
(නිමන්ති රණසිංහ)
රාජ්‍ය බුද්ධි සේවගේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුව හමුවේ පෙනී සිටිමට නියමිතව ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
මෙම සිද්ධියටම අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද 15 පෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක අංක 1 ට පැමිණෙන ලෙසට දැනුම් දීමක් කළ බව එම දෙපාර්තමේන්තුව පවසයි .
මෙයට පෙර අවස්ථා දෙකකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිරිල් ගාමිණී පියතුමන්ව ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැදවූත් එතුමා එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණීයේ නැත.
තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි සඳහන් කරමින් එය වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් සිරිල් ගාමිණී පියතුමා ඉකුත් නොවැම්බර් 02 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළහ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පෙත්සම ඉකුත් 08 වෙනිදා සළකා බලමු ලැබූ අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ සිරිල් ගාමිණී පියතුමන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බවය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ විකාරය? මෙයා වීරයෙක් වෙන්නයි හදන්නේ. ෂහරාන් එක්ක බුද්ධි නිලධාරියෙක් සම්බන්ධකම පැවැත්තුවා කියන එක ඇත්ත නම් බය නැතුව ඇවිත් උත්තර දෙන්න. මොකද හැංගෙන්නේ...? ඔබේ ඒ ප්‍රකාශය නිසා අර බුද්ධි අංශ නිලධාරියාට වුණු මානසික බලපෑම ගැනත් හිතන්න. පල්ලියේ මොනවා කිව්වත් කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. ආගමේ ඉගැන්වීම නිසා. ඒවා එළියේ හරියන්නේ නැහැ. අපි ප්‍රශ්නකරනවා ඔබ කොහොම ද ගන්නේ ඒ ගැන අපිට කියන්න කියා.
බෝම්බ ගහපු උන් නිවැරදි වෙලා බෝම්බ කාපු එවුන් වැරදි වෙන්නයි යන්නේ
හොරු නිදහස් කරලා සභාපතිකම් දෙන ආණ්ඩුවක් යටතේ පියතුමා උසාවි නියෝගයක් ගන්න ගිය එක ගැන කාට හරි අමාරුවක් තියනවද ?බුද්ධි අංෂ නිලධාරියා ට එයාගේ පව්ලේ ය ගැන හැදිච්ච රුදාව මැරිච්ච 300 ගැනවත් සදාකාලිකව අභාදීත වෙච්ච අය ගැනවත් පහල වුනේ නැද්ද ?පියතුමාට ඇත තිබ්බානම්