(+++ උණවටුන ඩී.ජී සුගතපාල, අලුත්ගම තුසිත කුමාර ද සිල්වා, කරාපිටිය ජී.ඩබ්ලිව් ප්‍රේමතිලක ද සිල්වා, හික්කඩුව අමරසේන විතාන)
ලබන මහ මැතිවරණයේදී තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස ගාල්ල දිස්ත්‍රික්කයට තරග කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් මහතා ඊයේ (3) බෙන්තොට හෝටලයක පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
තමා ආරම්භ කරන මෙම අලුත් ඉනිමට ක්‍රිකට් ක්‍රීඩාවේදී සහය දුන් අයුරින්ම කිසිදු බේදයකින් තොරව සියලු දෙනාගේම සහය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු කීය.
ජනාධිපති ගෝඨාභය රාරපක්ෂ මහතා රට වෙනුවෙන් පැහැදිලි වැඩ පිළිවෙළක් ඉදිරිපත් කර ඇති නිසා එතුමාගේ එම වැඩපිළිවෙළට සහාය දැක්වීම සඳහා තමා මෙම තීරණය ගත් බව ද හෙතෙම පැවසීය.
තමා ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 1000 ක් ඉදිකර ඇති බවත් පවුල් 7500 ක දරුවන් 8000 කට ශිෂ්‍යත්ව ලබාදී ඇති බවත් කී තිලකරත්න ඩිල්ෂාන් මහතා ඊට අමතරව පෙර පාසල් 5 ක් සාදා දී ඇති බව ද දුප්පත් පාසල් සඳහා ක්‍රීඩා උපකරණ ලබා දී ඇති බව ද කීය.
ඉදිරි වසර පහ තුළදි ගාල්ල දිස්ත්‍රික්කයේ එක් ආසනයකට නිවාස 50 බැගින් ඉදිකර දෙන බව ද ඔහු සඳහන් කළේය.
ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ලද ජයග්‍රහණ මත ඇතිකරගත් විදේශීය සබඳතා ප්‍රයෝජනයට ගෙන ගාල්ල දිස්ත්‍රික්කය දියුණු කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම කීය.
COMMENTS
මේ අයට ඡන්දෙ දුන්නොත් හොඳට තියේවි... අනේ මෙන්න මෙහෙ බෝලයක් ගහගෙන ඉන්න හලෝ නිකම් පව් නොදී....
කරපුවා කියවනවා කියන්නේ මෙයා දේශපාලනයට එන්නෙම පිරිසිදු චේතනාවකින් නම් නෙමෙයි...
පීචන් වෙන්නයි හදන්නේ....
සුබපැතුම් දිලී... හැබැයි තව අර්ජුන කෙනෙක් වෙන්න එපා. අවංකවම රට වෙනුවෙන් වැඩ කරන්න. එහෙම බැරිනම් වැඩ කරන්න දෙන්නේ නැතිනම් ගෙදර යන්න. ඔබේ හොඳ නම රැකෙයි එතකොට....
ටික කාලයක් යනකොට මැරිච්ච මිනිස්සුත් ඡන්දෙ ඉල්ලාවි...
අනේ පව්... මේ ගොල්ලන් හිතාගෙන ඉන්නේ රටට සේවයක් කරන්න නෙමෙයි. රට කන්න එන්න. ඔය අපට ආදරේට ඉන්නේ දේශපාලනයට එන්න හදන්නේ...
තමන්ගේ ගෞරවය නැති කරගන්න හදන්නේ මෙයත් .
හිටපු ක්‍රිකට් නායක ඩිල්ෂාන් ගහපු තරඟ කීයක් ඔහුගේ කණ්ඩායම ජයගෙන තිබේද කියා දන්නා කෙනෙක් ඉන්නවානම් මෙහි කොමෙන්ට් එකක් දමන්න. කයිය විතරයි ප්‍රතිපල නම් අපි දැකලා නැත. ඡන්දෙන් පස්සේ මේ ඩිල්ෂාන් ට තව ටයිටල් එකක් එකතුකරන්න ක්‍රිකට් ක්‍රීඩා ලෝලයින්ට පුළුවන් වේවි: "හිටපු පොහොට්ටු මන්ත්‍රී අපේක්ෂක/ක්‍රිකට් නායක දිල්ෂාන්......" කියලා ! ! !
දිල්ෂාන්, සහෝදරයා මොනවා කරත් තමන් ලබාගත් ගරුත්වය, තැන, නැතිකර ගන්න එපා! අපේ රටේ මිනිස්සුන්ට ගොඩක් දේවල් හරි ඉක්මණට අමතක වෙනවා..!! එ්ක අමතක කරන්න එපා! බඩජහරි දේශපාලකයින් ඉන්නකම් අමාරුයි රට ගොඩ ගන්න...! ජයවේවා!!!
අනේ එපා, නළුවෝ නිලියෝ , ගායකයෝ, ක්‍රීඩකයෝ , බාර් කාරයෝ, රේස් බුකි කාරයෝ, කුඩු මුදලාලිලා, ගොඩනැගිලි කොන්ත්‍රාත් කාරයෝ, පාරවල් කොන්ත්‍රාත් කාරයෝ, හොරු, තක්කඩි, නැතුව අපි රටට වැඩක් කරන්න උගත් කමක් තියන ජනතාවගේ පැත්තෙන් හිතන්න පුලුවන් අය පමණක් මේ පාර අපි පර්ලිමන්තුවට යවමු, නැවත වරක් තව අවුරුදු 5 කට දියවන්නාව හරක් ලගින මඩුවක් වෙන්නට ඉඩනොදී, හිතේ තියා ගමු තෝරා පත් වෙන අය අපේ සේවකයන් මිස අපි ඔවුන්ගේ සේවකයන් නොවන බව, ලංකාව කවදා හෝ දියුණු වෙන්නේ දියවන්නාවේ ඉන්න අය වෙන රටවල වගේ ආරක්ෂාවක් නැතුව පාරේ තනියම යන්න පුළුවන් දවසට සහ අපිට සර් කියා ඒ අයට අමතන්න පුළුවන් වුණු දවසට පමණයි.
සද්ද නෙතුව හිටියට ගොඩක් වටිනා වැඩ කරලා තියෙනවා. අන්තරේ කෙනෙක් වුනොත් මීට වඩා වැඩ කරාවී
ඔබ දක්ෂ ක්‍රීඩකයකි. නමුත් ඔබ විසින් අසුචිවලට පැනීමට තීරණය කිරීම පිලිබදව අප ගනගාටු වෙන්නෙමු.
පච වෙන්න හදන්නේ.
ඔයා ක්‍රිකට් ගැහුවට දේශපාලනය බෑ. මෙයා ගෙදර යැවීම ගාල්ල ජනතාවගේ වගකීමකි.
මහන්සියෙන් උපයාගත් සල්ලි ටික සහ නම්බුව බේරාගෙන දන්නා කර්මාන්තයක් කරගෙන ඉන්නවා. ඔය ගොන් පොරේට ගිහින් ගොම් පස් තවරගන්නේ නැතිව...
පහුගිය කාලේ ගාල්ලට ආසනයක් එකතු කලේ මේ හින්දා වෙන්න ඇති. මෙයා දන්න දේශපාලනේ...
සිරිසේන දෙක. ඉංග්‍රීසිත් බැරි නිසා භාෂා පරිවර්තකයෝත් දෙන්න වෙනවා දින්නොත්. අනික ජාතිය, ආගම වෙනස් කරපු, පවුලක් ළමයෙක් අතඇරපු චරිතයක්...
පොල්පිති වලටත් ඡන්දේ දෙන බයියන් මෙයාව දිස්ත්‍රික්කයේ පළවෙනියා කරනවා සිකුරුයි...
ඔබ සනත්ව දන්නවද? එයාගෙන් විස්තර දැනගන්න මේ වලට පනින්න කළින්...
ඔව් ඔව්, මහරජාගේ දත් උල් කරන්න ඔයාව ඕන එන්න...!
අපට අලුතෙන් දේශපාලනයට අවශ්‍ය උගත්, බුද්ධිමත් පුද්ගලයන් මිසක් මෙවැනි පුද්ගලයන් නොවේ... මතකයිනේ සනත් ජයසූරිය පාර්ලිමේන්තු යැව්වා. මෙයා ගාල්ලෙන් පොහොට්ටුවෙන් ඉල්ලුවොත් ගීතා නෝනාට යනඑන මන් නැතිවෙනවා. මෙදාපාර ගාල්ලෙන් එක මන්ත්‍රී තනතුරක් අඩුවෙනවා..
මේ කරපු ටිකකාලේ දේශපාලනය නැතිව නම් ඇයි දැන් දේශපාලනේ...? අන්තිමේදී ඔයත් ගැහුවේ නැත්තේ ක්‍රිකට් විතරක් වෙයිද මන්දා...? හිනාවෙන්න ඉගෙන ගන්න ඉස්සෙල්ලම..
මට තේරෙන්නේ නැහැ, මේ තීරණයට ඉහලින් උදවිය මේ තරම් විරුද්ධ වෙන්නේ කියලා. තිලකරත්න දිල්ශාන් හරි හරමානිස් හරි සින්නයියා හරි මොහොමඩ් හරි කවුරු හරි හිතනවා නම් දේශපාලනයට එන්න ඒක ඒ ඒ අයගේ පෞද්ගලික තීරණයක්, ඔවුන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතියක්, මූලික අයිතිවාසිකමක්, තමන් කැමති දේශපාලන මතයක් වනුවෙන් පෙනී සිටින එක මිනිස්සුන්ගේ අයිතියක්, ඡන්ද ලැබීම හෝ නොලැබීම ඔහුගේ මැතිවරණ ප්‍රචාරය අනුව ප්‍රතිපත්ති අනුව තීරණය වේවි. දේශපාලනය මඩගොහුරක් තමයි, නමුත් හොඳ මිනිසුන් දේශපාලනයට එන්නේ නැතිනම් හොඳ මිනිසුන් දේශපාලනයට එන විට ඔන්න ඔහුත් මඩ වලේ පනින්න හදන්නේ කීමෙන් වෙන්නේ දූෂිත නුසුදුසු අයවලුන්ට තවදුරටත් අවස්තාව ලැබීමයි, මෙයින් මම අදහස් කරන්නේ නැහැ දිල්ශාන් මහතා සුපිරිසුදු සුදුසු අයෙක් කියන එක, ඔහු ගැන මම දන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන එක විතරයි.