( නිමන්ති රණසිංහ)
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (09 ) නියෝග කළාය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට මොවුන් දෙදනා අත්අඩංගුවට ගෙන තිබිණි.
මිනීමැරීමේ චෝදනාව යටතේ මොවුන් දෙදෙනාට අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා නගා තිබිණි. එම කරුණු කිසි අයුරකින් අනාවරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් මොවුනට මෙසේ ඇප ලැබිණි.
සැකකරුවන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන් යටතේ නාරාහේන්පිට පොලිස් රෝහල සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හෙයින් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා එහි ගොස් ඇප අත්සන් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය විසින් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළාය.
සැකකරුවන් සුව වූ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
COMMENTS
සීඅයිඩියටත් අබ සරණයි.
අනේ ඉතින් මේ දෙන්නට උනේ කාගෙවත් රෙදි අපුල්ලන්න.
ඇප ලැබුණානෙ. දැන් ඉතින් සුව වෙලා ඇති. කොහොමටත් මේක සාධාරණ නැහැ. මේ දෙදෙනාගෙන් අඩු පාඩු වෙලා ඇති.
කථාව මතු සම්බන්ධයිද? නැත්නම් නිමිද?
සියලු දේ දැනගෙන නිහඬව සිටි පල්ලි නොගිය ඇමතිට කිසිම පරීක්ෂණයක් නැතිව....
මේවා ගැන සීඅයිඩී එක විමර්ශනයක් කලාද? කවුරුවත් කිව්වට නඩු පැවරුවද? අබුද්දස්ස කලේ ලබුත් තිත්තලු.
මිනීමැරීමේ චෝදනාව යටතේ මොවුන් දෙදෙනාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා නගා තිබිණි. එම කරුණු කිසි අයුරකින් අනාවරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් මොවුනට මෙසේ ඇප ලැබිණි. අනේ ඉතින් අන්තිමට වැරදී කාරයෝ පල්ලි වලට ගිය මහා ජනතාව සහ හොටල් වල සිටිය ජනතාව වේවි ද?
මේකෙන් තේරෙන්නේ නීතිපති වැරදි බවයි.
මා හිතන විදියට අධිකරණය නීතියේ අාධිපත්‍ය ඉතා මැනවින් තහවුරු කළ අවස්ථාවක්... දේශපාලුවන්ට ඕනෑවිදියට තමන් අකමැති අය, තමන්ට අභියෝගයක් වන අය හිරේ දැමීමට මොවුන් පසුගිය කාලය පුරාම උත්සාහ කළා. ඇත්තට හොරකම් කල අය, මිනීමරපු අය කියා කියපු අය තාම නිදැල්ලේ.. මේ විහිළු දැන් රටේ මිනිස්සුන්ට හොඳටම ඇතිවෙලා.
දැන් අපේ රටේ නීතිය සාධාරණව කටයුතු කෙරෙන බව පේනවා... ඉස්සර ජනාධිපති තමයි තීන්දුව කියන්නේ එ්ක 19යෙන් වෙනස් වුණා නියමයි.
අනික් දවසේ මේ දෙදෙනාම නිදොස් කොට නිදහස් වෙනවායි මම සිතමි.. දැන් 18 නෙමෙයි තියෙන්නේ 19... එ්කයි මේ වෙනස...
මේ දෙදෙනාම මේ කාරණාවට වගකියන්න නුසුදුස්සෝ.. සුදුස්සා ජනාධිපති
දළදා සමිඳු පිහිටයි දෙදෙනාටම..
සත්‍ය කවදා හෝ ජයගනු නියතයි.. එය ලෝක ධර්මතාවයයි. මෙය එහි පෙරහුරුවයි..!!
මේ පාර ඇප ඊළඟ පාර නිදොස් කොට නිදහස්.... ඊට පස්සේ නඩුදාපු කට්ටියට මෙයාලගෙන් වන්දි නඩු ...!!!
මේවා දකිනකොට අපිට හිතෙනවා ජනාධිපති හිතන් ඉන්න ඇති මහින්ද හදාගත්ත 18 තවමත් තියෙන්නේ කියලා... නමුත් රනිල් මොලේ පාවිච්චි කරලා මහින්දව පරදවලා 19 ගෙනැල්ලා මෙයාවත් පාලනය කළා.. දැන් නීතියේ ස්වාධීනත්වය හා සාධාරණත්වය සැවොම භුක්ති විඳිනවා... මේ ඒ ප්‍රතිඵල...
තෙරුවන් සරණයි.. ජේසු පිහිටයි ... !!!
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය... ශ්‍රී ලංකාවේ නීතිය රජවෙලා, මහජනතාව සතුටුවෙලා, දේශපාලකයෝ බලුවෙලා, සාමය උදාවෙමින් යනවා. මේ පිපෙන්නේ ඒ අරුණලු...
මේ දෙදෙනාටම තුනුරුවන්ගේ සරණයි. පොලිස්පතිතුමා නැවත වැඩ බාරගන්නේ කවදාද?
ගරු අධිකරණය පිළිබඳව රටවැසියන් වන අපිට මහත් ආඩම්බරයක්... දැන් ස්වාධීන අධිකරණයක් අපිට තියෙනවා..
මේ සිදුවීම සම්බන්ධයෙන් ජනපති අත්අඩංගුවට ගන්නවද.?