IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා සභාපතිගේ නඩුව හෙට සිට විභාගයට

(මනෝප‍්‍රිය ගුණසේකර)

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාට එරෙහි නඩුව හෙට සිට (10) විභාග කිරීම ආරම්භ කිරීමට පළමුවැනි විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (9) තීරණය කළේය.

ශි‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර්  පෞද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල්  කෝටි 5 1/2 ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 2 ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටී.

මෙම නඩුවේ ප‍්‍රධාන සාක්කිකරු වන එම්. ජී. ෂුගර්   පුද්ගලික සමාගමේ හිමිකරු වන කේ. ඩිප්පයියා නාගරාජා මහතාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විනිසුරු මඩුල්ල ඔහුට සිතාසි නිකුත් කළේය.

මෙම විත්තිකරුවන්ට එරෙහිව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීමට අවසර දෙන්නැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුමැතිය ලැබීමෙන් පසුව විත්තිකරුවන්ට එරෙහිව විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරනු ලැබීය.

විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් වශයෙන් සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් කටයුතු කරයි.

විත්තිකරුවන් විසින් අල්ලස් පණත යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිදු කර ඇති බව සඳහන් කරමින් අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය ඉදිකැටිය හේවගේ කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස  කටයුතු  කළ පියදාස  දිසානායක මහත්වරුන්ට එරෙහිවය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් සංශෝධිත අධිචෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කරන ලදී.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් සංශෝධිත අධිචෝදනා පත‍්‍රය තමන්ට ලැබුණේ අද දිනයේදී හෙයින් එහි ඇති කරුණු අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බවත් එහෙයින් මෙම නඩුව විභාග කිරීම සඳහා වෙනත් දිනයක කැඳවන්නැයි ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් පසුව අදාළ ජංගම දුරකතන දෙක රැගෙන පැමිණෙන ලෙස මෙම නඩුවේ පැමිණිලිකරුට නියම කළ විනිසුරු මඬුල්ල නඩුව අද (10) සිට විභාග කිරීමටද නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතීඥවරුන් වන රියෙන්සි අර්සකුලරත්න සහ අනිල් සිල්වා යන මහත්වරු පෙනී සිටියහ.

 



අදහස් (8)

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා සභාපතිගේ නඩුව හෙට සිට විභාගයට

Maithree Monday, 09 September 2019 11:40 AM

පොඩ්ඩක් හිතලා බලන්න වඩා ගැලපෙන්නේ "හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි" කියන එකද "ජනපති හිටපු කර්ය මණ්ඩල ප්‍රධානි" කියන එකද?

:       0       25

sena Monday, 09 September 2019 11:56 AM

මෙයාලා පත්කළේ කව්ද දන්නේ නැහැ නේද? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න පුලුවන්ද?

:       0       19

RaveendraMonday, 09 September 2019 03:40 PM

මම දන්නේ නැහැ.. මමත් දැනගත්තේ උදේ පත්තරේ බලනකොට කොහෙවත් යන තක්කඩින් මගේ කාර්යාලයට පත්කරලා කියලා. ඉතින්...හත්වලාමේ වෙච්ච දේට මක් කරන්නද?

:       0       0

අබිලිං Monday, 09 September 2019 12:16 PM

කව්ද ඉතිං සිංගප්පූර් අර්ජුන පත් කළඅයම මිසක් වලිගය පාගාගෙන දඟලයිද දන්නේ නැහැ දැන්....

:       12       14

රවින් Monday, 09 September 2019 01:40 PM

සම්පූර්ණ නඩුව වාර්තා කළොත් කොයි කොයි කිල්ලෝටවල තියන හුණුත් එළියට එයි වගේ...

:       0       6

Raveendra Monday, 09 September 2019 03:44 PM

අනේ ඔය අහිංසකයාව අත්හැරලා දාන්න අප්පා... මිනිහා දැව සංස්ථාවෙන් ඔය දිරච්ච ලී කෑලි දෙක තුනක් ගෙදර ගෙනියන්න ඇති ගිනි තපින්න... මොකද තරුණ හාදයනේ...

:       0       0

Chanak los angeles Monday, 09 September 2019 08:30 PM

ශරීරයේ තුල සිද්ධවෙන සෑම ක්‍රියාවලියක්ම මොළයේ අනු දැනුම මත සිදුවන්නා සේ ක්ෂේස්ත්‍රයේ සිදුකරන මහා පරිමාන දුෂණ වංචා ලොක්කගේත් අනු දැනුම ඇතිවයි සිදුවෙන්නේ . ඔහොම නඩුව ඇදගෙන යන්න සමහරවිට සැකකරුගෙන් නිසි ඇත්ත ගන්න නොහැකි වෙයි මන්ද අහවලා තවමත් මහපුටුවේ වැජඹෙන නිසා .ළඟදීම එතනින් එලියට විසිවුණාම සැකකරු ඇත්ත වමාරන්න ඉඩ තිබෙනවා .

:       0       0

susantha jayasingha Tuesday, 10 September 2019 12:14 AM

මේ පට්ට හොරු දෙන්නා ව බේරා ගන්න නීතීඥවරුන් කණ්ඩායමක් ම දාගෙන හොදට ජය ගන්න එහෙනම් සුදානම.......බලමු කෝ ......නීතියේ දෙවගනක් ඉන්නවා ද කියලා....

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site