අජන්ත කුමාර අගලකඩ සහ සුජිත් හේවාජුලිගේ
රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද පැවැති සර්ව පාක්ෂික හමුව එකඟතාවකින් තොරව අවසන්වූ බව වාර්තාවේ.
ආන්ඩුව වෙනුවෙන් සහභාගී වූ පක්ෂ නායකයන් මහින්ද රාජපක්ෂ මහතා ඇගමැති ධුරයට පත් කිරීම සාධාරණීකරණය කරමින් හා ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව නීත්‍යනුකූල නොවන ව පවසමින් කරනු ඉදිරිපත් කර තිබිණි. විපක්ෂය වෙනුවෙන් සහභාගී වූ පක්ෂ නායකයින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගත නොහැකි බව පවසමින් කරුණු දක්වා ඇත.
COMMENTS
ජවිපෙ තීරණය නිවැරදියි. මේ ජාතික අර්බුධය විසඳන්නේ නැතිව නිකන් බොරුවට කල් මරනවා. ජාත්‍යන්තරය ඉදිරියේ රට තවත් අවමානයට ලක් නොකර ජනපති වහාම බහුතරයේ මතයට හිස නැමිය යුතුයි.
ජනාධිපති බහුතර බලය පිළිනොගෙන මහා මැතිවරණයකින් පැරදුනු තමන්ම පෙරදී දොස් කිව් කණ්ඩායමකට බලයදී රටම අවුල් වියවුල් බවට පත්කලා. මේ උප්පරවැට්ටි වලට තවත් නොරැවටී ජනාධිපති ව්‍යවස්ථා විරෝදී බවට පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගෙන අධිකරණයට ගොස් ඔහුගේ ධුරය අහිමි කිරීමට ඕනෑතරම් සාක්ෂි තිබෙනවා. වහාම කලයුත්තේ එයයි.
අපි දන්නවා ඕක කොහොමත් ඔය විදිහට ඉවර වෙනවා කියලා. රටේ අවාසනාව තමා ඉතින්.
සර්ව පාක්ෂික සමුළුවකට මෙය විසදිය නොහැක. ජනාධිපති කල වරද නිවැරදි කලයුත්තේ ඔහුම තමයි. බයිලා අපිට එපා.
රජවරු නොදුවති. අපට දුවන පනින පමණක් නොව නටන රජ කෙනෙක් ඇත.
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් ඕනෑ. නිසි ලෙස සම්මත වුන විශ්වාසභංග කියන්නෙ ඒකයි.
එකම විසදුම මහජන ඡන්දය. යන්න බයයි නේද?
ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී තත්වයකට නායකත්වය පත්වීඇත .
මහජන ඡන්දයට පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතුය .
ඡන්ද අවශ්‍ය නැහැ දැන්මම. ඒවා තීරණය කල දිනයට වෙයි ..