(හර්ෂණ තුෂාර සිල්වා)
“ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට හැකි වුවහොත් සිය පක්ෂ විසුරුවා හැර ප්‍රධාන දේශපාලන පක්ෂවලට එකතුවීමට දෙමළ දේශපාලනඥයන් කැමැත්ත පළ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රත්මලානේදී පැවැසීය.
රත්මලාන සිල්වාස් උත්සව ශාලාවේ පැවැති විද්වත් හමුවේදී ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ ප්‍රකාශ කළේය.
තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ ප්‍රකාශ කළේය.
“ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බොහෝ යෝජනා ඉදිරිපත් වුණා. ඒවා ගැන සාකච්ඡා කළා. මේ සම්බන්ධයෙන් අප බොහෝ සාකච්ඡා කර තිබෙනවා. සන්ධානය විරුද්ධ වුණ නිසා එදා එය කරගන්න බැරි වුණා.
ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ 125ක් ගැනීමට හැකි වුවහොත් අනෙක් දේශපාලන පක්ෂ සමඟ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ගන්න පුළුවනි. ඒ අනුව අදාළ සංශෝධන කරගන්න පුළුවනි.
දෙමළ පක්ෂ පිළිගන්නේ ඒකීය රාජ්‍යයක් තුළ භෞමික අඛණ්ඩතාව රකිමින් බලය බෙදීමකටයි. ජාතික ප්‍රශ්නයට විසඳුමක් හොයා දෙන්න, එවිට තම පක්ෂ අවශ්‍ය නැති බවත් ඒ පක්ෂ විසුරුවා හැර ප්‍රධාන පක්ෂවලට එකතු වෙන බවත් දේශපාලනඥයන් ප්‍රකාශ කළා. දෙමළ දේශපාලන පක්ෂ විසුරුවා හරිනවා නම් අනෙක් පක්ෂවලටත් ජාතිවාදය ආගම්වාදය ගැන කතා කරන්න, එය කරපින්නා ගෙන යන්න බැරි වෙනවා.
එතැනට එන්න ලෑස්ති බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. අපිත් එයට කැමැතියි. ද්‍රවිඩ පක්ෂ කියා අවශ්‍ය නැහැ. එදා තිබුණෙත් නැහැ.
පොහොට්ටුව හැමදාම ජාතිවාදය ගෙන යනවා. ජාතිවාදය ව්‍යාප්ත කරනවා. ජාතිවාදය අත් හැරියොත් පැවැත්ම නැති බව ඔවුන් හිතාගෙන ඉන්නවා. ජාතිවාදය අතහැරියොත් තමන්ට අනාගතය නැහැ කියා ඔවුන් හිතාගෙන ඉන්නවා. මේක ඔවුන්ට තේරෙන්නේ නැහැ.
ද්‍රවිඩ දේශපාලන පක්ෂ ඔවුන්ගේ පක්ෂ විසුරුවා හැර ප්‍රධාන පක්ෂවලට එකතු වුණොත් එයාලත් එක තැනක ඉන්නේ නැහැ. ඔවුනුත් මේ පක්ෂවලට මාරු වෙනවා. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වේවි, කැමැති අය පොහොට්ටුවට සම්බන්ධ වේවි. මෙය තේරුම් ගන්න ඕනෑ. ඉස්සරත් එහෙමයි, සමසමාජ පක්ෂය, එක්සත් ජාතික පක්ෂය විදියට තමයි"
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කීය
“බෙර ගහලා ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. අයි.එස්. සංවිධානය, අයි.එස්. ත්‍රස්තවාදය ජාතික ආරක්ෂාවට පමණක් සීමාවූ දෙයක් නෙවෙයි. පහුගිය ඉරිදා වෙද්දි අයි.එස්. නායකයා මරා දමන්න ඇමෙරිකාව සමත් වුණා. ඇමෙරිකාව ඒක ගැන බෙර ගැහුවේ නැහැ. ඒ වැඬේ කරලා තමයි ලෝකයට කිව්වේ.
අපේ ආරක්ෂාව ජාතික ආරක්ෂව නොවෙයි. අන්තර් ජාතික ආරක්ෂාවක්. අයි.එස්. සංවිධානය, අයි.එස්. ත්‍රස්තවාදය ලෝකයේ හැම තැනම තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම බාර ගත්තේ අයි.එස්. සංවිධානයයි. අයි.එස්. නායක බැග්ඩෑඞ් ජීවත්ව ඉන්නවා කියා දැන ගත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙනුයි.
අද ජාතික ආරක්ෂාව කියන්නේ රටකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ඒක 71 කැරැල්ල වගේ එකක් නෙවෙයි, අද ආරක්ෂාව කියන්නේ ජාත්‍යන්තර කරුණයි. අද ආරක්ෂාව ගැන කතා කරන්නේ ජාත්‍යන්තර වශයෙන්, සහ ජාත්‍යන්තර මට්ටමෙනුයි.
බැග්ඩෑඞ් මරා දමන්න රුසියාව, සිරියාව, ඉරාකය, තුර්කිය වගේම කුර්දිවරුන් සහාය දුන් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කිව්වා. මෙය අද ලෝකයම මුහුණ දෙන ප්‍රශ්නයයි. ගෝඨාභය රාජපක්ෂ තනියම ආරක්ෂාව දෙනව ද? නැතිනම් අප ඔක්කොම එකතුවෙලා ආරක්ෂාව තහවුරු කරනවද?
මේගොල්ලෝ කතා කරන්නේ හරියට එයාලා තනියම කරනවා වගේයි. ඒක එහෙම කරන්න බැහැ. ඔක්කොම එකතු වෙන්න ඕනෑ. එහෙම නැතුව ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. අපට ජාත්‍යන්තරද වුවමනා වෙනවා. අපට හැමෝගේම උදව් උපකාර ඕනේ. එදා අප ජාත්‍යන්තරයෙන් උදවු ඉල්ලුවාම අපට බැන්නා. ඒත් අද ජාත්‍යන්තරය එකට එකතු වෙලා ත්‍රස්තවාදය පරාජය කරන්න සටන් කරනවා.
ගෝඨාභය රාජපක්ෂ හිතන් ඉන්නේ එයාට ඔක්කොම කරන්න පුළුවන් කියලයි. ගෝඨාභය රාජපක්ෂ හිතාගෙන ඇති කට්ටියක් යවා බැග්ඩෑඞ් අල්ලගන්න පුළුවන් කියලා. එහෙම කරන්න බැහැ” යයි අග්‍රාමාත්‍යවරයා කීවේය.
අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගම්, ජාති යනාදිය යටතේ ජාතික පාසල් වර්ග කිරීම වැරැදි බව පැවැසූ අතර ජාතික පාසල් ආගම්, ජාති භේදයකින් තොරව ක්‍රියාත්මක කළ යුතු බව ද කීවේය.
අතීතයේ දී ආගමකට සම්බන්ධව ආරම්භ කළ පාසල් තවදුරටත් ඒ තත්ත්වය හා සම්ප්‍රදාය පවත්වා ගෙනයෑමට උත්සාහ කරන බව ද අග්‍රාමාත්‍යවරයා කීවේය. එහෙත් එසේ නැති එවැනි දීර්ඝ ඉතිහාසයක් නැති පාසල් එක එක ක්‍රමවේද අනුව වර්ග කිරීම වැරැදි බව අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන බොරු දැන් අපිට ඇතිවෙලා
මොකද්ද ජාතික ප්‍රශ්නය
බළලා මල්ලෙන් එලියට පනින්න හදන්නේ.
මාතියා දැන් හිටියා ඇති අප්පා.ගෙදර යන්නකෝ පවු නොදී. අපිට එපාවෙලා මාතියගේ බොරු අහලා. නයි අරින එකෙත් සීමාවක් තියෙනවනේ අප්පා. ජාතික ප්‍රශ්නය තමා මේ 225 අප්පා. මෙකොල්ලෝ ටික කෙදර ගියානම් ඔක්කොම ප්‍රශ්න එවරයි අප්පා.
සියවසේ ලොකුම බොරුව... දකුණේ මිනිස්සු හිතන තරම් මෝඩ නෑ මහත්තයෝ...
ගෙදර යද්දී ඔක්කොම ඊලාම් ටික දීලා යයි වගේ...
කෑල්ලක් දෙන්න පොරොන්දු වෙලා වගෙයි. මේ පාර ජවිපය දිනවන්න එජාපයේම කොටසකුත් ලැහැස්ති වෙලා... රනිල්ගේ සිහිනය අන්තිම සිහිනයත් ඉවරයි. ඡන්දෙන් පස්සේ යාපනයට ගිහිල්ලා ජිවිතයේ අවසාන කාලය ගෙවන්න.
ඉතාම කාලෝචිත විය යුතුම දෙයක්. ජාතින් වශයෙන් දේශපාලන පක්ෂ ගොඩනැගීම නොව ශ්‍රිලාංකිකයන් වශයෙන් ප්‍රධාන පක්ෂවලට එක්ව ශ්‍රී ලාංකිකයන් දිනවන යුගය පටන් ගැනීමට සුදුසුම කාලය පැමිණ ඇත. උතුරු නැගෙනහිර තරුණ තරුණියන් වෙනුවෙන් තාක්ෂණික රැකියාවන් හා පුහුණුව ලබාදී ඔවුන් විදේශ රැකියාවන් සදහා යොමු කරවීමට විශේෂ අවධානයක් යොමුකිරීමට මධ්‍යම රජය පියවර ගත යුතුය.
ඉස්සෙල්ලා පක්ෂ විසුරුවලා පෙන්නන්න කියන්න. නැත්තන් අර සිංගප්පුරු යාලුවා මහා බැංකුවට කරපු දේ වගේ එකක් වෙන්නේ. සල්ලිත් නෑ. අල්ලපු හොරෙකුත් නෑ.
මොකද්ද ඔවුන්ට ඇති අපට නැති ජාතික ප්‍රශ්නය? අන්තවාදී ගතිය පමණයි ඔවුන්ට ඇති ජාතික ප්‍රශ්නය... ඒක ඇත්තෙත් දෙමළ කියලා වෙන්වෙන්න හදන දේශපාලන නායකයින්ට. මෙලෝ හසරක් නොදන්න අහිංසක මිනිසුන්ගේ ඔලු විකාර කරවන්නේ ඔවුන්... ඒ පක්ෂය විසුරුවා හැර සේරම U.N.P. වෙන්නද? රට බෙදන්න නම් බෑ පුතෝ තම තමන්ගේ පෞද්ගලික ආශාවන් ඉෂ්ඨ කරගන්න. මෙදාපාර සියලු වංගු පහුකරලා කපටිකම් විපක්ෂ ගත වෙනවා.
“ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට හැකි වුවහොත් සිය පක්ෂ විසුරුවා හැර ප්‍රධාන දේශපාලන පක්ෂවලට එකතුවීමට දෙමළ දේශපාලනඥයන් කැමැත්ත පළ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රත්මලානේදී පැවැසීය." ඉතින් අහන්න දෙයක්ද? රට බෙදුවාම ඒ ගොල්ලෝ වෙනම රාජ්‍යයක්. ඉඩම් බලතල පොලිස් බලතල ලැබුණාට පසු අපිත් එක්ක පක්ෂ ගනුදෙනු අවශ්‍ය නැත. මේ ගොයියාට එක නොතේරෙන හැටි...
මේ සිංහල අපගේ රටයි... දෙමළුන්ට අයිතියක් නැත. හම්බයින්ට කොහෙත්ම අයිති නැත.