනෙකු ,ආණ්ඩුකාරවරියක, රාජ්‍ය ඇමතිවරුන් දාහතර දෙනෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ඇතුළු සාමාජිකයෝ 46 දෙනෙක් ඇතුළත් වෙති.
මෙම කාර්ය සාධක බලකාය නම් කරනු ලැබ ඇත්තේ "දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය "ලෙසය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රක්ෂිත වනාන්තර වල තියන ගස් ටික කපලද "හරිත" ආර්ථික රටාවකින් දේශගුණික විපර්යාස වලට විසදුම් සොයන්නේ? අනාගතයේ ශ්‍රී ලංකාවේ කාන්තාරවල පැල සිටුවන්න වෙන්න ඇති මේ සැලසුම් කරන්නේ? ඒ ව්‍යාපෘතියෙනුත් ගානක් පොකට් එකට වැටෙනවා නම් ඒ මදිද නේද? පහුගිය කාලේ සුපිරි ඇම්බියුලන්ස් එකෙන් බිමට මරන්න මාරුව හිටපු අසාධ්‍ය ඇමරිකන් රෝගියා දැන් ව්‍යාපෘති අධ්‍යක්ෂක වෙලා? අපිට නම් හිනා යනවා
ගස් ටික කපලා ඉවර වුණාම අපි හරිත වෙමු
නමෙන්ම හිතා ගන්න පුලුවන් කොහොම එකක් වෙයිද කියල .
තවත් පවුල් කම්පැනියක්
එක එක ලස්සන නම් දාගෙන මිනිස්සු රවට්ටන එකක් .වැඩක්නම් කෙරෙන එකක් නෑ
ඒකත් අර කොරෝනා සාටක බලකාය වගේ එකක් වෙවිද?
සාටක නාටක