( සුමතිපාල දීයගහගේ )
හබරාදුව ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව අද (15) පැවති අවස්ථාවේ හබරාදුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ සභාපතිවරයා ඇතුලු මන්ත්‍රීවරුන් කණ්ඩායම බලහත්කාරයෙන් සම්බන්ධිකරණ කමිටුවට කඩා වැදි එහි වැඩ කටයුතුවලට බාධා කිරිම නිසා සම්බන්ධිකරණ කමිටුවේ දැඩි උණුසුම් තත්වයක් ඇති වූ අතර එහිදී පොලිසියේ මැදිහත්වී එම කණ්ඩායම ඉවත් කළේය.
හබරාදුව ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති හබරාදුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ තාරක නානායක්කාර මහතාගේ
ප්‍රධානත්වයෙන් උදේ 9.30 ට පමණ සම්බන්ධිකරණ කමිටුව ආරම්භවූ පසු දකුණු පළාත් සභා මන්ත්‍රි ඒ ජී සි පියසිරි හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති
දිල්ෂාන් විදානගමගේ සහ උප සභාපති බන්දුපාල අබේකෝන් යන මහත්වරුන් ඇතුලු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් කණ්ඩායමක් රැස්විම පැවති
ගොඩනැගිල්ලට ඇතුලුවීමට උත්සාහ කළ අවස්ථාවේ එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරින් කීප දෙනෙක් ඔවුන්ගේ ගමන වැලැක්වීමට උත්සාහ කළහ.
එහිදී පොලිස් නිලධාරින් පවසා සිටියේ අවසර නැති නියෝජිතයින්ට ඇතුලුවීමට ඉඩ ලබාදිය නොහැකි බවය. එහෙත් පොලිස් නිලධාරින්ගේ
විරෝධය නොතකා එම කණ්ඩායම බලහත්කාරයෙන් රැස්විම් ශාලවට ඇතුලු විය.
එවිට රැස්වීමේ මුලසුනේ සිටි තාරක නානායක්කාර මහතා පළාත් සභා මන්ත්‍රිතුමා ඇතුලු කණ්ඩායම ඉතා සුහදව පිළි ගන්නා බවත් එහෙත් රැස්වීමට
සහභාගිවිමට සියලුමදෙනාට නොහැකි නිසා අවසර නොමැති මන්ත්‍රිවරුන් සභාවෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටින බවත් පැවසිය.
තමන් මහජන නියෝජිතයින්වන නිසා එසේ ඉවත් කළ නොහැකි බව එම අවස්ථාවේ පොදුජන පෙරමුණේ කණ්ඩායම ආවේගශීලිව පැවසුහ. දිගින්
දිගටම එම කණ්ඩායම වේදිකාවේ කෑකෝ ගසමින් රැස්වීම පවත්වා ගෙන යෑමට ඉඩ නොදිම නිසා පළමුව පොලිස් නිලධාරීන් කිප දෙනෙක් පැමිණ පිරිස
ඉවත් කිරිමට උත්සාහ කළේය.
එහෙත් ඔවුන් ඉවත් කිරිමට පොලිසියට නොහැකි විය.එම අවස්ථාවේ පොදුජන පෙරමුනේ කණ්ඩායම සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් ඇති විය.
පසුව ගාල්ල සහකාර පොලිස් අධිකාරි ගාමිණි ඉහළවෙල මහතා වේදිකාවට පැමිණි රැස්වීමෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් එම ඉල්ලීමටද එකග නොවූ පිරිස කෑකෝ ගසමින් සභාව
පවත්වා ගෙන යෑමට බාධා කළහ.එම අවස්ථාවේ දකුණු පළාත් සභා මන්ත්‍රි ඒ ජී සී පියසිරි හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ සහ උප සභාපති බන්දුපාල අබේකෝන් යන මහත්වරුන් බලහත්කාරයෙන් මයික්‍රෆෝනය අතට ගෙන නිලධාරින් අමතා කතා කළහ.



2025 දෙසැම්බර් මස 04
571
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
496
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
423
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හබරාදූව ප්‍රා සභාපති සම්බන්ධීකරණ කමිටුවට කඩාවදී
මීපේ ජනතාව Monday, 15 October 2018 07:04 AM
හම්මේ, මේ උනන්දුව හබරාදුව ජනතා ප්‍රශ්න විසඳන්නත් තිබුණා නම්...
සතයපාල Monday, 15 October 2018 07:27 AM
දේශපාලන සදාචාරයක් නැති නූගත් පිරිසක් තමයි නියෝජිතයින් ලෙස යැව්වම දැනෙන හිරිකිත හබරාදුව ප්‍රාදේශීය සභාවේ ඡන්ද දායකයින්ට දැන් දැනෙනවා ඇති...
රවින් Monday, 15 October 2018 07:44 AM
හරක් ගාල් කඩාගෙන යන එක සාමාන්‍ය දෙයක් බව හැම ගැමියෙක්ම දන්නා දෙයක්. වැට කඩලු තියන බව දන්නේ තේරුමක් තියන කොට්ටාස පමණි. අට පාස් කීදෙනෙක් ඔය කඩාගෙන ගිය අය අතර ඉන්නවාද?
එර්දි Monday, 15 October 2018 08:18 AM
මිනිස්සු ඡන්දෙ දීලා තියෙන්නේ මේ වගේ පාදඩයින්ට නම් මේවා තමයි ප්‍රතිඵල. පොදුජන පෙරමුණ නියෝජනය කරන්නේම මේ වගේ අයයි.. ගියතැන අසූචි තවරනවා.