
(ඩයනා උදයංගනී)
පුද්ගලයෙකුට ජීවිත කාලය තුළ එක්වරක් පමණක් දැක ගත හැකි තරම් ඉතා කලාතුරකින් දිස්වන වල්ගා තරුවක් හෙට (12) පියවි ඇසින් දැක බලා ගත හැකි බව තාරකා විද්‍යාඥයන් පවසයි.
C–2021–A–1 ලෙස හැඳින්වෙන මෙම වල්ගා තරුව ලෙනාඩ් ලෙස නම් කර තිබේ.
ඒ ඇමෙරිකානු තාරකා විද්‍යා පර්යේෂකයෙකු වූ ග්‍රෙග් ලෙනාඩ්ට ගරු කිරීමක් වශයෙනි.
ලෙනාඩ් වල්ගා තරුව හෙට උදෑසන කාලයේ කැනඩාව ඇතුළු උතුරු ඇමෙරිකානුවන්ට පියවි ඇසින් දැක බලා ගත හැකි බවත්, ලොව අනෙකුත් රටවලට හෙට ඉර බැස යාමෙන් අනතුරුව එය දිස්වන බවත් තාරකා විද්‍යාඥයෝ පවසති.
COMMENTS
වල්ගය නැතත් අපිට වල්ගය තියනවා වගේ දැනිලා දැන් ටික කාලයක්... තරු කොහොමත් අපට දැන් හිටු කියලා පෙනෙනවා...
ස' පෙන්නන තරු එක්ක ඕවත් තරුද...