( දිනේෂ් උපේන්ද්‍ර)
වයස අවුරුදු 17ක සිසුවියක් ලිංගික අතවරයට ලක්කළ බව කියන කුලියාපිටිය ප‍්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකු අද (25) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිස් ආරංචිමාර්ග පවසයි.
එම පාසැලෙහිම 12 ශ්‍රේණියේ ඉගනුම ලබන සිසුවියක් තරප්පු පේළියේදී අතවරයට ලක්කළ බැව් කියන සිද්ධියේ වින්ධිත දැරියගේ පැමිණිල්ල මත සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.
පැමිණිල්ල ලැබීමෙන් පසුව කුලියාපිටිය ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනිය අදාළ සිද්ධිය වූ බව කියන තරප්පු පෙළ හා ඒ අවට පරිශ‍්‍රය නිරීක්‍ෂණය කිරීමෙන් හා සිද්ධිය සම්බන්ධව කිහිපදෙනෙකුගෙන් සාක්කි සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකාර විදුහල්පතිවරයා ප‍්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.
COMMENTS
දරුවන් පාසල් තුළදීත් අනාරක්ෂිත කාලයක්!!! අහෝ!!! රටකට ගිය කලක්...
කෝ අර ජේ.වී.පී. ගුරු සංගමේ? විදුහල්පති නිදහස් කරන්න කියයිද?
සමහර රටවල්වල අවුරුදු 10ක සිරදඬුවමක්... ඉන්පසු සදාකාලික වෘත්තීය තහනමකුත් ලැබෙනවා...
අලුත් වයසක්ද?
මොනවා වුණත් දරුවන්ට සේවයක් කරන ගුරු පියෙක් නේ.. මේ වතාවේ සමාව දෙමු...
මේවා හෙන ගහන අපරාධ. අවශ්‍ය නම් යන්න තිබුනනේ ගණිකා නිවාසයකට... තමන්ගේ දුවක් වගේ කෙනෙක් පාසලක විදුහල්පතිවරයෙක් අතින් අතවර විඳින්න සිදුවීම කෙතරම් ඛේදනීයද? දිනපතා පන්සිල් පද ශ්‍රවණය වන පරිසරයක හිඳ මෙවන් දෙයක් කිරීම කෙතරම් නිහීනද? මෙවන් නරුමයන්ට රජ කාලේ දඬුවමක් දෙන්න බැරි ඇයි?
අර ඉස්සර කරත්තේ බඳින ගවයන්ට කල වැඩේ තමයි කරන්න ඕනේ. 'ළමා අපචාරක' කියලා නළලේ පච්ච කෙටුවානම් තවත් හොඳයි. ගිය ගිය තැන ගැහුම් බැනුම් ගෙරවිලි ලැබෙනකොට තව කිසිවෙක් මෙවැනි වැඩ කරන්න පෙළඹෙන එකක් නැහැ.
මෙවැනි තිරිසනුන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමිය යුතුයි. අහෝ රටකට ගිය කලක්.
මේ වගේ අයට කිසිම සමාවක් දෙන්න එපා.අපි ගොඩක් විශ්වාසෙන් පාසල් යවන්නේ ළමයින්ව
මෙයාව බෙර ගන්නත් දැරිවියගේ දෙමාපියන්ට බලපෑම් කරන්නත් විදුහල්පතිගේ විනය හොඳයි කියන්නත් බොහෝ පිරිසක් සිටීවි.මෙහෙත් එහෙමයි.