IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


සහරාන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයූ සැකකරු යළි රිමාන්ඩ්

(දිනේෂ් උපේන්ද්‍ර)                                  

සහරාන් හෂීම් ඇතුළු ත‍්‍රස්තයින්ට පුපුරණ ද්‍රව්‍ය සැපයූ බවට සැකපිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් දින 90ක රැඳවුම් බාරයෙන් කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු අගෝස්තු 5 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය නියම කළාය.

ඊට අදාළ වෙඩිබෙහෙත් ආදී පුපුරණද්‍රව්‍ය සැපයූ බව කියන හා පිපිරවීම් සඳහා ආධාර අනුබල දුන් බව කියන තවත් සැකකරුවන් තිදෙනෙකුට අදාළ නඩුව යළි කැඳවූ අවසථාවේ එම නඩුවටම නාරම්මල කැකුණගොල්ල ප‍්‍රදේශයේ පදිංචි අබ්දුල් කාදර් මොහොමඞ් අජ්මීර් නැමැත්තෙකු ඉදිරිපත් කළ අවස්ථාවේදී සෙසු සැකකරුවන් තිදෙනෙකු  සමඟ අදාළ සැකකරු ද රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට එසේ අද (29) නියම කෙරිණි.

එහිදී අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියාසිටියේ සහරාන් හෂීම් සමඟ ඝාතන සැලසුම්වලට සහභාගී වූ බවට තිබූ තොරතුරු මත  ඉදිරිපත් කළ සැකකරු මැයි 6 දා අත්අඩංගුවට ගෙන ආරක්‍ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය මත රඳවාගෙන ප‍්‍රශ්න කළ බවයි. එසේම සිද්ධිය සම්බන්ධව තවත් සැකකරුවන් කිහිප දෙනෙකු රැඳවාගෙන ප‍්‍රශ්න කරන බවත් මෙවැනි සිදුවීමක පරීක්‍ෂණ දැඩි සංකීර්ණ බවත් පැවසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව 1979 අංක 48 දරණ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඉ හා උ වගන්ති ප‍්‍රකාරව සැකකරුවන් ඉදිරිපත් කරන බවද පැවසීය.

තවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයේ අවධානය යොමු කරමින් කියාසිටියේ සයින්දමර්දු, කල්මුණේ, වනාතවිල්ලූව හා නාරම්මල ආදී ප‍්‍රදේශවල තිබී හමුවූ නඩු භාණ්ඩ ද ඉදිරිපත් කරමින් බවයි.

එහිදි සැකකාර වෙඩිබෙහෙත් අලෙවි කළ දෙදෙනා වෙනුවෙන් කරුණු කී නීතිඥයින් පෙන්වාදුන්නේ දැනට රක්‍ෂිත බන්ධනාගාරයේ පසුවන වැන්සස් ලාසරස් හා විජිත ජයරත්න නමැති තම සේවාදායකයින් නීත්‍යනුකූල බලපත‍්‍ර සහිතව එම ව්‍යාපාරයේ නියැලෙන බවයි. 2019 වසර සඳහාද එම බලපත‍්‍ර වලංගු බවද නීතිඥවරු අධිකරණයට කියා සිටියහ.

එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යළිත් කරුණු දක්වමින් කියාසිටියේ බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් පුපුරණ ද්‍රව්‍ය ත‍්‍රස්තයින් අතට පත්ව තිබූ බවට විමර්ශන අනුව හෙළිවූ බවයි.  දිවයිනේ ස්ථාන 8කදී පිපිරුම් වලට සෘජුව භාවිතා කර තිබී ඇත්තේද අදාළ සකකරුවන් නිකුත් කළ පුපුරණ ද්‍රව්‍ය බවද එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කරුණු දැක්වීය.

ඉදිරිපත් වූ සියලූ කරුණු පිළිබඳව අවධානය යොමුකළ මහේස්ත‍්‍රාත්වරිය සියලූ සැකකරුවන් අගෝස්තු 5 දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළාය.

පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥවරුන් වූ චන්දන යාපා, කැලූම් හෙට්ටිගමගේ, චමිපික ලසිතකුමාර, ආසිරි ප‍්‍රනාන්දු, ජානක වත්තේගෙර යන මහත්වරු පෙනී සිටියහ.



අදහස් (1)

සහරාන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයූ සැකකරු යළි රිමාන්ඩ්

thushara Monday, 29 July 2019 10:42 AM

ලබන වාරේදී අනිවාර්යයෙන්ම ඇප ලැබෙනවා. වැරදි කරුවන් වුනේ පල්ලියට ගිය, ජීවිත අහිමි වුණු, තුවාල වුණු අය. මෙහෙමත් නීතියක්ද ලංකාවේ? මේවට මොන නඩුද..?

:       6       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 112 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 955 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2559 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site