(එෆ්. අස්ලම්)
ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සමඟ ඍජු සබඳතා පැවත්වූ පුද්ගලයින් 63 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිසිය කියයි.
තවුහීත් ජමාත් සංවිධානය විසින් නුවරඑළිය සහ හම්බන්තොට ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුහුණු කඳවුරුවල මොවුන් පුහුණුව ලබා ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
ඉස්ලාම් ධර්මයට හා ශ්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තිකයින්ගේ සුන්නි මුස්ලිම් සම්ප්‍රදායට පටහැනි ආකාරයෙන් සහරාන් විසින් දේශන කර තිබෙන බවත්, සහරාන්ගේ ජිහාඩ් මූලධර්මවාදී සංකල්පය වී ඇත්තේ ජිහාඩ් අනුගමනය නොකරන සියලු මිනිසුන් මරා දැමීම බවත්, සැකකරුවන් පාපොච්චාරණය කළ කරුණුවලින් අනාවරණය වී ඇතැයි නැගෙනහිර පළාතේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
නුවරඑළිය සහ හම්බන්තොට ප්‍රදේශවල පවත්වාගෙන ගිය ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ පුහුණු කඳවුරුවල ත්‍රස්ත දේශන මොහොමඩ් සහරාන් විසින් කරන ලද බවත් ඔහුගේ සමීපතමයෙකු වන මොහොමඩ් මිල්හාන් නැමැත්තා විසින් ආයුධ පුහුණුව ලබාදී තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලින් තහවුරු කරගෙන තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන මිල්හාන් නැමැත්තා වවුනතීව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු බවත්, සැකකරු මැද පෙරදිග රාජ්‍යයේ ප්‍රධාන රටක සැඟව සිටින බවත් පොලිසිය හෙළිකරගෙන ඇත.
මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුහු මේ වනවිට බන්ධනාගාර ගතව සිටිති.
මෙම සැකකරුවන් ඉදිරියේදී අධිකරණ අවසරය ඇතිව ත්‍රස්ත මර්දන කොට්ඨාසයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට බාර දීමට නියමිතය.
කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වමින් සිටියි.

COMMENTS
50 - 67= 83= 97%??? සිරාගේ ගණන්. අපිට උගන්වපු ගුරුවරු බොරුනේ කරලා තියෙන්නේ අපිට... දුක්ගන්නාරාලගේ කාර්යාලයට යමුද?
"සහරාන්ගේ ජිහාඩ් මූලධර්මවාදී සංකල්පය වී ඇත්තේ ජිහාඩ් අනුගමනය නොකරන සියලු මිනිසුන් මරාදැමීම බවත්, " දැන්වත් තේරෙනවද ඔය පක්ෂවලට බෙදිලා කෑ ගැහුවට රටට වෙන්න යන දේ.. සියලු සිංහලයන් ඇතුළු සාමය අගයන සියලු දෙනා එකතු වෙන්න ඕනේ.. මේ අන්තවාදීන්ට විරුද්ධව දැන්ම පෙළගැසෙන්න ඕනේ.. සියලුම මුස්ලිම් අන්තවාදීන් අත්අඩංගුවට ගන්න ඕනේ.. මොවුන්ට සහය දෙන මුස්ලිම් දේශපාලකයන්ව වහාම අත්අඩංගුවට ගන්න.