
(යොහාන් භාසුර)
ලංකා සතොස සහන මිලට ලබාදෙන සහල් මිලදී ගැනීමේදී වෙනත් භාණ්ඩ වර්ග හතරක් මිලදී ගතයුතු යන කොන්දේසියක් පැනවූයේ සතොස සහල් වැඩි මිලට අළෙවි කරන පුද්ගලයන්ගේ අතට සහල් පත්වීම වැලැක්වීමට බවත් එය වෙළෙඳ අමාත්‍යංශය විසින් පනවන ලද කොන්දේසියක් බවත් ලංකා සතොස සහභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා අද (4) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
ඇතැම් පුද්ගලයන් සංවිධානාත්මකව පුද්ගලයන් රැසක් සතොසට යොමුකර සහල් කිලෝවක් රුපියල් 98 බැගින් ලබාදෙන කිලෝවක් රුපියල් 140 කට අධික මිලකට අළෙවි කරන බව කී සභාපතිවරයා එවැනි කූඨ ව්‍යාපාර වැලැක්වීමට මෙම පියවර ගත් බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම තැනම මාෆියාව. සෞභාග්‍ය දැක්ම හොඳට දැනේ.
සතොස මා ෆියාව බලෙන් බඩු ඇගේ ගහනව
මේ කියන විදියට ගන්න හාල් කඩවත අවට තියෙන සතොස වල නම් නැහැ, 6 දෙනෙක් ඉන්න ගෙදරකට හාල් ගන්න හැමදාම අනිත් බඩුත් ගන්න ඕනේ?
ඒ කියන්නේ සුදුළුනු කන්ටේනර් එකටත් තව භාණ්ඩ කන්ටේනර් 3-4ක් දුන්නද.? මිනිස්සු හාල් ටික ගන්නත් සල්ලි නැතුව ඉන්නේ.