(ඉන්දිකා රාමනායක)
මාවනැල්ල ප‍්‍රදේශයේ බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා කඩා දැමීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වූ මාලදිවයින් ජාතිකයකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.
වයස අවුරුදු 30-35 අතර වයසේ පසුවන මෙම පුද්ගලයාගේ සිතුවම් ඡායාරූපයක් පහතින් දැක්වේ.
එම සිතුවම් ඡායාරූපයේ සිටින සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - 0112-326936 හා ස්ථානාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - 0718591774 යන අංක වෙත දැනුම් දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

COMMENTS
අතට අහුවෙලා ඉන්න ප්‍රධාන සැකකාරයෝ අගේට වැජඹෙද්දී ඒ අයගේ මිත්‍රයෝ හොයනවා. හරියට කෝටි ගණන් හොරකම් කළ අය හොඳටම දන්නවා වුනත් කොහේ හරි යන අයව අල්ලගන්නවා වගේ.
අහන්නකෝ හකීම්ගෙන්......
අහන්නකෝ ආසාත් සාලිගෙන්.....
බලය නැතුව, දුශිත බලලෝබි බඩගොස්තරවාදි දේශපාලුවෝ කරවපු වැඩක් වෙන්ට ඕන.
වැඩක් නැනේ. කට්ටිය මහන්සි වෙලා අල්ලනවා. ඊලග නඩු වාරෙදි ඇප දීලා ගෙදර යවනවා. මාසයක් දෙකක් යද්දි නිදොස් කොට නිදහස්. කඩු බෝම්බ ටිකත් ආපහු දෙනවා.
මෙයට වඩා ලොකු වැරදි කරපු 21 වැනිදා බෝම්බ සිද්ධියට ප්‍රධාන සැකකරුවන් නිදහස් කලා... දැන් හොයනවා වෙන සැකකරුවෙක්...