IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


හම්බන්තොට සෙල්ලම් පිස්තෝල නඩුවේ තීන්දුව මැයි 17 ප්‍රකාශයට

(දිලීප් ජයසේකර)

හම්බන්තොට මාගම්පුර වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පස් දෙනෙකු ඇතුළු පිරිසකට 2014.04.17 වන දින  හම්බන්තොට වරාය පරිශ්‍රයේදී එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩුවේ විභාගය අවසන් කරමින් ඊට අදාල නියෝගය මැයි මස 17 වන දින ප්‍රකාශයට පත් කරන බව හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා පැවසීය.

මහාධිකරණ විනිසුරුවරයා මේ බව පැවසුවේ අද (29) මෙම සිදුවීමට අදාල නඩු විභාගය විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

නඩු විභාගය පැවතී අද (29) පැමිණිල්ලේ දේශණ හා විත්තියේ දේශණ පවත්වා නඩුවේ විභාගය අවසන් කෙරුණි.

මෙහිදි පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා දේශණය පැවැත් වූ අතර විත්ති පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා දේශණය පැවැත්විය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා,අජිත් මාන්නප්පෙරුම,නලින් බණ්ඩාර,ඉරාන් වික්‍රමරත්න හා ආර්.යෝගරාජන් යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් කොළඹ සිට දකුණේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වු අතර එහිදී ඔවුන් පිරිසට හම්බන්තොට වරාය පරිශ්‍රයෙන් පිටව යන අවස්ථාවේ බිත්තර හා ගල් මුල් ප්‍රහාරයක් එල්ලවූ අතර හම්බන්තොට නගාරාධිපතිවරයා පිස්තෝලයක් ඇතැතිව මන්ත්‍රීවරුන් සිටි බස් රථය පසු පස හබා එමින් බිය ගැන්වීම් ඇතුළු චෝදනා 29ක් යටතේ නඩු පවරා තිබේ.

මෙම සිද්ධියට අදාලව එවකට හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර, ප්‍රේමසිරි පරණමාන,තුවාන් රම්සාන්,මදූෂ නිලාන් හා බිංදු ශ්‍රි වර්ණසිංහ යන විත්ති කරුවන් 05 දෙනෙකුට එරෙහිව චෝදනා 29ක් යටතේ  නඩු විභාගය පැවැත්විණි.

මෙහිදී මන්ත්‍රීවරුන් හා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුද සිද්ධියට අදාලව මහාධිකරණය හමුවේ සාක්ෂි ලබා දිම සිදු කෙරුණි.දෙපාර්ශ්වයේම එකඟතාවය අනුව ඉතා කෙටි කලක් තුළ නඩු විභාගය පවත්වා තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තීරණය කෙරුණි.



අදහස් (7)

හම්බන්තොට සෙල්ලම් පිස්තෝල නඩුවේ තීන්දුව මැයි 17 ප්‍රකාශයට

Chanak Los angeles Saturday, 30 March 2019 02:39 AM

සෙල්ලම් පිස්තෝලවලින් සෙල්ලම් කරන වැඩිහිටියෙක් ගැන අපි ඇහුවේ පළමු වතාවටයි.

:       37       183

RaveendraSaturday, 30 March 2019 03:51 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි. අපද එම රූපරාමු හොඳින් දැක අපගේ සිත්වලට මහත් සංවේගයක් පැමිණියේය. මක්නිසාදයත් "ශරීරයෙන් උස් මහත්වූ මන්ද බුද්ධික දරුවෙක් " තම අහිංසක දෙමුපියන්ගෙන් මිදී සතුටින් හැසිරෙන දර්ශනයන්ය. මෙමගින් ගම්‍ය වන්නේ මෙතෙක් බලයට පත් කිසිඳු රජයක් " මන්ද බුද්ධික දරුවන්ගේ " සුබ සාධනයට නිසි ක්‍රමවේදයක් සකස් කර නොමැති බව නොවේද? දැන්වත් විශේෂයෙන් "ශරීර වලින් උස්මහත් වූ මෙවන් මන්ද බුද්ධික ළදරුවන් " පුනරුත්ථාපනය කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් කිරීම වැදගත් නොවන්නේද? කෙසේවෙතත් මෙම " මන්ද බුද්ධික ළදරුවාගෙන් " කිසිදු ජිවිත හානියක් නොවීම පිළිබඳව අප සතුටු වන්නෙමු.

:       5       423

Chanak Los angelesSaturday, 30 March 2019 05:00 AM

හොඳ අර්ථකතනයක්...

:       29       113

NissankaSaturday, 30 March 2019 09:25 AM

මේ පැවැති රජයේ අනුදැනුම මත මන්දබුද්ධික හෙන්චයියන් විසින් සිදු කරන ලද ක්‍රියාවක් බව වැඩිදුරටත් ප්‍රකාශ කළ යුතුය. මොවුන් පුනරුත්ථාපනය කෙසේ වෙතත් නඩත්තු කිරීම නම් සිදු කරන්නේ දේශපාලන නායකත්වය විසිනි.

:       53       135

RaveendraSaturday, 30 March 2019 07:57 AM

ඔබට ස්තුතියි...!!! 

:       85       3

rohana kumara mendis Sunday, 31 March 2019 07:30 AM

හරියටම දැන් අවුරුදු පහක් ගතවෙලා තාමත් නඩු අහනවා. මෙහෙමත් උසාවි....

:       0       11

Chanak Los angelesSunday, 31 March 2019 04:19 PM

රාජපක්ෂලා ඊට අදාළ නඩු භාණ්ඩ අතුරුදන් කරවලා. එ්කයි පමාව.. දුටුවා නේද තාජුදීන්ගේ සුරක්ෂිත කර තිබුණු අස්ථි රාජපක්ෂලා විසින් අර රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරී මාර්ගයෙන් අතුරුදන් කර තිබුණු අකාරය...

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1551 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1356 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site