IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම 22 දා වැඩිදුර සළකා බලයි

( තිළිණි ද සිල්වා )

 

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත්, ඔහුව මුදා හරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 22 වැනිදා වැඩිදුර සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියම කළේය.

 

මෙම පෙත්සම එල්.ටී.බී.දෙහිදෙණිය, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද සළකා බැලූ අතර එහිදී සළකා බැලීම එදිනට දින නියම කෙරිණි.

 

නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, එහි ස්ථානාධිපති, නීතිපති ඇතුළු 6 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

 

සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත්, නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා බැලීමට ඔහුගේ පවුලේ ඥාතීන්ට හා නීතීඥවරයකුට අවසර ලබා දෙන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.

 

ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.

 

පසුගිය අප්‍රේල් 14 වන දා රහස් පොලිසිය විසින් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගනු ලැබීය. එම අත්අඩංගුවට ගැනීමට හේතු කිසිවක් ඉරිදිපත් නොකර තිබිණි.

 

නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගත් දිනට පසුදා එනම් අප්‍රේල් 15 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පාස්කු දින එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තම සේවාදායකයා අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කර තිබිණි.

 

ඊට අමතරව එහිදී මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ නීතිපති උපදෙස් නොමැතිව මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතීඥ හිස්බුල්ලා මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

 

පෙත්සම්කරුව බැලීමට නීතීඥවරයකුට අවසර ලබා නොදෙන අතරම එසේම එම නීතීඥවරයා මෙතෙක් කිසිදු මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කර නැත. තවද පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමට කිසිදු හේතුවක් නොමැත. ජනාධිපතිවරයා නොමඟ යවමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ක්‍රියාව සිදු කර ඇත. එබැවින් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගැනීමට නීතියට පටහැනි වේ.

 

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ යැයි කියන ප්‍රකට කුළුබඩු ව්‍යාපාරිකයෙකු වන මොහොමඞ් යූසුෆ් ඊබ්‍රාහිම් නැමැත්තාගේ සිවිල් නඩු දෙකකට නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා පෙනී සිට ඇත. එම නඩු කොළඹ දිසා අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

 

නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා ”සේව් ද පර්ල් ” නැමැති භාරයේ භාරකරු වේ. මෙම සංවිධානය මෙරට මුස්ලිම් ප්‍රජාව පිළිගත් බොහෝ දෙනෙකු මෙම භාරයේ සාමාජිකයන් වෙති. සේව් ද පර්ල් භාරයෙන් ආධාර ලබන ළමුන් පිරිසකටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හිරිහැර හා තර්ජන සිදු කර ඇති බවද දැනගන්නට තිබේ.

 

ඔහු නීතියට පටහැනි කිසිවක් කර නොමැත එසේම නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සද්භාවයෙන් තමන් දන්නා සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇත.ඔහු හිටපු අමාත්‍ය රිෂාද් බදුද්දීන් මහතාගේ නීතීඥවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අයෙකි.එසේම ප්‍රකට සිවිල් හා දේශපාලන ක්‍රියාකාරකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයෙකි.

 

එම අත්අඩංගුවට ගැනීම තුළින් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් , මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබේ. තවද රදවා සිටින නීතීඥවරයා හමුවීමට ඔහුගේ පවුලේ ඥාතීන්ට හා නීතීඥවරයාට අවසර ලබා දෙන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සමින් ඉල්ලා තිබිණි.

 

එමෙන්ම අත්අඩංගුවේ පසුවන එම නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයෙකු සහ ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවට වහාම ඉදිරිපත් කරන ලෙසට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ,ඔහුව මුදා හැරීමේ නියෝගයක් නිකුත් කර ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කර ඔහුට සුදුසු වන්දි මුදලක් ලබා දෙන්නැයි පෙත්සම්කාර නීතිඥවරිය සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත වැඩිදුරටත් ඉල්ලා තිබේ.

 

පෙත්සම්කාර නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා, නීතීඥ හෆීල් ෆාරිස් යන මහත්වරුන්ද , නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ යන මහත්වරුන් පෙනී සිටියහ.

 



අදහස් (0)

හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම 22 දා වැඩිදුර සළකා බලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 66 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 902 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2528 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site