(ලහිරු හර්ෂණ)
හිටපු නාවික හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අද (05) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාර බසයකින් රැගෙන අවේය.
උදෑසන 10.30 ට පමණ එම බන්ධනාගාර බසය කොටුව අධිකරණ භූමියට පැමිණියද රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට අදාළ නඩු කටයුතු ඇරැඹිමේ වේලාව පැමිණෙන තුරු ඔහු බසයේම රඳවා සිටීමට නිලධාරීන් කටයුතු කර තිබිණි.
ඒ අනුව සවස 2.10 ට පමණ හිටපු නාවික හමුදාපතිවරයා අධිකරණය තුළට රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ අතර පැය 4කට අධික කාලයක් ඔහු බන්ධනාගාර බස් රථයේම රඳවා සිටියේය.
නඩු කටයුතු මේ වන විට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවති.



(ඡායාරූප - ලහිරු හර්ෂණ)
COMMENTS
රනිල්ගේ යහපාලන රණවිරු දඩයම....
මේ රටේ අරක්ෂක නිලධාරීන්ගෙන් පලිගන්නා එක තරයේ හෙළාදකිනවා. තව මෙයා හිටියොත් හමුදාපති, පොලිස්පතිවරයාටත් ඕකම කරන්න බැරි නෑ.
බත් පාර්සලයක් එක්ක අර ගුටිකාපු කෙනාව හිරගෙදරට යවන්න ඕනේ මෙතුමාව බලල එන්න කියල.
ඕවා නං කියලම කරන දේවල්. මහා කැත වැඩ. අපිටවත් අව්වේ බස් එකක් ඇතුලේ විනාඩි කීපයක් ඉන්නකොට කොච්චර අපහසුද? මෙතුමාව පැය 4ක් බස් එක ඇතුලේ රත් වේවි තියාගෙන. දැන් රණවිරුවන්ගෙන් පළිගන්නවෝ කියලා කෑ ගහපු අය කෝ? හැම වෙලාවේම රණවිරුවන් මුරුංගා අත්තේ තියන උදවිය?
කරන කලට පව් මීරිය මී සේ ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ !
බන්ධනාගාරේ තාප්පේ නම් ගහලා තියෙන්නේ " හිරකාරයොත් මනුෂ්‍යයෝය" කියලා. පිදිය යුත්තාට පිදිය යුතුය. මේ මනුස්සයෝ තම ජීවිත පරදුවට තබා ලාංකීය එක්සේසත් බව ගැන සිතුවේ කාලකන්නින්ට කොමිස් ගහන්න රට විකුණන් කන්න ඉදිමිච්ච ඔලු ගෙඩි ටිකට හෙන ගහගන්න නොවේ. පොදු යහපත තකා. ඔක්කොම පැත්තකින් තියලා පිටරටකට ගියා නම් දෙයියනේ කියලා හොඳින් ඉන්න තිබුණා. කාලකන්නි නොසිටිය තැන්වලට ගියාම වෙනදේ...
වැරැද්ද උසාවිය තීරණය කරයි. ඒත් ඔහු යුද වීරයෙක්. ගිය රජයේ හොරු උසාවියට ආවේ ඒසී කරපු වාහනවල. හොඳට ඇවිදලා හිටපු අය හිරයට ගියාම බරපතල ලෙඩ්ඩු වෙනවා. වැරැද්දට දඬුවම් දෙන්න. ඒ වීරයන්ට අගෞරව කරන්න එපා.
ගොඩක් කණගාටුයි.. මෙතුමා වගේ රට වෙනුවෙන් සටන් කරපු අභීත නිලධාරියෙක්ට අද වුණු දේට... මෙත්මාව ඉක්මණින් නිදහස් කරනු... අද අපි ඉන්නේ මෙතුමා වගේ අය නිසයි.
මොහු සැබෑ යුද වීරයෙක්' ඔහු රට වෙනුවෙන් විශාල සේවයක් කලා. නමුත් ඔහුට නිලතල තානාන්තර ලැබුනම සියලු දේ අමතක උනා. උද්දච්ච කම වැඩි උනා
කරුණාව හිරභාරයට ගත යුතුයි. නැතිනම් ඉදිරියටත් බරපතල අපරාධ කරනු ඇත.
මේවා හෙන ගහන අපරාධ...
මේකට හා මේ සම්බන්දව සිදුවුණා වූ සිදුවීම් මාලාව ගැන මෙලෝ දෙයක් නොදන්නා අයවලුන් බොරුවට කෑගහන්න එපා මෙතුමා මේ කිසිම වරදක් කරලා නෙවේ මේ දඩුවම විදින්නේ මෙතුමාගේ හමුදා ඛණ්ඩයේ යම් අයවලුන් කල වැරදි නිසා මෙතුමාට අද මෙහෙම වෙලා තියෙන්නේ මේ කරන කිසි දේකින් ඒ වැරදි කරවපු කිසිම කෙනෙකුට දඩුවම් ලැබෙන නේ නැහැ දඩුවම් ලබන්නේ ඔවූන් යටතේ උන්න අහිංසක සොල්දාදුවන්ට පමණයි.
පැය 4 මොකක්ද? මේ අය ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය සමග යුද්ධ කළ අය... ගොඩබිමේත් නොව මුහුදේ ජීවිතය ගැන නොතකා පවුල් දරුවෝ අමතක කර රට වෙනුවෙන් එවන් වීරයින්ට සලකන්න ලංකාවේ අය දන්නේ නැහැ. මොහු ඇමෙරිකාවේ හිටියා නම් මොහුගේ කෙස් ගසකටවත් අත තියන්න හම්බ වෙන්නේ නැහැ. ජාතික වීරයෙක් කුහකයින්ගෙන් පිරි රටක ඉපදිලා ඒ අයව බේරාගත්ත එකට සලකන හැටි තමයි මේ...
මෙතුමා යුද වීරයෙක්. නාවුක ප්‍රහාරක බෝට්ටු බලකායේ නිර්මාතෘවරයා. හැබැයි චෝදනාව බරපතලයි. කප්පම් වලට තරුණ ජීවිත 11 ක් අතුරුදහන්වූ නඩුවක්. මේ සිද්ධිය සමබන්ධව පරීක්ෂණ වලට "කටඋත්තරයක්" දීලා, වගකිවයුතු නිලධාරියෙකු විදියට විතරක් නොවෙයි, ලංකාවේ පුරවැසියෙකු විදියට තමන්ගේ වගකීම ඉටු කළානම්, මේ විදියට රිමාන්ඩ් එකේ ඉන්න ඕන නැහැනේ... නීතිය දන්නා නිලධාරියෙකු විදියට, නීතියට ගරු කරන්න.
මෙවැනි දසුන් දකින්න අපි පුදුම පවක් කරලා තියෙනවා. මොන තරම් දේවල් රටට කරපු නිලධාරියෙක් ද.?
ඔහු යුද වීරයෙක් බව ඇත්ත. එහෙත් කප්පම් ගන්න 11 දෙනෙක් අතුරුදන් කල කියන්නේ.ඒ පිළිබද පුවත් පසුගිය දවස්වල අපි දැක්ක. උසාවිය තීන්දු කරවී වැරදිද නිවැරදිද කියල. යුද වීරයෙක් කියල ඕන වැරද්දක් කරන්න ඉඩ දීල බලාගෙන ඉන්නද කියන්නේ. තමන්ගේ කෙනෙක් අතුරුදන් උනානම් මෙයාගේ අතින් ඔය කඳුළු හලන අය මොකද කියන්නේ.
අර කියල තිබුණේ ජාත්‍යන්තරය එක්කල එකතුවෙලා පාඩම් උගන්වනවා කියල. තව ඒ පාඩම් පටන්ගත්ත විතරයි. අයෙත් අර පඹයාට ඡන්දෙ දීපල්ලා.
ප්‍රතිචාර දක්වන්නෝ බොහොමයක් පටලගෙන . වැරදි කරපු අයට දඩුවම් දිය යුතුමයි.
කරපු හොඳ වැඩ අගය කල යුතුයි. ඒ වගේම වරදක් කරලා නම් දඬුවම් විඳිය යුතුයි තරා තිරම නොබලා.
යුද වීරයෙක් වශයෙන් එතුමාට මගේ ගෞරවය පුද කරනවා. නමුත් අපරාධ නඩුවක සැකකරුවෙක් වශෙන් සහ මේ නඩුව සම්බන්ධව එතුමා හැසුරුණු ආකාරය නිසා නීතිය අනුව ඔහුට දිය යුතු දඬුවම ලබාදීමත් අනිවාර්යයෙන්ම කලයුතුයි.
පේන්නේ නැද්ද? ටයි කෝට් දා්‍ගෙන ලක්සිරි බසයකින් එළියට එනවා. බන්ධනාගාර බසයේ ඉන්නේ වෙන අපි වගේ හිරකාරයෙක්...