IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සහරාන් හශීම් සමඟ ගනුදෙනු කළ සැකකරුවකු බන්ධනාගාරයට

(දිනේෂ් උපේන්ද්‍ර)                                                                                             
            
ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හශීම් යන අය සමඟ ගනුදෙනු කළ බවට බුද්ධි අංශ විසින් තොරතුරු සනාථ කළ සැකකරුවකු කටුපොත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව මැයි මස 8 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය අද(30) නියම කළාය.
 
තවුහිද් ජමාත් සංවිධානයේ ප‍්‍රධාන පෙළේ සැකකරුවකු වන මොහු  අයි. එස්. අයි. එස්. සංවිධානය සමග සබඳතා පැවැත්වූ බවට බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබිණි. 
 
එසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කටුපොත අලහේනේගම ගාල්ලේගම කැකුණගොල්ල ප‍්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මොහොමඩ් ශාරුෆ් මොහොමඞ් මනාෆි නැමැත්තෙකි.
            
සැකකරු පිළිබඳව බුද්ධි අංශ වරින් වර විමර්ශන සිදුකරමින් කටුපොත පොලිසියට ලබාදී තිබූ තොරතුරු අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබිණ.
            
කටුපොත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පද්මසිරි මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් හේරත් මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත්කොට කරුණු දැක්වීය.



අදහස් (0)

සහරාන් හශීම් සමඟ ගනුදෙනු කළ සැකකරුවකු බන්ධනාගාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site