IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ 25ට පෙර අල්ලන තැතක් තිබෙනවා

රණවිරුවන් බිලිදී මානව හිමිකම් කොමිසම සතුටු කරන්න ඉඩ නොදෙමු

ජානිපෙ මන්ත්‍රී ජයන්ත සමරවීර කියයි

(ඩයනා උදයංගනී)

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා, ජිනීවා මානව හිමිකම් කොමිසමේ 40 වැනි සැසිවාරය ආරම්භ වන මෙම මස 25 වැනිදාට පෙර අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඊයේ (12) පැවසීය.

මේ ආකාරයෙන් රණවිරුවන් බිලිදී ජිනීවා මානව හිමිකම් කොමිසම සතුටු කිරීමට රජය ගන්නා උත්සාහයට ඉඩ නොදිය යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. ජයන්ත සමරවීර මහතා මේ බව පැවසුවේ ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කියා සිටියේය. “අප මේ ගෙවන්නේ කොටි ත්‍රස්තවාදය පැරදවීමෙන් පසු දසවන වර්ෂයයි. මැයි මස 19 වැනිදාට වසර 10ක් සම්පූර්ණ වෙනවා. ඒ විජයග්‍රාහී සමරුව වෙනුවෙන් රට සූදානම් වෙන වෙලාවේත් ඒ ජයග්‍රහණය රටට අත්පත් කර දී සියලු ජනතාවට සාමයෙන් හුස්ම ගැනීමේ අවස්ථාව ලබාදුන් රණවිරුවන්ගෙන් පලිගැනීම සිදුවෙමින් තිබෙනවා. මානව හිමිකම් කොමිසමේ එවක කොමසාරිස්වරයා වූ සෙයිඞ් අල් හුසේන් කුමාරයා 2015 වසරේ අපේ රණවිරුවන් යුද අපරාධ කළ බව සඳහන් කරමින් සකස් කළ අභූත වාර්තාව පිළිගෙන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඒ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට එකඟ වී තිබෙනවා. පෙබරවාරි 25 වැනිදා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය ජිනීවාවලදී ආරම්භ වෙනවා. මාර්තු 21 දක්වා මෙය පැවැත්වෙනවා.

 

ශ්‍රී ලංකාවේ යුද අපරාධවලට වගකිව යුතු රණවිරුවන්ට දඬුවම්දීමට ඔවුන් ලබාදී ඇත්තේ මෙම වසර අවසානය තෙක් පමණයි. මේ කාලය අවසන් වන විට රණවිරුවන්ට දඬුවම් ලබාදෙමින් බටහිර රටවල විශ්වාසය දිනාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබෙනවා. මේ වනවිටත් බුද්ධි අංශ රණවිරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරමින් ඔවුන් එම කාර්ය ආරම්භ කර තිබෙනවා. මානව හිමිකම් සමුළුවේ යෝජනාවට අනුකූලව කටයුතු කරමින් යුද්ධයට දායකත්වය දුන් ඒ රණවිරුවන් මෙන්ම නාවික හමුදා කොමදෝරු ඩී.කේ.පී දසනායක, සුමිත් රණසිංහ වැනි රණවිරුවන් ද සිරගත කර තිබෙනවා. නාවික හමුදා කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා අත්අඩංගුවට ගත්තේ වෙන් එමර්සන් නැමති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයා ලංකාවට ආ වෙලාවේයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නව කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය මෙවර සමුළුව අවසානයට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට නියමිතයි. මේ වන විට රාජ්‍ය නොවන සංවිධාන 30ක් ලංකාවේ යුද අපරාධ සිදුවීම සම්බන්ධයෙන් එම කොමිසමට වාර්තා 30ක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වී තිබෙනවා.

එමෙන්ම යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ජාත්‍යන්තර ගමන් තහනම් කරන ලෙසත්, ඔහු හමුදාවෙන් ඉවත් කරන ලෙසත් ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ උපදේශිකා යාශ්වින් සූකා පිටු 157ක වාර්තාවක් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර තිබෙනවා. යාශ්වින් සූකා විසින්ම ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ යුද හමුදා රණවිරුවන් 59 දෙනෙකු යුද අපරාධවලට සම්බන්ධ බවට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර මහත්වරුන්ගේ එකඟතාව පරිදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව වටකර රණවිරුවන්ට පහරදීමට සූදානම් වෙනවා. රණවිරුවන් 59 දෙනකුට එරෙහිව ඔවුන් කටයුතු කරන වෙලාවේ, රජය උත්සාහ කරන්නේ පෙබරවාරි 25ට පෙර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාත් අත්අඩංගුවට ගන්නයි. මේ වන විටත් ඔහුට එරෙහි නඩුවක් විභාග වෙනවා.

වසන්ත කරන්නාගොඩ මහතාට විරුද්ධව සාක්‍ෂි දෙන අයට ඕස්ටේ්‍රලියාවේ රැකවරණ පවා දී තිබෙනවා. හිටපු හමුදාපති සින්නයියා මහතාත් එම ධූරයට පත්වීමට පෙර වසන්ත කරන්නාගොඩ මහතාට විරුද්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දී තිබෙනවා. පසුගිය දිනක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධූරයට පත්කිරීමට උත්සාහ කළ ශාමල් ප්‍රනාන්දු නමැති නාවික හමුදා නිලධාරියාත් කරන්නාගොඩ මහතාට විරුද්ධව සාක්‍ෂි දුන් අයෙක්. මේ අයුරින් එවැනි අයට වරප්‍රසාද දී තමයි කරන්නාගොඩ මහතා දංගෙඩියට ගෙනියන්න හදන්නේ. ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා යුද අපරාධ කළ අයට දඬුවම්දීමට කැමති බව ප්‍රසිද්ධියේම කියා තිබෙනවා. එවැනි පැමිණිලි තිබෙනවා නම් එවන්න කියා දෙමළ ඩයස්පෝරාවට ආරාධනයක්ද කර තිබෙනවා. පුද්ගලයන් 11 දෙනෙක් අතුරුදන් වූ බවට අභූත චෝදනා නගා කරන්නාගොඩ මහතා රක්‍ෂිත බන්ධනාගාරගත කර දංගෙඩියට දක්කන්නයි දැන් සැරසෙන්නේ.



අදහස් (2)

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ 25ට පෙර අල්ලන තැතක් තිබෙනවා

Chanak Los angeles Tuesday, 26 February 2019 03:39 AM

රණවිරුවන්ට මුවා වෙලා ලකුණු පුවරුව උඩ දාගන්න වගෙයි කල්පනාව.. එත් කමක් නැහැ නියම රණවිරුවන්ට මුවා වෙලා එහෙම කරගන්නවානම් .

:       1007       1

පිටිගල මිලානෝ Wednesday, 13 March 2019 10:33 AM

කරන්නාගොඩ මහතාගෙන් ප්‍රශ්න කරන්නේ යුද්ධය සම්බන්ධව යමක් හෝ යුධ අපරාධ සම්බන්ධ යමක් නොවේ. අසරණ ළමුන් කිහිපදෙනෙක් කප්පම් ගැනීම සඳහා පැහැරගැනීමක් සහ මරා දැමීමක් පිළිබඳවයි. මෙවැනි මහා පරිමාණයේ චෝදනා නිර්දෝෂී මිනිසෙකුට කිරීම අමාරු කාර්යයක් වන බැවින් එතුමා එයට උදව් දී නැත්නම් ඉතාමත්ම ලේසියෙන් බේරෙන්න පුළුවන්. ඒ නිසා මේවාට ජිනීවා පටලවා ගන්න එපා...

:       11       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 748 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 904 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 375 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site