හම්බන්තොට වරාය 99 අවුරුද්දකට චීනයට බදු දීම පසුගිය ආණ්ඩුව කළ වරදක් යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත
ඉන්දියාවේ ප්‍රකට ආරක්ෂක විශ්ලේෂකයකු වන නිතින් ඒ. ගෝකලේ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කර තිබේ.
අදාළ ගිවිසුම නැවත සාකච්ඡා කළ යුතු යැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.
නිතින් ඒ. ගෝකලේ මහතා හවායිහි ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ ආදි විද්‍යාර්ථියෙක්, මාධ්‍යවේදියෙක්, ව්‍යවසායකයෙක්, හමුදා ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ රචකයෙක් සහ උපායමාර්ගික කටයුතු පිළිබඳ විශ්ලේෂකයෙක් ද වේ.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද පවසා ඇත.
“චීනය අපේ හොඳ මිත්‍රයෙක්. ඒ වගේම සංවර්ධනය සඳහා අපට චීනයේ සහාය අවශ්‍යයි. එහෙත් හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදු දීම පසුගිය ආණ්ඩුව කළ වරදක්. ඒ ගැන කියන්න මා බිය වෙන්නේ නැහැ. ඒ වගේම ඒ පිළිබඳ නැවත සාකච්ඡා කර අපට සහාය වන නව ගිවිසුමකට එමු යැයි මා යෝජනා කරනවා. මිනිස්සු ඒ ගැන ගිවිසුම ගැන සතුටු නැහැ. අපිට අවුරුද්දක්, දෙකක්, අවුරුදු පහක් ගැන හිතන්න පුළුවන්. එහෙත් අපි අනාගතය ගැන හිතන්න ඕනේ. අනාගතයේ මොකද වෙන්නේ? ආයෝජනය සඳහා පොඩි ඉඩමක් දීම වෙනත් දෙයක්.
හෝටලයක් හෝ වාණිජ දේපළක් සංවර්ධනය කිරීම ප්‍රශ්නයක් නොවෙයි. උපායමාර්ගික ලෙස වැදගත්, ආර්ථික ලෙස වැදගත් වරායක් එලෙස ලබාදීම පිළිගන්න බැහැ. අපි ඒ ගැන නැවත සාකච්ඡා කරන්න අවශ්‍යයි.
මෙහෙයුම් කටයුතු සඳහා පර්යන්තයක් ලබා දීම වෙනස් දෙයක්. හෝටලයක් ඉදිකරන්න යම් තැනක් දීම වෙනත් දෙයක්. එහෙත් වැදගත් තැනක පාලනය ලබාදීම පිළිගන්න බැහැ. එය තමයි මගේ මතය. ඒ වගේම අපි ඉන්දියාව සමඟත් සමීපව වැඩ කරන්න ඕනෑ. ඒ වගේම අපි චීනය සමඟත් වැඩ කරන්න ඕනෑ.
රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා හැමතැනම තියෙනවා. ඉන්දියාව චීනය සමඟ ඉතා සමීපව වැඩ කරනවා. ඉන්දියාවේ ආයෝජන චීනයට යනවා, චීනයේ ආයෝජන ඉන්දියාවට යනවා. ඒ වගේම අපටත් ආයෝජන අවශ්‍යයි. ඒ වගේම අපටත් සහාය අවශ්‍යයි. එහෙත් ඒ වෙනුවෙන් අපි ඕනෑම දෙයක් කරන්න සූදානම් නැහැ. ඒ වගේම හමුදා සහ භූ දේශපාලනික තරගයට සම්බන්ධ වෙන්න අපට වුවමනාවක් නැහැ.
ඉන්දියාව, සිංගප්පූරුව, ජපානය, ඕස්ටේ්‍රලියාව ආදී ලෝක බලවතුන්ට මම තව දෙයක් කියන්න කැමැතියි. ඔබ දන්නවා, ඔවුන් චීන මැදිහත්වීමට බයයි. ඒක තමයි ඇත්ත. චීන මැතිහත්වීම වාණිජ එකක්.
අපි පුංචි රටක්. අපේ ආර්ථිකය දියුණු කරන්න විදෙස් ආයෝජන අවශ්‍යයි. ඒ නිසා ඉන්දියාවට, ජපානයට, සිංගප්පූරුවට සහ ඕස්ටේ්‍රලියාවට ලංකාවට ඇවිත් ආයෝජනය කරන්නැයි මා ආරාධනා කරනවා. චීනයට විතරක් ආයෝජනය කරන්න ඉඩ දෙන්න එපා යැයි මා කියනවා.
ලංකාවට ඇවිත් ආයෝජනය කර අපට උදව් කිරීමට ඒ රටවල පෞද්ගලික සමාගම් දිරිගන්වන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒක රටකට විතරක් ඉතුරු කරලා පස්සේ කෙඳිරි ගාන්න එපා.
මා විවෘතව කියනවා. ඒ නිසා අපේ රටට ඇවිත් ආයෝජනය කරන්න. එය අපට වුවමනායි. අපි පුංචි රටක්, අපි ලොකු අයගේ ප්‍රශ්නවලට සම්බන්ධ වෙන්න ඕනෑ නැහැ. එය තේරුම් ගන්න. අපට පීඩනය එල්ල නොකර අප තේරුම් අරගෙන මේ රටේ ආර්ථික සංවර්ධනය හා සම්බන්ධ වෙන්න.
බොහෝ ක්‍රම තිබෙනවා. සල්ලි විතරක් නොවෙයි, අපේ නිෂ්පාදන ගන්න. අපට තේ, කුරුඳු, ගම්මිරිස්, පොල් තිබෙනවා. ඔබ අපේ කෘෂිකර්මාන්තයට, අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයට උපකාර කරන්න. උසස් තාක්ෂණික සමාගම්වල ආයෝජනය කරන්න. බොහෝ අවස්ථා තිබෙනවා. නිලධාරීවාදය කැපිය යුතුයි. රටේ උන්නතිය උදෙසා පැරැණි නීති රෙගුලාසි ඉවත් කරන්න මට ඕනෑ. මම ආයෝජනවලට හිතකර පරිසරයක් නිර්මාණය කරනවා.” යැයි ද ඔහු සිය සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත.
ඡායාරූප නිතින් ඒ ගෝකලේ මහතාගේ ට්විටර් ගිණුමෙනි
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ කතාව අලුත් කතාවක් නොවේ. නැවත කියවීමක් පමණි.
මෙහෙම කෙලින් කතා කරපු, ජනතාවගේ පැත්තෙන්ම හැමදෙයක්ම හිතන නායකයෙක් මීට කලින් මේ රටේ දැකලා තියෙනවද. අපේ රටේ ජනාධිපති කියලා කියන්න පුළුවන් මනුස්සයෙක් පත්වෙලා ඉන්නකොට තව මොනවද. මෙහෙම නායකයෙක්ට හැර මේ රට හදන්න වෙන නායකයෙක්ට පුලුවන්ද. මෙතුමාට ශක්තිමත් ආණ්ඩුවක් හදලා දෙන්න මහා සංඝරත්නය මේ වෙනකොටත් විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටිනවා. මෙදා පාර මැති-ඇමතීන්ට නටන්න නොලැබෙන විදිහට ඔවුන්ව හිරකරගෙන ඉන්න නිසා ජනතාවගේ විශාල ජනවරමකින් සුළු ජාතීන්ගේ පදේට නටන්නේ නැති, ශක්තිමත් ආණ්ඩුවක් හදන්න මගේ රටට මගේ මිනිස්සු උදව් කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා..
නැවත නැවතත් මට කියන්න තියෙන්නේ ගෝඨාභයට ඡන්දය දුන් සියලුම දෑහිතකාමී ජනතාව සතුටු විය යුතුයි, ආඩම්බර විය යුතුයි. ඔබ පත්කරගත්තේ පිටකොන්දක් තියෙන, බය නැති රටට අවංකව සේවයක් කරන්න පුළුවන්, පිටරටවල් සමග හරියාකාරයෙන් ගණුදෙනු කළහැකි, සතවර්ෂයට උචිත නායකයෙකි.
නිර්භය අදහස් දැක්වීමක්. නිවැරදි ඉලක්කයක්. තව වෙන මොනවද?
ඉදිරියේදී ලංකාවට විදේශ ණය ආධාර ලබාදීමට ලෝකයේ ආසියානු බලවත් රටවල් මෙන්ම ලෝකයේ ආධාර දෙන ප්‍රධාන ආයතන ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ක්‍රමවේදයන් පිළිබද නැවත පුළුල් සහ ගැඹුරින් සොයා බැලීමක් කිරීමට තීරණය කර ඇත. සමහර රටවල් ණය දීමෙන් වැලකි සිටීමට පවා පෙලබෙනු ඇති බව කියා සිටි. ලංකාව විශාල වශයෙන් ණය ලබාගෙන ඇති නිසා මෙවන් තත්වයක් උදාවනු ඇතිබව පෙන්වාදී තිබේ
එනකල් ඔය වගේ වැඩ තමා කරේ
ඇමෙරිකාවට දුන්නොත් හොඳද ?
එතුමා කියනවා ඇත්තේ සින්නක්කරව දුන්නා නම් හොඳයි කියන එක වෙන්න ඇති.
ඔයවගේම කතාවක් ශැන්ග්‍රීලා, පොර්ට් සිටි ගැන අසන්නට ලැබේවා !
හම්බන්තොට වරාය රට විකුණලා චීනෙන් ණය අරගෙන හැදුවේ පහුගිය ආණ්ඩුව කියලා නෙමේනේ. ඒ කරලා අති දැවැන්ත මුදල් කන්දරාවක් කොමිස් ගැහුවේ, විශාල සල්ලි කන්දරාවක් වියදම් කරලා බාල නැටුවේ කලින් ආණ්ඩුවෙන් නෙමේනේ. කොළඹ වරායේ ආදායමෙන් හම්බන්තොට ණය ගෙවලා රට බංකොලොත් වෙන එක නවත්තගන්න කරේ කියලා, මේ වගේ අය දේශපාලනේට ආවට තේරෙන්නේ නැහැනේ. හොඳම දේ තමයි ඒ දේ වැරදි නම් ඒ සල්ලි හොයලා දීලා ඉවරවෙලා , ණයත් ගෙවන අතරම වරාය ආපහු ඉල්ලගෙන ඔහෙලා කරගෙන යන එක. එතකොට ඉන්දියාවත් සතුටු කරන්න පුළුවන්නේ. ඒවා හරි. මේවා වැරදි. හම්බන්තොට තියා මොකක් දුන්නත් වැරදි. ඒත් අපිට ආදායමක් නැත්නම් ඒවා ගෙවන්න, නව එන්නෙත් නැත්නම් වෙන මොනවා කරන්නද? කන්නද?
99 අවුරුද්දක් කියන්නේ ජීවිත කාලයක්. ඊටත් වඩා දිගු කාලෙකට නේද ගාලු මුවදොර ඉඩම චීනෙට සින්නක්කර වික්කේ? මේවා ආපහු පවරා ගෙන රටේ ජනතාවට හිමි කර දිය යුතු වෙනවා.
ඕස්ට්‍රේලියානු ආයෝජකයන්ට ආරාධනා කරන කොට මතක ඇතිව ගම්මන්පිල මහත්තයාව ඒ ළඟ පාත තියා ගන්න එපා .
හැම රටක්ම තමන්ගේ වාසියට යම් ගිවිසුමක් ගහන්නේ... නැතුව කවුරුවත් පිනට දෙන්නේ නැහැ. එහෙම උණුවෙන හිත් දේශපාලනයේදී නැහැ... තමන්ගේ රටේ කොයිතරම් ප්‍රශ්න තියාගෙනද තව රටක ප්‍රශ්නයකට මැදිවෙන්නේ... නමුත් අපේ කරුමෙක මහත.. අපේ කියන අය මේ ගිවිසුම්වලට එළැඹෙන්නේ තමන්ගේ රට ගැන නොහිතා. පුද්ගලික වාසි පතා, අපේ බැංකුවකින් අපිට සල්ලි ණයට දෙන්නේ නිකන් සල්ලි විසි කරන්නද? ඕනෙම මෝඩයෙක් දන්නවා ණයක් ගත්තොත් පොලියත් සමග ගෙවන්න වෙන විත්තිය. එක ණයක් පියවන්න තව ණයක් ගන්නවා. ඒක පියවන්න තවත් එකක්... දම්වැල වගේ යනවා. අනවශ්‍ය වියදම් කපා හැර ණය පියවන්න බලන්නේ නැහැ... ඒවා තව තව වැඩියෙන් කරනවා. හැම රකියාවකටම අධ්‍යාපන සුදුසුකම් ඕනේ. වයස් සීමාවක් තියෙනවා. රැකියා ප්‍රතිලාභ ලැබෙන්නේ ඒ අනුව. නමුත් දේශපාලකයින්ට? කිසිම දෙයක් අවශ්‍ය නැත. දේශපාලනයේදී ඉන්න කම් පගාව, කොමිස් එකී මෙකී හැමදේම ගන්නවා වරප්‍රසාද සමග...? ඒ මදිවට අවුරුදු 5ක් හිටියම විශ්‍රාම වැටුප්... අපේ රට කවම කවදාකවත් හැදෙන්නේ නැත. අපි තව ටික දවසකින් පොළොවට පස්වෙයි.
ලංකාව වාගේ දේශපාලන අස්ථීර රටවල් වලට තමන්ගේ වටිනා මුදල් ආයෝජන කරන්න ජපානයට, සිංගප්පූරුවට සහ ඕස්ට්‍රේලියාවට ඇති කැක්කුම මොකද්ද? සැලකිය යුතු ආයෝජකන්ට එන්න කිව්වට මදි. අවශ්‍යය දේශපාලන පසුබිම සැලසීම රටේ දේශපාලකයන්ගේ වගකීමක්.
"ෂැංග්‍රිලා හෝටලය හදන්න හමුදා මුලස්ථානය ඇතුළු ගෝල්ෆේස් එකේ අක්කර ගණනාවක් සමග සින්නක්කරව චිනාට විකිණීම හොඳයි" නේද.
නැවත වාරයක් ලංකා ආණ්ඩුවට පවරා ගෙන ඊට අදාල ආයෝජන කරන්න ඕනේනේ. ලංකාවේ බොහෝ අය හිතන විදිය නොවේ ඇත්ත තත්වය. පසුගිය වසර 25ක් වගේ කාලයක් සිට අපගේ නිෂ්පාදන / සේවා ආර්ථිකය ඉතා බොහෝ ලෙස අඩුවෙලා තියෙන වෙලාවක ඔයවගේ විශාල යෝජන වලට තවත් විදේශ මුදල් ආයෝජන කරන්න පවතින කිසිම රජයකට කරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්. තෙල් ගබඩා පහසුකම් නැහැනේ. තාමත් දොඹකර පහසුකම් අතිනුත් අපි බලන්න ඕන. ඒකට නැවත විදේශ ණය ගෙන ඒවා ගෙවන්න. ඊට පසු තමා විදේශ නැව් එන්නේ සේවාවන් ලබා ගන්න. මත්තලත් ඒ වගේනේ. මේ මම කිවේ පොඩි දෙයක්. කොලේ වහල කතා කරලා වැඩක් නැහැ. හිතන්න එපා. කොළඹ වරාය වගේ ගත්ත ගමන් සල්ලි උපයන්න පුළුවන් කියලා...
හැම රටක්ම තමන්ගේ වාසියට යම් ගිවිසුමක් ගහන්නේ. නැතුව කව්රුවත් පිනට දෙන්නේ නැහැ. එහෙම උණුවෙන හිත් දේශපාලනයේදී නැහැ. තමන්ගේ රටේ කොයිතරම් ප්‍රශ්න තියාගෙනද තව රටක ප්‍රශ්නයකට මැදිවෙන්නේ. නමුත් අපේ කරුමෙක මහත අපේ කියන අය මේ ගිවිසුම් වලට එලබෙන්නේ තමන්ගේ රට ගැන නොහිතා. පුද්ගලික වාසි පතා. අපේ බැංකුවකින් අපිට සල්ලි ණයට දෙන්නේ නිකන් සල්ලි විසි කරන්නද? ඕනෙම මෝඩයෙක් දන්නවා ණයක් ගත්තොත් පොලියත් සමග ගෙවන්න වෙන විත්තිය. ඒක ණයක් පියවන්න තව ණයක් ගන්නවා. ඒක පියවන්න තවත් එකක්. දම්වැල වගේ යනවා. අනවශ්‍ය වියදම් කපා හැර ණය පියවන්න බලන්නේ නැහැ. ඒවා තව තව වැඩියෙන් කරනවා. හැම රැකියාවකටම අධ්‍යාපන සුදුසුකම් ඕනේ. වයස් සීමාවක් තියෙනවා. රැකියා ප්‍රතිලාභ ලැබෙන්නේ ඒ අනුව. නමුත් දේශපාලකයින්ට? කිසිම දෙයක් අවශ්‍ය නැත. දේශපාලනයේදී ඉන්නකම් පගාව, කොමිස් එකී මෙකි හැමදේම ගන්නවා වරප්‍රසාද සමග. ඒ මදිවට අවරුදු 5ක් හිටියම විශ්‍රාම වැටුප්. අපේ රට කවම කවදාකවත් හැදෙන්නේ නැත. අපි තව ටික දවසකින් පොළොවට පස් වෙයි. නමුත් අපේ දරුවෝ?