IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘සෝෆා ගිවිසුම අත්සන් කරන්න තීරණය කර නෑ’

(නාලක සංජීව දහානායක)

රජය සෝෆා ගිවිසුම අත්සන් කිරීමට තීරණයක් ගෙන නැතැයි ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශක හා ආයෝජන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (12) පැවසීය.

මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමට පෙර ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ගිවිසුමට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිව හිමිවිය යුතු බවත්  එවැනි අනුමැතියකින් තොරව වත්මන් රජය කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන බවද ඔහු කීය.

කොළඹ, මල්පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ අද (12) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

සොෆා ගිවිසුම පමණක් නොව රටට අහිතකර කිසිදු ගිවිසුමකට රජය අත්සන් නොකරන බවද හෙතෙම කීය.



අදහස් (12)

‘සෝෆා ගිවිසුම අත්සන් කරන්න තීරණය කර නෑ’

sam Wednesday, 12 February 2020 09:28 AM

කසකාරයන් එන්නේ පෙරහැර ළඟලඟම එන නිසා බව හිතෙන්නේ මට විතරද?

:       0       30

ජයන්ත මිලානෝ Wednesday, 12 February 2020 09:38 AM

මේ කියනදේ වෙනස් කරන කපටි දේශපාලකයන් කුමක් කීවත් ජනතාවට අදාළ නැහැ. මක්නිසාද බුද්ධියෙන් ක්‍රියා කරන ජනතාවක් අද දවසේ රටේ නැහැ. දවස් කීපයකට කලින් ඇසූදේ මේවෙනකොට අමතක කරන ජාතියක් සිංහල ජාතිය...

:       0       48

Amula Wednesday, 12 February 2020 09:48 AM

අපේ රටේ අයිතිය තියෙන්නේ මහ රජාගේ පවුලේ අයටයි, අර ඇතුලේ ඉන්න 225ටයි. තාම හරි හරි... වැරැදි හරි රටේ තීරණ ගන්නේ... ඒ නිසා අපි හැමදාම අර දියුණු වෙමින් පවතින රටක් තමයි. මීට අවුරුදු 50කිනුත් ඒ වගේමයි., දැනුත් ඒ වගේමයි.

:       8       19

cheena Wednesday, 12 February 2020 10:11 AM

එතකොට චීනා සමග අත්සන් කල ගිවිසුම් මොනවද?

:       0       8

පොඩ්ඩාWednesday, 12 February 2020 06:14 PM

ලංකාවට වයිරස් අපනයනය කරන්න.

:       0       24

නන්නාදුනන හාදයා Wednesday, 12 February 2020 12:06 PM

අත්සන් කළොත්.. රටම ලේ විලක් කරනවා. අත්සන් කරන්න සහයෝගය දුන්, අත්සන් කළ ඔක්කෝටම "මරණ" දණ්ඩනය. නන්නාඳුනන තුවක්කුකරු ඒ සඳහා නිතරම සූදානමින් සිටියි.

:       0       93

Champa Wednesday, 12 February 2020 12:25 PM

තනිකර බොරුවක්. මේ ගිවිසුම් තුන අත්සන් කරන්න සියලු කටයුතු සූදානම්... පොරොන්දුව දුන්නේ ඡන්දෙටත් ඉස්සෙල්ලා. දැන් යූටර්න් ජනාධිපති කඩිමුඩියේ රනිල් කරන්න හදපු ඉඩම් දත්ත සිතියම් හදන්නේ මේ ගිවිසුම අත්සන් කරපු ගමන් ජනතාව ලව්වාම ඉඩම් ටික පරදේශක්කාරයින්ට විකුණවන්න. රජයේ ඉඩම් ටික ආයෝජන කියලා විකුණනවා. මේ ජනාධිපති ගේන්න පොළවේ පස් කාපු සියලු ගිහි, පැවිදි හොර දේශප්‍රේමියන් මේ මහා පාවාදීමේ කොටස්කාරයන්. මොහුව ජනාධිපති තනතුරෙන් ඉවත් කරලා අගමැතිතුමාව වැඩබලන ජනාධිපති විදිහට පත් කරගෙන රට බේරා ගත යුතුයි. දැනටත් පරක්කු වැඩියි.

:       95       113

Hafeel Wednesday, 12 February 2020 12:35 PM

අත්සන් කරන්න තීරණයක් නැත්නම්, මොනවටද නීතිපති උපදෙස්, මහජන අදහස්, කමිටු පත් කරන්නේ? මෙතනදී ඇමරිකානු නිලධාරියෙක් කියලා තිබුණා, රජය මැයි මාසය වෙනකම් කල් ඉල්ලුවා කියලා. එහෙම අත්සන් කරන්නේ නැත්නම්, ඇයි ඇමරිකාව මේක එලවන්න ඕනේ? ඇයි කලින්ම කියන්න බැරි රජය මේ ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා...?

:       0       53

Champa Wednesday, 12 February 2020 12:42 PM

අගමැතිතුමා ඉන්දියාවට ගිහින් කෙලින්ම කිව්වා රනිල් ඉන්දියාවත් එක්ක අත්සන් කරපු ගිවිසුම් වලට වග කියන්නේ නැහැ කියලා. ඉන්දියාව ඇතුළු ලෝකේ අනිත් සියලු රටවල් අහක බලද්දී ලංකාවට උදව් ක‍රපු චීනය වෙනුවෙන් කතා කළා. 13 ප්ලස් එකට ජනතා කැමැත්ත තිබිය යුතුයි කිව්වා. අන්න නියම රාජ්‍ය නායකයන්. වැනිලි නැහැ. කෙඳිරිලි නැහැ. හොරගල් ඇහිලිලි නැහැ. කියන්න තියෙන දේ කෙලින් කිව්වා. ගිහින් තියෙන්නේ ඉන්දියාවට ගෙවන්න තියෙන ණය ගෙවීම අවුරුදු තුනකට අත්හිටුවන්න කියන්නලු. හැබැයි ඉන්දියාව ඉදිරියේ කොන්ද නැමුවේ නැහැ. ඒ ඉල්ලීම කලේත් රට පාවා නොදී. ඉන්දියාවටයි, ඇමරිකාවටයි අදටත් ප්‍රශ්නේ මහින්ද. එදා මෙදාතුර ලංකා දේශපාලන ඉතිහාසයේ නිර්භීතම දේශප්‍රේමී රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ. දැන් නෙමෙයි යුද්ධය කාලෙත් ජාත්‍යන්තරයේ දහසක් තර්ජන, ගර්ජන බලපෑම් මැද රූස්ස නුග රුකක් වගේ හෙවන දීලා මුළුරටම ආරක්ෂා කළා. මම අභියෝග කරනවා යූටර්න් ජනාධිපතිට පඟරනැට්ටන් දාලා කියවන්නේ නැතුව පුළුවන් නම් මහින්ද වගේ කෙලින් කියන්න කියලා එම්සීසී, සෝෆා ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියලා...

:       182       127

Hafeel Wednesday, 12 February 2020 01:42 PM

සෝමාවතියේ අක්කර 5000, බුත්තලේ අක්කර 5000, පැලවත්තේ අක්කර 1500 සහ උල්හිටියේ අක්කර 1500 ඇතුළු මුළු රටේම අක්කර 18,370 ඇමරිකානු ගෝල් සමාගමකට සහ කොළඹ යුදහමුදා මූලස්ථානය ශැන්ග්‍රිල්ලා තවත් විදේශ සමාගමකට සින්නක්කරයට ලියලා දුන්නේ ඇමෙරිකාවට බය නැති නිසාද? ඉතිහාසයේ ප්‍රධාන පක්ෂ දෙකම රටේ වටිනා සම්පත් වික්කා...

:       0       35

siri Wednesday, 12 February 2020 03:13 PM

"සෝෆා" සෝ ගුඩ්. ඇත්ත එළිවුණාම තමයි සේරටම උණ ගැනෙන්නේ...

:       0       84

රට වැසියා Wednesday, 12 February 2020 07:54 PM

නන්නාඳුනන හාදයා, ඔබගේ තීරණයට ගරුකරමු. අපේ රට විදේශිකයින්ට පාවාදෙන සියලු දෙනාටම මරණය හිමිකර දිය යුතුයි. රටට ආදරේ නැති උන් අපේ රටේ උන් නොවෙයි. එහෙම උන්ට නන්නාඳුනන තුවක්කුකරුගේ තුවක්කුව වගකීවාවේ. අපේ ඡන්දය හිඟා කාලා රජවෙලා අපිට අපේ රට නැතිකරන අයට වැසි නැති හෙන පාත්වුණාවේ.!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31334 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13543 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site