(නිමන්ති රණසිංහ)
මියගිය රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළ නඩුවේ නඩු භාණ්ඩයක් වූ ”සිරිලිය සවිය” වැඩසටහනට ලබාදී තිබූ ඩිෆෙන්ඩර් රථයේ මානව ජෛව කොටස් , වෙඩි ද්‍රව්‍ය සහ ඇඳුම් කොටස් අන්තර්ගත වී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා රජයේ රස පරීක්ෂකවරයා වෙත අද (19) නියෝග කළේය.
තම දෙපාර්තමේන්තු භූමියේ ගාල්කර ඇති මෙම ඩිෆෙන්ඩර් රථයේ මානව ජෛව කොටස්, වෙඩි ද්‍රව්‍ය සහ ඇඳුම් කොටස් අන්තර්ගත වී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා ලවා පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
COMMENTS
මොන පිස්සුද? දැන් අවුරුදු කීයක් වෙනවද? ගේම දුන්නු දවසට පහුවෙනිදාම ෆුල් සර්විස් එකක් දාන්න ඇති.. දැන් හොයාගන්න වෙන්නේ කොටස් තමයි.
අම්මපා බාලගිරි දෝසේද මන්දා? අවුරුදු තුනකුත් පහුවෙලා පච යහපාලනයට... වාර්තාව එන්නේ අඟහරු ලෝකෙන්ද? අද නෙවෙයි හෙට කියකියා ඉන්නේ...
දැන් යන විදිහට මේවා දාන්න පුළුවන්නේ.. නඩුව හදාගන්න බැහැ ඒ විදිහට...
අම්මා කෙනෙක් එකතු වෙලා පුතා සමග තවත් පුතෙක්ව මරන්න තරම් පුළුවන්කමක් ආවේ කොහොමද කියලා හිතන්නවත් බැහැ.
අනේ මෙහෙමත් විහිළු... මේ අපරාධය කරපු අය මුලදී ටිකක් බයෙන් හිටියා... දැන් ඒ අය දන්නවා මේ ඩ්‍රාමා එකක් බව... මහින්ද, රනිල් හමුවෙලා මේවා ශේප් කරගත්තා මතක් කරන්න ඇතිනේ.. ඉතින් බලනකොට නියම අපරාධකාරයෝ ඉන්නේ පර්ලිමේන්තුවේ විධායකයේ මහිමයෙන් යටගහපල්ලා සේරම අපරාධ හොරකම් අවනීතිය, ලැජ්ජවෙන්න ඕනෑ කොහොමද පාකිස්තානයේ ඉම්රාන් ඛාන්... අන්න මිනිස්සු..
මේ නඩුව අහලා එකලාසයක් කරන්න. ඒ කියන්නේ අහක දාන්න. තව අවුරුදු හැට හැත්තෑවක් වත් ගත වේවි කියලා හිතෙනවා. ඊලඟට හොයාවි වාහනේ රෝදවලට හරි ගානට හුලන් ගහලා තිබුනද කියලා ! !
මේ යනවිදියට ඩිෆෙන්ඩරය හැදුව කොම්පැනියෙන් මේක ඒගොල්ලෝ හදපු එකක්ද කියල වාර්තාවක් ඉල්ලුවොත් එකත් පුදුම වෙන්න බැරි නැහැ