(එෆ්.අස්ලම්)
මීළඟ ජනාධිපතිවරයා වශයෙන් කවුරුන් බලයට පත්වුණද උතුරේ ජාතික ගැටළුවට තෙමසක කාලයක් තුළ විසඳුම් දිය යුතු බවත් නොවන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් උතුරු නැගෙනහිර පළාත් තුළ ජනමත විචාරණයකට යන බවත් ස්වාධීන ජනාධිපති අපේක්ෂකයෙකු මෙන්ම හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය.
අවසන් යුද සමයේදී සිදුව ඇති යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් තුළින් යුක්තිය ඉටුකරමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදිය යුතු බවත් එය සිය ප්‍රධාන අරමුණ බවත් සිවාජිලිංගම් මහතා කියා සිටියේය.
කාලීන දේශපාලන තත්වය පිළිබද සිය දේශපාලන ස්ථාවරය පිළිබද මාධ්‍ය වෙත අද (29) වැනිදා අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.
මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ අපේ දෙමළ ජනතාව වෙනුවෙන්.දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදිය යුතුයි.ඒ නිසාවෙන් දෙමළ දේශපාලන පක්ෂ පහක් විසින් පසුගියදා ඉල්ලීම් 13කට බලකරමින් අත්සන් කළ ගිවිසුම තමන් පිළිගන්නවා.මම ඉන්න ස්ථාවරයත් ඒකම මතයි.
නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණයෙන් පස්සෙ සජිත් ප්‍රේමදාස හෝ ගෝඨාභය රාජාක්ෂ හෝ කවුරුන් බලයට පත්වුණත් ඒ පත්වන නව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට මාස තුනයි ලබා දෙන්නේ.
මාස තුනක ඒ කාලය තුළ අනිවාර්යෙන්ම උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට විසඳුම් ගෙන ආ යුතුයි.නැතිනම් අපට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් උතුරු නැගෙනහිර ජනතාව මධ්‍යයේ ජනමත විචාරණයක් සිදුකර විසඳුම් ගෙන ඒමට සිදුවේවි.
අන්තිම යුද්ධය වෙලාවේදී ශ්‍රී ලංකා හමුදාව අතින් සුවිශාල දමිළ මිනිස් සංහාරයක් සිදුවුණා.මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් මානව හිමිකම් කවුන්සිලයේත් මැදිහත් වීමෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළයුතුව තිබෙනවා. ඒවාට සම්බන්ධ සියලු පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙනැවිත් යුක්තිය ඉටුකරළිය යුතුයි.‘‘යැයිද සිවාජිලිංගම් මහතා කීය.
COMMENTS
දැන් මේ අන්තවාදියා කියන විදිහට මොනවද ඔවුන්ට තියෙන ප්‍රශ්න ?
අනේ පලයන් සිවාජි යන්න ඔයිට වඩා තර්ජන ප්‍රභාකරන් දැම්ම උඹ මානව හිමිකම් යන්න කලින් පරලොව යාවී කියා මට හිතෙනවා.
මේ වගේ අන්තවාදී පිස්සන් අපේ පැත්තෙත් ඉන්නවා. මේ මෝඩයන් ඉවත් කිරීම සදහා තමයි ඡන්ද පවත්වන්නේ. විකුර්ති ජාන සහිත මේ මනුස්සයෝ රටක විනාශයට තමයි හේතු වන්නේ.
අපට කොටින්ගෙන් වූ හානියට වගකියන්නේ..ඔබද ?
ඔබතුමාගේ ඉල්ලීම් සජිත් මහතා සලකා බලයි.
එතකොට කොටි සංවිධානය විසින් කුරිරු ලෙස මරා දැමු අහිංසක සිවිල් වැසියන් සහ ස්වාමින් වහන්සේලා ගැන සිවාජිලිංගම් වග උත්තර බදිනවද... මායිම් ගම්මාන අසල සිටි අපිට තවමත් මතකයි කොටි සංවිධානය විසින් කුඩා දරුවන්, ගර්භනී කාන්තාවන් ඇතුළු ඔවුන්ට අසුවුණු සියලුම දෙනා මරා දැමු අයුරු. ගර්භනී කාන්තාවන්ගේ කුස පලලා නුපන් දරු පැටවුන් එලියට අරන් මරා දමා තිබුණා. ඔය ඊනියා මානව හිමිකම් සංවිධාන සහ වෙනත් ත්‍රස්තවදින්ටම කඩේ යන රාජ්‍ය නොවන සංවිධාන නිදගෙනද හිටියේ. කොටි සංවිධානය විනාශ කළ කෝටි ගණනක රාජ්‍ය දේපල වල වටිනාකම නැවත ගෙවනවද.. ඔවුන්ගේ අත්අඩංගුවේ පසුවූ හමුදා නිලධාරීන්ට සිදුවුයේ කුමක්දැයි පැහැදිලි කරනවද... සිවාජිලිංගම්ට කැක්කුම තියෙන්නේ සාමාන්‍ය සිවිල් ද්‍රවිඩ සමාජය ගැන නම් මගෙත් කිසිම තර්කයක් නෑ. නමුත් කොටි සංවිධානයට මේ කඩේ යාම තරයේ ප්‍රතික්ෂේප කරමි. සිවාජිලිංගම්ට ඔහුගේ ජාතිය ගැන යම් කැක්කුමක් ඇත්නම් ඊට වඩා සිය දහස් ගණනකින් කැක්කුමක් මට මගේ ජාතිය ගැන තියනවා.
මහත්තයෝ, ඔය කියන කොන්දේසිවලට යටත් වෙලා වැඩක් කරගන්න පුළුවන් එකම පුද්ගලයා මේ සමණළ ආණ්ඩුවේ ඉන්න අගමැතිතුමා විතරයි.ඒකත් කෙරෙන්නේ නැත්නම් තමුන්නාන්සේලාට මේ වගේ දෙවල් හීනයක් විතරයි.තමුන්නාන්සේලා වගේ සුලු ජාතීන්ට ඔය කියන කොන්දේසි ඉටුකරන්න ගියොත් අනිත් සුලු ජාතිනුත් තමන්ගේ ආයිතිවාසිකම් ඉදිරිපත් කරයි.මේ රටේ තමුන්නාන්සේලාට විතරක් නෙමෙයි ප්‍රශ්න තියෙන්නෙ.රටේ ජනතාවට ඔයිට වඩා දැවෙන ප්‍රශ්න තියෙනවා.ඒ නිසා දෙනදේ කාලා වෙනදේ බලාගෙන ඉන්න මහත්තයෝ.
ගෝඨාගේ අවශ්‍යතාවය තදින්ම දැනේ
කොයියම්ම කෙනෙකුවත් මෙයාගේ කොන්දේසි වලට හෝ වෙන යම් ඉල්ලීමකට ඇහුම්කන් නොදිය යුතුවේ. එයාට පුළුවන් දෙයක් කරන්න කියන්න.
මෙයාට මෝදි සමග එකතුවෙලා දකුණු ඉන්දියාවේ කොටසක් ඉල්ලාගෙන පරණ නෑයෝ සමග රාජ්‍යයක් හදන්න කියන්න.
මේ හිස් ඉල්ලීම් පිළිබඳව කිසිඳු අපේක්ෂකයෙක් ප්‍රතිචාර නොදක්වා සිටීමයි ඥාණාන්විත...