(බිඟුන් මේනක ගමගේ සහ නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන මොහොමඩ් සහරාන්ගේ බාල සොහොයුරියක වන මොහොමඩ් කාසිම් මොහොමඩ් නියාස් මදනියා මඩකළපුව පොලිසිය කාත්තන්කුඩි ප‍්‍රදේශයේදී අද (01) සවස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී රුපියල් ලක්ෂ 20ක මුදලක් සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.
පාස්කු ප‍්‍රහාරයට දින කිහිපයකට පෙර සහරාන් එම මුදල තමන්ට දුන් බවට පොලිස් ප‍්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත.
සහරාන් හසීම් සහ ඔහුගේ ක‍්‍රියා කලාපයන් ඇය මීට පෙර මාධ්‍ය හමුවේ දැඩි ලෙස විවේචනය කර තිබුණි.
මෙයට දින කිහිපයකට පෙර සහරාන්ගේ රියැදුරු ලෙසට සැලකෙන ගෆුර් නමැත්තා ද මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කලින් කිව්වේ සහරාන් අවුරුදු ගානකින් දැකපු නැති විදියට
අපේ මෝඩ රජවරු තමයි මේවට පළමුව වග කියන්න ඕනේ
ත්‍රස්තවාදීන් හඳුනන්නේ නෑ කියන දේශපාලුවන්ගේ කතාත් ඔය වගේම තමයි.
මේ සිද්ද වෙන දේවල් දිහා සිහි නුවනින් බැලුවම පේන දෙයක් තමයි මේ වෙන්නෙත් ප්‍රහාරයට පෙර වෙච්ච දේවල්ම මිසක් වෙන දේවල් නෙමි ආපහු දෙගොල්ල මාධ්‍යය ඉදිරියේ බලු පොරය පටන් අරන් මේක කලේ අරයා අපි නෙවි. ඒ අයගේ අරමුණ ඊලග ඡන්දෙ මිසක් වෙන දෙයක් නෙමි. ඒ හින්දම ගහේ වටේ අතු බොරුවට කපනවා අපට පෙන්න ගහ සුද්ද කරනවා කියල නමුත් මුල් තියෙන්නේ ඒ අයගේ ඔඩොක්කුවල ඒවට මොනවත් වෙන්නේ නැහැ. ඔව් මේ රටේ ඉන්න මුස්ලිම් නොවන මිනිස්සු ඔක්කොම මැරුවත් ඒ අයට මොනවත් වෙන්නේ නැහැ මොකද ඡන්ද ටික වටිනවා
ඉස්සර හිටපු රජවරුයි දැන් ඉන්න දේශපාලකයොයි අතර කිසිම වෙනසක් නැහැ.
කොහොමද වැඩේ ? කලින් කිව්ව අයියත් එක්ක කිසිම සම්බන්දයක් නැහැ කියල , ඉතින් මේගොල්ලෝ තවත් විශ්වාස කරන්නේ කොහොමද ?
කුඩු ඇල්ලුවට ඒවාට සම්බන්ද මැති ඇමතිවරු අල්ලන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට කුඩු ගෙන්න බැහැ. නමුත් විකුණන්න පුළුවන්, පාතාලය ඇල්ලුවට ඒවාට සම්බන්ද දේශපාලනය අල්ලන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට පාතාලය ගෙනියන්න බැහැ පොලිස්සියෙන් අවසරයක් තියෙන්න ඕනේ. දැන් අලුත්ම තත්වේ අන්තවාදය. මෙයත් ලේසියෙන් කරන්න බැහැ . මේ අන්තවාදය පිටුපස දේශපාලකයන් ඉන්නවා නමුත් අල්ලන්නේ නැහැ.