(රංජන් කස්තුරි)
මහා පරිමාණ ව්‍යාපාරිකයන් තිදෙනකුට අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර තුනක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි..
ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි මේවන විට සකස් කර ඇති අතර එම බලපත්‍ර මේ මස 31 වැනිදිනට පෙර නිකුත් කිරීමට නියමිත බවද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට මත්පැන් නිෂ්පාදනයේ නිරත මහාපරිමාණ ව්‍යාපාරිකයින් තිදෙනකුට අලුත් නිෂ්පාදනාගාර තුනක් පවත්වාගෙන යාම සඳහා මෙම බලපත්‍ර නිකුත් කරන බවද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග තහවුරු කළේය.
මේ වනවිට ශ්‍රී ලංකාවේ මත්පැන් නිෂ්පාදනාගාර 25ක් ක්‍රියාත්මක අතර ඇතැම් මත්පැන් නිෂ්පාදකයින් බදුවංචා සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයිද මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
මතට තිත. බම්බුව තමයි.
කන්න නැතිනම්, පාරෙ වැටෙනකන් බොන්න හරි දෙන්න.
ඒක තමයි... එක්කෙනෙක් පහුගිය දිනවල නිතර උඩුබුරන්න පටන් ගත්තේ. බිව්වාම සමහර පිරිමි උදවියට ගෙදර අමතක වුණාට ස්ත්‍රී පක්ෂයට අමතක වෙයිද? නුඹලා බීපු තරමට අපිට රජ මගුල්..
කන්න නැතත් බොන්න තියෙනවා....
කඩේ යන එහෙයියන්ට මේවාට විරුද්ධ වීමට කශේරුකාවක් නැහැ. මිනිසුන් මේවා බීලා හදාගන්න ලෙඩරෝග වලට බෙහෙත් කිරීමට වැයවන්නේ ජාතික ධනය. ඒ කෙසේවෙතත්, දේශපාලකයින්ට වුවමනා වන්නේ, මත්පැන් නිෂ්පාදකයන්ගේ මඩිය තරකිරීම පමණයි.
ඔන්න රටේ තියෙන දැවෙන ප්‍රශ්නවලට නියම විසඳුම්... කවුද කියන්නේ සර් ෆේල් කියලා.
මේවා හදලා අපනයනය කරලා ඩොලර් හොයපල්ලා, මේකේ ඔවුන්ගේම කැවුතු දියකරන්නේ නැතුව...
අඩුමගානේ තරුණ පරම්පරාවවත් බේබද්දන් නොවුණොත් මේ රටගැන යම් අනාගත බලාපොරොත්තු තිබිය හැක.
රටේ තිබෙන මත්පැන් නිෂ්පාදනය මදිවෙලාද අළුතින් තවත් නිෂ්පාදනාගාර ඇතිකරන්නේ..? රටට අවශ්‍ය කර්මාන්ත වලපල්ලට යවන අතරේ මත්පැන් කර්මාන්තයට මෙතරම් ව්‍යාප්ත කරන්නේ බේබද්දන් වැඩිකරන්නද?
අරක්කු ජොනියා ගොඩේ ගොඩ..!!!
පොහොට්ටුවට ඡන්දය දීපු බේබදු ජනයාගේ බලාපොරොත්තු ඉටු කර ඇත.
මේ මිනිසුන් ගොඩක් ඒක වැරදි විදහටයි දකින්නේ. අපේ රටේ මිනිසුන් වතුර තිබහට වතුර බොනවා වගේ මත්පැන් බිව්වාට ඒකට කවුරුත් පලි නෑ. අප සිටින රටවල්වල මත්පැන් සාමාන්‍ය බීමවර්ග වගේ සෑම කඩයකම ගන්න පුලුවන්.. ඒත් අපේ රටේ වගේ වෙරි වෙනකම් බොන මිනිසුන් නෑ. මත්පැන් පානයද ආහාර කලාව වගේම කලාවක්. මුලින් මේ මිනිසුන් තමන්ගේ ආකල්ප වෙනස් කරගත යුතුයි. මත්පැන් බොන්නේ විනෝදයට මිසක් බඩගින්නට හෝ තිබහට නොවන වග...
මත්පැන් හදලා රට යවන්න ඕනෑ. සුද්දෝ හරි ආසයි ගල් අරක්කු වලට..
සුද්දගේ ව්‍යාපාර එදත් හොඳින් ක්‍රියාත්මක වුණා, අදත් එහෙමයි. අපේ අයට වෙන්නේ බෝතල් එකතු කරන්න තමයි.. දේශීය කියාගෙන එන ඔක්කොම කරන්නේ විදේසෙට...
සුමිහිරි පානේ පදමට ගහලා.හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා