IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


‘හම්බන්තොට දියුණු වෙනකොට නාමල්ට ඇස්පියාගෙන යාමට සිදුවෙනවා’

 

 

(නිමල කොඩිතුවක්කු)

 

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සිදුකරන ආයෝජන ව්‍යපෘති සාර්ථක වී ප‍්‍රදේශය දියුණු වන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඇස් පියාගෙන ඉවත බලාගෙන හම්බන්තොට යාමට සිදුවනු ඇතැයි සංවර්ධන  උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර  මහතා පැවැසීය.

හම්බන්තොට ආයෝජන ව්‍යාපෘතිය රටේ ආර්ථික දියුණුවේ හැරවුම් ලක්ෂය බවට පත්වනු ඇති බවත් එය දරා ගැනීමට නොහැකි පිරිස් එම ව්‍යාපෘතියට එරෙහි වැරදි ප‍්‍රචාර යවමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්තානයේ අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර  මහතා මෙසේද කීය.

 ‘‘අපේ රටේ එතෙක් මෙතෙක්  සිදුවු දැවැන්තම  ආයෝජන ව්‍යාපෘතිය පසුගිය 24 වැනි දා හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේදී අග‍්‍රාමාත්‍ය  රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ඩොලර් මිලියන 3850ක සෘජු විදේශීය ආයෝජනයක් වන  තෙල් පිරිපහදුවේ කටයුතු එදින ආරම්භ කෙරුණා.

මේ තෙල් පිරිපහදුව මගින්  රැකියා අවස්ථා 4500ක් පමණ අලූතින් බිහිවෙනවා.  1978 වසරේ සිට මේ  දක්වා අපේ රටේ සමස්ත විදේශ ආයෝජන තියෙන්නේ ඩොලර් බිලියන 17.5ක් පමණයි. මේ කෙටි කාලයක් තුළ ඩොලර් බිලියන 3.85 ක ආයෝජනයක් අපිට ගේන්න පුළුවන් වුණා. ඒක අපේ රටේ ආර්ථිකයේ විශල වර්ධනයක් වෙනවා.

මේ ආයෝජනය ගැන නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ටොන්  ගනන් බොරු ප‍්‍රකාශ කරලා තිබුණා. මේ ආයෝජන භූමිය වරායට දුරයි කිව්වා,  හම්බන්තොට මහ රෝහල යටින් අපි තෙල් නළ යොදනවා කියලා කිව්වා.  ඒ වගේම  මේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නිසා හම්බන්තොට ලූනු ලේවාය අපවිත‍්‍ර වෙනවලූ. ඒ අයට මේ හම්බන්තොට  ලූනු ලේවාය වටිනා සම්පතක් නම් මෙතන වරායක් හැදිය යුතු නැහැ.

 

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (0)

‘හම්බන්තොට දියුණු වෙනකොට නාමල්ට ඇස්පියාගෙන යාමට සිදුවෙනවා’

ඔබේ අදහස් එවන්න

දියත

බෝරා සමුළුවට උපරිම සහාය
2024 ජුනි මස 25 264 0

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ වාර්ෂික සම්මේලනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති ක


රටට එන ’’නරක සත්තු’’ නවත්තන්න කොරියා උදව්
2024 ජුනි මස 25 151 0

කොළඹ වරායේ පැළෑටි නිරෝධායන සේවාව වඩා විධිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 1.3ක වියදමින් ඉදි කරන ලද නව පැළෑටි නිරෝධායන සේවා ගොඩනැගිල්ල කොළඹ වරාය පරිශ්‍රයේදී


උසස් පෙළ සිසුවා වෙඩි තබා ගනියි
2024 ජුනි මස 25 1143 0

රැකියාවට යන මවට වැඳ කාමරයට වී දොරගුලුලාගත් උසස් පෙළ පාසල් සිසුවෙකු ප⁣⁣තොරන් තුවක්කුවකින් මුඛයට වෙඩි තබාගෙන මියගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොළ ඇත්ග


විමලසුරේන්ද්‍ර වාන් දමයි
2024 ජුනි මස 25 360 1

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන වැසි සමඟ විමලසුරෙන්ද්‍ර ජලාශය අද (25) වාන් දැමිමට පටන්ගෙන තිබේ.


විජයදාසට එරෙහි වාරණය යළි දිග් කරයි
2024 ජුනි මස 25 296 2

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම සහ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස පිළිගැනීම වළක්වමින


කම්හල්කරුවන්ගෙන් රජයට කෝටි 20ක බදු පොල්ලක්
2024 ජුනි මස 25 227 0

කර්මාන්ත දහතුනකට අදාළ කර්මාන්ත කර්මාන්තකරුවන් එකසිය හත් දෙනෙකු පසුගිය වසරේදී රුපියල් කෝටි විස්සකට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 248 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1453 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3224 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site