ජපානයට බලපෑ හැගිබිස් සුළි කුණාටුවෙන් පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් 16දෙනෙකු අතුරුදන්වී ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් ජපානයේ ප්‍රධාන දිවයින වන හොන්ෂු දිවයින සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයිද, නිවාස 100කට වැඩියෙන් හානි වී ඇතැයිද, ගංගා පිටාර ගැලීමෙන් හා වේලි කැඩීයාමෙන් ගංවතුර ඇතිවීම සහ නායයාම හේතුවෙන් ජනජීවිතය අඩාල වී ඇතැයිද පැවසේ.
චිකුමා ගංගාවේ වේලි කැඩී එහි ජලය ඒ අවට නිවාස වෙත ගලායාමෙන් නිවාසවල දෙවන මහල දක්වා ජල මට්ටම ඉහළ ගොස් ඇත.
ලොව වේගවත්ම දුම්රිය ලෙස සැලකෙන ෂින්කාන්සෙන් දුම්රිය සහිත අංගනය ද අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගංවතුරෙන් පිරී යටවී තිබේ.
(නියමිත වේලාවට ධාවනය වීම, සුවපහසුව, කාර්යක්ෂමතාව, ආරක්ෂාව මෙන්ම වේගය සම්බන්ධයෙන් ලෝකයේ ඉහළම කීර්තිනාමයක් හිමි දුම්රිය සේවය ෂින්කාන්සෙන් දුම්රිය ලෙස සැලකේ. පැයට කිලෝමීටර 320ක වේගයෙන් ජපානයේ අගනුවර වන ටෝකියෝ නුවර සිට ඔසාකා බලා ගමන්ගන්නා මෙම දුම්රිය ‘බුලට් ට්‍රේන්’ යනුවෙන්ද හැඳින්වේ.)
ගංවතුරට කොටුවූ පිරිස බේරාගැනීම සඳහා මේ වනවිට නිලධාරීහු කටයුතු කරමින් සිටිති. ආපදා තත්වයේදී බේරාගැනීමේ හමුදා භටයින් 27,000ක පමණ පිරිසක් විපතට පත් පිරිස බේරාගැනීම සඳහා යොදවා ඇති අතර, නගානෝ නගරයේ නිවාසවල වහල සහ සඳලුතලාවල රැඳී සිටින ඇතැම් පිරිස් මුදවාගැනීම සඳහා හෙලිකොප්ටර් යානාද, බෝට්ටු සේවාද යොදා ගෙන තිබේ.
මෙම ආපදා තත්වය හේතුවෙන් රග්බි ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක් අවලංගු කිරීමටද සංවිධායකවරුන්ට සිදුවිය. එහෙත් අද(ඉරිදා) පැවැත්වීමට නියමිත ස්කොට්ලන්තය සහ ජපානය අතර තරගය පැවැත්වෙනු ඇත.
මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 216ක වේගයෙන් පැමිණ ඇතැයිද, මෙය මේ වසරේදී බලපෑ දරුණුතම කුණාටුව බවද, පැවසේ.
කෙසේ වෙතත් ඉරිදා පෙරවරුව වනවිට සුළිකුණාටුව ජපානයේ ගොඩබිම සීමාවෙන් ඉවත්ව ගොස් තිබිණි.
(16844)



(ඡායාරූප - ඩේලිමේල් ඇසුරිනි)
සේයා රූ නැරඹීමට පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට කරදර ඇති වූ අවස්ථාවේද අප ඔබගේ දුක බෙදා ගන්නෙමු.මෙවන් කරදරයක් මතුවට ඇති නොවේ. ශ්‍රී ලංකා පුරවැසියන් වශයෙන් සැමට තෙරුවන් සරණයි.
ජපානය අපේ රටේ ඉතාමත්ම හිතවතෙක්. අවංක හිතවතෙක්. විපතේදී කිසිදිනෙක අපව අත්නොහැරිය මිතුරෙක්. ඔබට සිදුවූ මේ විපතේදී ශෝකය බෙදාගැනීමට අපත් ඔබ ලඟින්ම සිටිමු. ඉතාමත්ම ඉක්මනින් ඔබගේ රටේ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙනයාමට සුදුසු වාතාවරණයක් උදාවේවා. ජපන් ජාතිකයින් තමන්ගේ රටට පුදුමාකාර ආදරයක් දක්වනබව අප හොඳින්ම දනිමු. ඔවුන්ගේ ශක්තියෙන්, කඩා වැටුන ඔබගේ දේශය ආශ්චර්යත්මක ලෙස ගොඩ නැගීමට ශක්තිය, ධෛර්යය,ඔබට ලැබේවා යන්න අපගේ අවංක ප්‍රර්ථනාවයි.
ඔබලාගේ ජනජීවිතය ඉක්මනින් යතාතත්වයට පත්වේවා යන්න අපගේ පැතුමයි.!!!
මෙම සුළි සුළඟ උතුරට ගමන්කර පීඩන අවපාතයක් බවට පත්වී අමෙරිකාවේ බටහිර වෙරල දිගේ අපි වෙසෙන කැලිෆෝර්නියාව පැත්තට එනවා. එයින් අපට වැසි ලැබෙනවා. එම වැස්සෙන් තමයි අක්කර දහස් ගණනක් වගා කරන්නෙ
ජපානයේ සිටින අපේ ශ්‍රී ලාංකිකයන් ගැන අපේ විදේශ කටයුතු අමාත්‍යංශයට තොරතුරු මුකුත් ලැබිලා නැතිද ?
බුදු සරණයි සියලු දෙනාට