
(මනෝප්රිය ගුණසේකර)
නීතී විරෝධී නොකර හැරීම මගින් පාස්කු ප්‍රහාරය සිදුවීමට ඉඩ සලස්වා පුද්ගලයින් ඝාතන සහ තුවාල සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු පොලිස්පති පුජීත ජයසුන්දර මහතා නිදහස් කරන්නේද? එසේත් නැත්නම් ඔහුට එරෙහිව විත්ති වාචික කැදවන්නේද යන්නේද? පිළිබද තීන්දුව ලබන මස 18 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (20) දැනුම් දුන්නේය.
මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් කෙරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පීරීස් මහතා කළ දැනුම් දීමක් සළකා බැලීමෙන් අනතුරුව විනිසුරු මුඩුල්ල එලෙස දැනුම් දුන්නේය.
නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැදිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සැදුම් ලත් විනිසුරු මඩුල්ල හමු වේ මේ නඩුව විභාග කෙරෙයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු කරුම පස්සෙන් එනවා නේද? මම දන්නා විදිහට අර විදුලි සෝපානය අසල ගුටිකාපු මිනිහා සීනිගම දේවාලේ මිරිස් ඇඹරුවා.
අයි.එස් කාරයින්ට කතෝලික පල්ලියකට බෝම්බ ගහන්න ඕනෙ නම් බෞද්ධ මේ කුඩා දිවයින තෝරාගනියිද? රටේ ජනමතය හරවන්න කරපු එකක්ද කියලයි මට සැක. කරවපු මහමොලකාරයින්ට පාලනය ගිලිහී ගිහිල්ලා හිතුව ගානට වඩා විශාල ගණනක් මිය ගිහිල්ලා වැඩේ අනාගත්තා...
මළකඩ කාපු තරාදිය සමබර වෙනවාද... නැට්ටුවෝ, ගායකයෝ එළියට එනවාද... යස් සර්, විල් ඩූ සර්, ඕකේ සර් කියනවාද... ලක් අම්මගේ නැතිවුන් දරුවන් අමතකයිද...
වැසිකිලි ගියත් මියගිය අය එබිකම් කරනවානේ... ඇඳ යට ගියත් නිදියන්නට ඔක්කොම එනවානේ... වඳින්න ගියත් කට්ටිය "පස්සෙන්" හිනැහෙනවානේ... ආවත් එළියට මැරිච්ච උන්ගෙන් නිදහස නැහැනේ...
මෙයාගේ කෙරුවාවේ හැටියට හිරේට යන්න තිබුණේ මෙයිට වඩා අවුරුදු කීපයකට කළින්... ඔබ නියෝජ්‍ය පොලිස්පති කාලේ, පොලිස් පරීක්ෂණ, ඩග්ලස් සහ ඇගේ බිරිඳ මැරුණු විදිහත් තවම අභිරහසක්නේ...
එතකොට හිටපු ජනාධිපතිගේ ආරක්ෂක ඇමැති...? එයාට විරුද්ධව මුකුත් නැද්ද? ඒකයි ආණ්ඩුවෙන් ඉවත් වෙන්න බය..