IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සරත් විජේසූරියට එරෙහි පැමිණිල්ලට විරෝධතා ගොනු කරන්න අධිකරණයෙන් දින දෙයි

(තිළිණි ද සිල්වා )

මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ලබන පෙබරවාරි 17 වැනි දින හෝ ඊට පෙර විරෝධතා ගොනු කරන්නැයි ඒ මහතාට අභියාචනාධිකරණය  අද (14) නියෝග කළේය.

මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහි මෙම පැමිණිල්ල අභියාචනාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු  යන මහත්ම මහත්මීන් හමුවේ අද කැඳවූ අතර එහිදී මෙම නියෝගය නිකුත් කරන ලදී.

එසේම මෙම පැමිණිල්ල ලබන පෙබරවාරි 17 වැනිදා යළි කැඳවීමටද නියෝග කෙරිණි.

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි නීතීඥ සම්පත් විජිත කුමාර සහ විශ්‍රාමික යුද හමුදා නිලධාරී අනිල් වසන්ත අල්විස් යන මහත්වරුන් විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරු හැටියට සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා නම් කරනු ලැබ ඇත.

“ උසාවිය නිහඬයි ” චිත්‍රපටය එරෙහිව අධිකරණයෙන් වාරණයක් නිකුක් කිරීම සම්බන්ධයෙන් ස්වාධීන සිනමා ව්‍යාපරය නියෝජනය කරමින් 2016 ඔක්තෝබර් 16 වැනි දින වගඋත්තරකාර මහාචාර්යවරයා විසින් සිදු කළා යැයි කියන විවේචනය ඇතළත් වීඩියෝව “ යූ ටියුබ් ” අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ  විකාශය වී ඇත.

“ ජන අරගලයක පිය සටහන් ” නමින් ග්‍රන්ථයක් එම වසරේ සැප්තැම්බර් 13 වැනි දින දොරට වැඩීමේ උළෙලේදී වගඋත්තරකරු විසින් කරන ලද කතාව මගින්ද ,  2016 වසරේ අගෝස්තු 16 වැනිදා සිරස ටීවී මගින් විකාශය කළ “ සටන වැඩසටහන හරහා වගඋත්තරකරු විසින් සිදු කළා යැයි කියන අදහස් දැක්වීම් , එම වසරේ අගෝස්තු 13 වැනි දින කොළඹ 07 පදනම් ආයතනයේදී පැවති “ හුදකලාව ” නැමැති ග්‍රන්ථය දොරට වැඩීමේ උළෙලේදී වගඋත්තරකරු වසින් සිදු කරන ලද කතාව මගින්ද , 2017 වසරේ නොවැම්බර් 19 වැනිදින පැවති අපවත් වී වඳාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවැනි ගුණානුස්මරණ උත්සවයේදී වගඋත්තරකරු “ දිවයින ” පුවත්පතට සිදු කරා යැයි කියන ප්‍රකාශ හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදු වී ඇත.

වගඋත්තරකරුගේ එම ප්‍රකාශයන් මගින් අධිකරණයත් , විනිසුරුවරුන් විවේචනය කර ඇතැයි පැමිණිලිකාර පාර්ශ්වය සිය පැමිණිල්ලෙන් පෙන්වා දෙති.

එබැවින් මේ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට දඬුවම් නොකිරීමට හේතු දක්වන ලෙසට සිතාසි නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා ගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියහ.



අදහස් (2)

සරත් විජේසූරියට එරෙහි පැමිණිල්ලට විරෝධතා ගොනු කරන්න අධිකරණයෙන් දින දෙයි

Susantha Tuesday, 14 January 2020 11:53 AM

මේ ආණ්ඩුව නිසා නිදහස් මිනිස්සුන්ටත් හිරේ යන්න වෙයි වගේ.

:       0       1

පිටිගල මිලානෝ Tuesday, 14 January 2020 12:54 PM

දඹර අමිල හිමි සහ වියන්ගොඩවත් මේකට එකතු කරන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1984 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site