IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


හිටපු ජනපති ඇතුළු රදගුරුතුමන්ලා තිදෙනාට අවවාද කරති

 

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

   

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන ජනාධිපති කොමිෂන් සභාව  අද (24)  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙන්ම  ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාටත්, කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනාටත්  අවවාද කළේය.

සාක්ෂිකරුවන් විසින් කොමිසමේ දී කරන ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් වළකින ලෙස මෙලෙස අවවාද කර ඇත.

කොමිසම හමුවේ සාක්ෂි දීමේ දී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අසත්‍ය ප්‍රකාශ කළ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලිපි ශීර්ෂය යටතේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පසුගිය දා නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අදාළව අද (24) පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාටත් කොමිසම ඊයේ (23) නොතීසි නිකුත් කළේ ය.

කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනා  වන මැක්ස්වෙල් සිල්වා, ඇන්තනි ජයකොඩි සහ ඇන්ටන් රංජිත් යන රදගුරුතුමන්ලා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසී නිකුත් කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය පිළිබද අගරදගුරුතුමා දැන සිටින්නට ඇතැයි කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු තුමන්ලා නිකුත් කළ නිවේදනයට අදාළවය.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා, කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු මැක්ස්වෙල් සිල්වා රදගුරුතුමන් පමණක් කොමිසම හමුවේ පෙනී සිටියහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඔහුගේ නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙනී සිටියේය.



අදහස් (9)

හිටපු ජනපති ඇතුළු රදගුරුතුමන්ලා තිදෙනාට අවවාද කරති

Kamal Koyrala Thursday, 24 September 2020 09:24 AM

රදගුරුතුමාගේ ඩීල් නොදැන සහයක අය උත්තර බඳින්න ගියාම ඔහොම අවවාද බලන්න වෙනවා.

:       20       45

BamunuarachchiSunday, 27 September 2020 02:23 PM

ඔයාටත් අවවාද කරන්න වෙනවා

:       1       0

sampath Thursday, 24 September 2020 09:32 AM

ගරු විනිශ්චය සභාවක ඇති කරුණු සම්බන්ධව මත පලකිරීමක් කළ නොහැක... යන සරල දේවල් මෙවැනි බාරධූර වගකීම් දරන්න නොදැනීම කණගාටුවට කරුණක්.

:       3       31

වීරවිජේ Thursday, 24 September 2020 09:56 AM

එතකොට ඔය ටීවි වල ගිරව් වගේ කියන්නේ බොරුද?

:       0       39

Dasa P Thursday, 24 September 2020 01:06 PM

මදැයි මෙච්චර කාලයක් අපට අවවාදයක් ගන්න හිටපු ඇත්තන්ට වෙච්චි දේ. තමුන්ගේ තත්වෙ තියන් ඉන්නේ නැතිව හැම දේටම හොට දාන්න ගියොත් ළඟදීම චීත්තවලින් ලෝගු මහන්න වේවි.

:       6       23

Nimal Thursday, 24 September 2020 08:22 PM

තාම ජනතාවට යහපත කියා දෙන්න ඉන්න අය අද කොමිසන් ගානේ රස්තියාදු වෙනවා.

:       0       0

rana Friday, 25 September 2020 04:52 AM

හිට් ජනාධිපතිට වගේ අපිටත් ඔය නඩුව අසා සිටීමට යන්න පුලුවන්ද? දන්නේ නැති නිසයි අහන්නේ. මේ රටේ නීති සැමට එකයි නේද?

:       0       1

kasun Friday, 25 September 2020 03:27 PM

ගොඩක් හොඳයි.

:       0       0

Rata Perata Saturday, 26 September 2020 07:26 AM

දැන් 20 ආවොත්, මිනී මැරුවත් මේ වගේ උසාවි ගේන්න නම් බැරි වෙනවා. ඒකයි 20ට විරුද්ධ වෙන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1009 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site