(මනෝප‍්‍රිය ගුණසේකර)
බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව ලබන නොවැම්බර් මස 6 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (4) තීරණය කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් එලෙස තීරණය කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් පැමිණිල්ලේ සාක්කිකරුවන්ට සිතාසි නිකුත් කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී වැඩතහනමකට ලක්වී සිටින හිටපු මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා අධිකරණයේ පෙනී සිටියහ.
නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ උපදෙස් මත විත්තිකරුවන්ට එරෙහිව මෙලෙස නඩු පවරනු ලැබීය.
2008 නොවැම්බර් 06 වැනිදාත් 2015 මැයි 18 වැනිදාත් අතර කාලයේ මීගොඩ ගොඩගමුවේදී නිසි බලපත‍්‍රයක් නොමැතිව පොදු දේපලක් වන අලියකු ළඟ තබා ගැනීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව වනයෙන් අල්ලා ගන්නා ලද ‘සකුරා’ වශයෙන් හඳුන්වනු ලැබු අලි පැටවකු ළඟ තබා ගැනීම ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 25ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 25 දෙනෙකු හා ලේඛන 8 ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
වනජීවී ඇමැති වසන්ත සේනානායක මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලදී.
වැඩතහනමකට ලක්වී සිටින හිටපු මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණීයක වන එච්. පි‍්‍රයංකා සංජීවනී, වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ (නීතී) පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි නමැත්තන්ය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් මෙම නඩුව ලබන නොවැම්බර් 6 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළේය.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හිටපු මහේස්ත්‍රාත්වරයකු ඇතුළු සිව් දෙනෙකුට එරෙහි නඩුව නොවැ. 6 සිට විභාගයට
Mahee Friday, 04 October 2019 12:31 PM
අමතක වීමකින් අලි පැටවකු දොරකඩ දමා ගිය කේස් එක ඉවරයි නෙවද? සාදු සාදු...!
Duminda Friday, 04 October 2019 03:53 PM
දප්පුල මේ නඩුවත් තාක්ෂණික දෝෂයකින්ම ඉවර කරයිද?