(රංජන් කස්තුරි)
සිරගතවී සිටින බුද්ධි අංශ නිලධාරීන්ට පොදු සමාවක් ලබාදීමට කර ඇති යෝජනාවට තමා විරෝධය දක්වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යාංශයේ අද (26) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
බුද්ධි අංශ නිලධාරීන්ටත් රටේ පවතින පොදු නීතිය ක්‍රියාත්මක වියයුතු බවද ඔවුන් සිරගතව සිටින්නේ රටේ නීතියට පටහැනිව කටයුතු කළ නිසා යැයිද මංගල සමරවීර මහතා පැවැසීය.
ප්‍රශ්නය - සිරගතකර සිටින බුද්ධි අංශ නිලධාරීන් පොදු සමාවක් ලබාදිය යුතු බවට අස්ගිරි මහනාහිමිවරු කර ඇති ප්‍රකාශයට ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක් ද ?
පිළිතුර - මම නම් ඔය කියන යෝජනාවට විරුද්ධයි.බුද්ධි අංශ නිලධාරීන් සිරගත වී ඉන්නේ ඒ අය බුද්ධි අංශයේ කටයුතු කළ නිසා නොවෙයි.
රටේ නීතියට පිටින් කියලා ඒ අයට වෙනම නීතියක් නැහැ. හැමෝටම රටේ පොදු නීතියක් තියෙනවා. මිනීමරලානම් සුදුවෑන් වලින් මිනිස්සු උස්සලා නම් වෙනත් අපරාධ කරලා තියෙනවා නම් බුද්ධි අංශ නොවෙයි මොන අංශයේ උනත් දඬුවම් කරන්න ඕනේ.
ප්‍රශ්නය - ජාතික තව්හිත් ජමාත් සංවිධානය තහනම් කිරීමට රජය අපේක්ෂා කරනවාද ?
පිළිතුර - යම් සංවිධානයක් තහනම් කළ පමණින් අන්තවාදී කටයුතු නතර කරන්න බැහැ.මුස්ලිම් ජනතාවගේ යෝජනා ඉල්ලීම් ආදියත් සලකා බලන්න ඕනේ.
COMMENTS
අපි බලන් ඉන්නේ ඊලඟ ඡන්දය එනකන්.
මුස්ලිම් ජනතාවගේ ඉල්ලීම් මොනවාද..? ඉල්ලීම් දෙන්නේ නැහැ.
එතකොට ඔය කියන සංවිධානේ තොටිල්ලෙ දාලා නලවන්නද කියන්නෙ. මෙච්චර දෙයක් වෙලත් ඇයි සුලුවට ගන්නෙ.
මෝඩ කතා
රටකට ගිය කලක්. ඊලග ඡන්දයේදී වත් ජනතාව බුද්ධිමත් වුනොත්....
මේ හිරේ ඉන්නේ බුද්ධි අංශයේ ඉන්නා ගමන් ඒ තනතුර අවභාවිත කරමින් මිනිසුන් පැහැර ගත්තු, කප්පං ගත්තු, පෝද්දල ජයන්ත පැහැරගත්තු, ලසන්ත වික්‍රමතුංග වගේ මාධ්‍යවේදීන් මරා දාපු කීප දෙනෙක්. ඒ අයගේ සියලුම නීතිවිරෝධී වැඩ ගැන රහස් පොලිසියෙන් සාක්ෂි සහිතව සොයාගෙන තියෙන්නේ. රණවිරුවෙක්ට මිනීමරුවෙක්, කප්පම්කාරයෙක් වෙන්න බෑ, මිනීමරුවෙක් රණවිරුවෙක් වෙන්නෙත් නෑ. මේ ගැන ඇත්ත නොදැන බුද්ධි අංශයේ අය හිරේ දානවා කියන අයට තේරෙයි එයාගේ ළමයෙක් කප්පම්ගන්න කියලා මේ කීපදෙනෙක් පැහැරගෙන ගිහිං මැරුවම. මේ වගේ නීතිවිරෝධී අය අයින් කරලා, බුද්ධිඅංශය නැවත සකස්කරන එක තමයි විය යුත්තේ....
බොහොම හොඳයි... ඔය වගේ දේශපාලකයින්ට නොමිනේෂන් දෙනවට අපිත් තදින්ම විරුද්ධයි. බලමුකෝ ඊළඟපාර...
මදූෂ්ගේ නැන්දත් කියයි පුතාට නිදහසේ ඉන්න සමව දෙන්න කියලා... නීතිය කාටත් එක විදියට නවන්නේ නැතැයි කියමු..
ජිනීවා මානව කොමිසමට සහතික වල තියෙන්නේ නිදහස් නොකරන්නැයි කියායි.
මෙයාලා ඔක්කොටම ගෙදර යන්න කාලේ හරි. කල දේවල් හොදටම ඇති. තවත් මෙයාල කියන දේ අහන්න අය ලංකාවේ ඉන්නවනම් මානසික ලෙඩ්ඩු නැත්තම් මොලේ නැති අය
මෙයාගේ විනෝදාංශය ඉතින් ජාත්‍යන්තරය සතුටු කරන එකනේ.. රටට හෙණ ගහලා ගියත් කමක් නැහැ.
මෙයාගේ ඉල්ලීම නොව මහනායකවරුන්ගේ ඉල්ලීම ඉටුකොරන්න. මෙයාගෙන් රටට ජාතියට වැඩක් නැත.
ඔව්, හැමදාම කඩේ ගියේ කොටි ඒජන්තලාටනේ. ඇරත් ෆොන්සේකා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැහැ කියලා අන්තිමේ ඒ මනුස්සයා ජනාධිපති කරන්න වැඩකළා. රනිල්ට මොකුත් බෑ කියලා ඒ මනුස්සයටම හේත්තු වුණාලු.
බුද්ධි අංශ වලට පොදු සමාව එපා.. සමාව ලබා ගැනීමට ඔවුන් වැරැද්දක් කර නොමැත. ගෞරවනීය ලෙස නිදොස් කොට නිදහස් කළ යුතුයි..
සමනලයෙක් කොහොමද බුද්ධි අංශ ගැන දැනගන්නේ?
මාතර ඉන්න ස්වල්පයක් වූ මොන්ගල් ජනතාවගේ වීරයා.
එයාල එලියට ගන්න නම් එපා එහෙම උනොත් මාව දාවි ඇතුලට
මේ වගේ දේවල් දැකලා තමයි සුද්දෝ ලංකාවට ගොඩ බැහැලා බලලා කියල තියෙන්නේ ලංකාවේ අය 5 දෙනෙක් එකට තියල බැලුවහම පාට 5ක්, පෙනුමත් 5ක් ඒ අනුව මෙයාලගේ අදහසුත් පස් විදියක් විය යුතුයි. මේ රට අල්ල ගන්න පහසුයි කියල.
මේ අයට මේ ප්‍රශ්නය විසදන්න කිසිම උවමනාවක් නැත.