රොමේෂ් මධුෂංඛ
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශ්වරන් මහතාගේ වව්නියාවේ පැවත්වෙන වැඩසටහනකට එරෙහිව අද (02) වවුනියාව නගරයේ ස්ථාන කිහිපයකම කිසියම් පිරිසක් විසින් අත්පත්‍රිකා බෙදා ඇත.
වව්නියාව තාණ්ඩිකුලම ප්‍රදේශයේ හා වවුනියාව නගරයේ ස්ථාන කිහිපයක මෙසේ අත්පත්‍රිකා බෙදා හැර තිබිණි.
දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් බිහිකළ දෙමළ මහජන සභා පක්ෂයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අද (2) වවුනියාව නගර සභා සංස්කෘතික ශාලාවේදී දෙමළ සංස්කෘතික වැඩසටහනක් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ ක්‍රියාකාරීන් විසින් සංවිධානය කර ඇති අතර, ඊට සමගාමීව විග්නේශ්වරන් මහතාට විරුද්ධව මෙම අත්පත්‍රිකා බෙදා හැර ඇත.
අදාල අත්පත්‍රිකා මගින් පෙන්වා දී ඇත්තේ විග්නේශ්වරන් යනු වව්නියාවේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සංවර්ධන වැඩසටහන් රැසක් නැවතු පුද්ගලයකු බවත් එහිදී වව්නියාවට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ උක් කර්මාන්තශාලාවන් නැවත්වීම, බස් නැවතුම්පලේ අලාභයන්, ආරථික වෙළඳ මධ්‍යස්ථානය වෙනත් ස්ථානයකට මාරු කිරීම ආදි වව්නියාවේ සංවර්ධනයට වින කරපු පුද්ගලයා පිළිගනිව් පිළිගනිව් කියා එම අත්පත්‍රිකාවල සඳහන් කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
547
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1074
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු මහ ඇමැති විග්නේෂ්වරන්ට එරෙහිව අත්පත්‍රිකා බෙදයි