IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සිරිල් ගාමිණි පියතුමා ගැන අධිකරණයට පැමිණිලි කරන්න නියෝග

(නිමන්ති රණසිංහ)

රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා කළ පැමිණීල්ලට අදාළව ප්‍රකාශයක් ලබා දීමට නොපැමිණීමෙන් රජයේ නිලධාරියකුගේ නියෝගයකට අවනත නොවීම පිළිබඳව සිරිල් ගාමිණී පියතුමා සම්බන්ධයෙන් අධිකරණයට පැමිණීල්ලක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (05) නියෝග කළේය.

අදාළ පැමිණීල්ල සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා කුරණ, මීගමුව, ශාන්ත ආනා දෙව්මැදුර භාර සිරිල් ගාමිණී පියතුමාට දෙවතාවක් පැමිණීමට දැනුම් දුන්නද ඔහු නොපැමිණී බවත්, එය ලංකා දණ්ඩ නිති සංග්‍රහ පනතේ 164 සහ 174 වගන්ති ප්‍රකාරව වරදක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ 1979 අංක 19 දරන අපරාධ නඩු විදාන සංග්‍රහ පනතේ 109 (6) වගන්ති ප්‍රකාරවය.

ඒ අනුව, සිරිල් ගාමිණී පියතුමා රාජ්‍ය නිලධාරියකුගේ නියෝගයකට අවනත නොවීම සම්බන්ධයෙන් අධිකරණයට පැමිණීල්ලක් ඉදිරිපත් නොකළේ මන්දැයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව සිරිල් ගාමිණී පියතුමන් සහ වෙනත් පාර්ශ්ව කිහිපයක් තමන් අපකීර්තියට පත්කිරීමේ අරමුණීන් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණීල්ලට අදාළව ඉදිරිපත් වූ මෝසන් පත්‍රයකට අනුව ඊයේ (05) මෙම කරුණු ඉදිරිපත් විණී.

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 25 වැනිදාය.

 



අදහස් (21)

සිරිල් ගාමිණි පියතුමා ගැන අධිකරණයට පැමිණිලි කරන්න නියෝග

ජයන්ත මිලානො Friday, 05 November 2021 07:07 PM

කතෝලිකයින් පාරට බස්සන්‍නයි ආණ්ඩුව සැරසෙන්නේ... පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉශ්ඨ නොකර මිනීමරුවන් ගැන කතාකරපු කෙනාව ප්‍රශ්න කරන්න ගන්නවා. අනුබල දීපු අය නිදැල්ලේ....

:       114       41

Saman Jayasinghe Friday, 05 November 2021 09:20 PM

එයා කතාකලේ ඒ ගැන නෙවෙයි. රජයේ නිලධාරීන්ට සාක්ෂි නැතිව අපහාස කරලා තමන්ගේ තනතුරට මුවාවෙලා ඉන්න හදන එකයි කළේ...

:       27       86

බණ්ඩාSaturday, 06 November 2021 12:45 AM

මීලඟ ආණ්ඩුව මේ ගැන බලාගනියි. එදාට බලමු මොකද වෙන්නේ කියලා.

:       10       1

Jude Friday, 05 November 2021 09:59 PM

ක‍තෝලිකයන් මේ ආණ්ඩුව ආපු දවසෙ ඉඳන් පාරට බැහැල, කලු කොඩි උස්සලා, හෙන විප්ලවයක් කරනවනේ. හිතන්න ආපහු සජිත් ඇතුලු කණ්ඩායම ආපු ගමන් ඔය විරෝධතා සේරම අකුලගෙන ලස්සනට පැත්තකට වෙලා ඉඳී. බෝම්බ ප්‍රහාරය එල්ල වුනත් මීගමුව එජාපෙ දිනුව බව අපට මතකයි. අදත් ලැජ්ජ නැතුව සජිත් එක්ක සාකච්චා කරල තිබුනේ.

:       1       16

BamunuarachchiFriday, 05 November 2021 10:03 PM

මේ කියන්නේ පුදුම කතාවක්නේ. ඇයි කතෝලිකයින් නීතියෙන් නිදහස්ද?

:       3       10

SenadeeraFriday, 05 November 2021 10:03 PM

අනේ මේ. හතර අතේ බොරු කියලා නාගෙන එනව මෙතන පාස්කු ප්‍රහාරයට මුවා වෙන්න.

:       0       11

BamunuarachchiFriday, 05 November 2021 10:08 PM

හලෝ කටින්ද කතාකොරන්නේ 2015-2020 දක්වා කාලයේ යුක්තිය ඉෂ්ට උනානම් පාස්කු දින ප්‍රහාරයක් වෙන්නේ නැහැ.

:       4       10

FedricFriday, 05 November 2021 10:09 PM

දැන් ඔයාලා සාක්කි හොයාගෙන, වැරදිකාරයොත් හොයාගෙන ඉවරයිනම් තවත් මොකද්ද යුක්තිය ඉල්ලලා කෑ ගහන්නේ? තවත් පොලීසියෙන්, හමුදාවෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඔයාලට ඕන ඇත්තටම වැරදිකාරයො හොයන්න නෙමේ. දේශපාලන සතුරාව මර්ධනය කරන්න.

:       0       9

samanSaturday, 06 November 2021 12:36 PM

ඇයි වෙනම නීතියක් ඕනද?

:       0       4

Deepal Nirosh Friday, 05 November 2021 08:01 PM

අධිකරණ තීන්දුව හිස නමා පිළිගන්නවා. හැබැයි දැන් නම් පාස්කු ප්‍රහාරයේ නො හඳුනන හෝ සැඟවුනු හෝ මහ මොළකරුගේ ඥාය පත්‍රය නම් තිතටම ක්‍රියාත්මක වෙනවා වගෙයි..

:       65       30

බද්රානි Friday, 05 November 2021 08:45 PM

මහා මොලකාරයෝ, මුස්ලිම් අන්තවාදී තරුණයින්ව යොදාගෙන බෝම්බ ප්‍රහාරය සිදුකලාසේ, ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් හඬක් නගන ගරු, සිරිල් ගාමිණී පියතුමාටත් ඔවුන්ගේ සගයින් යොදාගෙන දඬුවම් කරන්න තමයි මේ සැලසුම් කරන්නේ. ප්‍රහාරයට පැය කිහිපයකට කලින් බුද්ධි අංශ ලොක්කන්ට ලැබුණු දුරකථන ඇමතුම ගැන දැන් කතා නැහැ නේද? ඒ පිලිබවැව හා ප්‍රහාරයේ මහා මොළකරුවන් ගැන ප්‍රශ්න කරද්දී, ප්‍රශ්න අහන අයව දඬු කඳේ ගැසීමට සැරසෙන්නේ මහමොලකරුවන්ගේ උවමනාවට බව පැහැදිලියි . හිතාගෙන ඇති කැලා නීතියෙන් ගැලවුනාට, විශ්ව ධර්මයේ නීතියෙන් ගැලවෙන්න.

:       16       2

ගමේ එකාලා Friday, 05 November 2021 09:33 PM

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු, මිනිමරුවෝ නිදහසේ නිදැල්ලේ.. ඇත්ත කියපු පියතුමා අත් අඩංගුවට ගන්න හදනවා. බලලෝභී දූෂිත දේශපාලුවන් රට අවුලවන්නයි හදන්නේ...

:       71       38

ජල්තරSaturday, 06 November 2021 07:26 AM

ඒ කියන්නේ ඔයා දන්නවා මේකෙ සුළමුළ..? බලලෝභී නැතුව කියන්නකෝ කවුද මහ මොළකරු කියලා. ඔයාගේ කතාවේ හැටියට ඔයා හැමදේම දන්නවා නොවැ.

:       0       8

sujeewaSaturday, 06 November 2021 09:13 AM

ඇත්ත කියන්න ඕනේ අවශ්‍ය තැනට මිසක් පාලු ගෙයි වලන් බිදිනවා වගේ අඩමානෙට හතර අතට වනලා නෙවෙයි. තමන් දන්න ඇත්ත කියන්න ඕනේ අදාලම තැනට තමයි ඒන්න කියලා තියෙන්නේ. ඇත්ත දන්නවනම් යන්න බය වෙන්න ඕනේ නැහැ.

:       0       12

Demuni Uduwara Friday, 05 November 2021 10:23 PM

රජයට බෙදීම් අවශ්‍යයි; ව්යාපෘතිය ආරම්භ කර ඇත!

:       9       2

නිරාගමික Friday, 05 November 2021 10:29 PM

සාමාන්‍ය මිනිහෙක් මෙහෙම කතාවක් කිව්ව නම් එදාම හිරේ. බොරු ඇදබාන ලොකු අය නිදැල්ලේ.

:       0       9

Kasun Friday, 05 November 2021 10:32 PM

හරිම කණගා‍ටුයි. අගරදගුරුතුමා බොහොම මහන්සියෙන් ගොඩනගපු සංහිඳියාව

:       0       5

Siththi Friday, 05 November 2021 10:34 PM

අපිට නම් දැන් සාධාරණ සැකයක් තියෙනව හරීන් ප්‍රනාන්දු කිව්ව වගේම මේ පියතුමන්ලත් ප්‍රහාරය ගැන කලින් දැන හිටිය කියල.

:       0       10

sumudu Saturday, 06 November 2021 05:17 AM

ජනාධිපති අය ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව එලියට දාන්නේ නැත්තේ. ? එතකොට කතාව ඉවරයි නේ.

:       7       0

Perera Saturday, 06 November 2021 07:43 AM

තෙපරබාන්නේ නැතුව හරියට කරන දෙයක් කරන්න.

:       0       5

Bamunuarachchi Saturday, 06 November 2021 09:50 AM

නීතිය ඉදිරියේ මෙතුමා සාමාන්‍ය පුද්ගලයෙක්. එමනිසා නීතිය ක්‍රීයාත්මක කරන්න

:       3       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2080 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site