(රංජිත් රාජපක්ෂ)

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද(18) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන්-මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට පස් කන්දක් සමග ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට පැය දෙකක කාලයක් බාධා පැමිණියේය.
 

අධික වර්ෂාවත් සමග නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ පස් කන්ද සමග ගස ප්‍රධාන මාර්ගයට කඩා වැටෙන අවස්ථාවේ විදුලි රැහන් පද්ධතියක්ද ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබුණි.
 
ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබු ගස සහ විදුලි රැහන් නාවලපිටිය පොලිසියේ නිලධාරින්, නාවලපිටිය විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවකයින් සහ ප්‍රදේශවාසින් එක්ව ඉවත් කර එම මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇත.
 
මේ අතර කාසල්රි , මවුස්සාකැලේ යන ජල පෝෂක ප්‍රදේශවලට සහ හැටන් ප්‍රදේශවලට පස්වරු 3.00 සිට  අධික වැසි වසිමින් පවතී.