(නිමන්ති රණසිංහ)

ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා වූ සහරාන් මොහොමඞ් කාසිම් නැමැත්තා ගේ ඞී එන් ඒ හඳුනාගැනීම සඳහා ඔහුගේ නැගණිය කොළඹ අධිකරණ විශේෂ වෛද්‍යවරයා වෙත යොමුකරන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා මඩකලපුව බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කර ඇත.

මේ වන විට මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඞ් කාසිම් මදනියා නැමැත්තිය හෙට 10 වැනිදා සිට 15 වැනිදා දක්වා අතර කාලයේදී කොළඹ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමුකර අදාළ පරීක්ෂණයට සහභාගී කරවන ලෙසට මහේස්ත‍්‍රාත්වරයා සිය නියෝගයෙන් දක්වා ඇත.